අනුර යටතේ රටයි, ජනාධිපතිකමයි, ආණ්ඩුවයි හෑල්ලුවෙලා ඉවරයි...


වත්මන් රජය මැතිවරණ පැවැත්වීමට දැඩි බියක් දක්වන බවත්, අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ ජනාධිපති ධුරය මෙන්ම මුළු රටම හෑල්ලුවට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයට 75%ක ජනමතයක් පවතින බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවත්, අවම වශයෙන් සමුපකාර මැතිවරණයක්වත් ජයග්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයකට රජය පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටු නොකරමින් මෙරට ගොවි ජනතාව, ගුරුවරුන්, මහාචාර්යවරුන්, නීතිඥයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ද ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් රවටා ඇති බවට හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.

"ලස්සන රටක්, පෝසත් රටක්" කරන බව පවසා බලයට පත් වූ රජය අද වන විට ජනතාව හිඟමනට ඇද දමා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වී කිලෝවක් සඳහා රුපියල් 154ක සහතික මිලක් ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට පොළොන්නරුව සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල වී කිලෝවක් රුපියල් 80-85 වැනි ඉතා අඩු මිලකට අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. තමන් වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ වී ගබඩා දියුණු කර ගොවියාට සාධාරණ මිලක් ලබා දුන් ආකාරය ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ඖෂධ හිඟය සහ වෛද්‍යවරුන් මර්දනය කිරීම හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් ඔහු පැවසීය. එසේම, ස්වාධීන යැයි පවසන ආයතනවලට සහ පොලිසියට රජයට හිතවත් පුද්ගලයන් පත් කර ගනිමින් එම ආයතනවල ස්වාධීනත්වය විනාශ කරමින් පවතින බවට ද ඔහු චෝදනා කළේය.

රජයේ මැතිවරණ ප්‍රකාශනයේ නොතිබූ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම සහ ලාල් කාන්ත වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් මැතිවරණවලින් ඉවත් වීමට තීරණය කිරීම හරහා රජය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය පැහැදිලි වන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.





Former Minister Raises Alarm Over Government's Electoral Fears and Economic Struggles

Former Minister Johnston Fernando has expressed deep concerns regarding the current government's apprehension about holding elections, stating that under Anura Kumara Dissanayake's leadership, the presidency and the country are struggling significantly.

Addressing a public gathering, Fernando disclosed that claims suggesting the government enjoys a 75% approval rating are misleading, emphasizing that the administration is in a precarious position, unable to secure even minimal election victories.

He criticized the government for failing to honor its commitments made prior to assuming power, leading to widespread discontent among various sectors including farmers, teachers, university lecturers, lawyers, and public servants.

Despite the government's promise of a prosperous nation, Fernando pointed out that citizens are facing severe hardships, contributing to a general sense of despair.

He further highlighted a disjuncture between government assurances and reality, citing that although the government guaranteed a price of Rs. 154 per kilo of rice, farmers in districts like Polonnaruwa and Kurunegala are currently selling rice for as little as Rs. 80-85 a kilo. He reminisced about his tenure as Trade Minister when he implemented measures to develop grain storage and ensure fair prices for farmers.

Fernando also raised alarms about the acute crisis in the healthcare sector, where a shortage of medicines and the maltreatment of physicians are exacerbating patient suffering. Furthermore, he accused the government of undermining the independence of institutions and the police by appointing individuals loyal to the regime.

He asserted that the government's recent attempts to introduce constitutional amendments without public discourse, alongside the decision of senior leaders like Lal Kantha to withdraw from elections, signal an internal turmoil within the administration.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. බොගේ චූ ගෝටා නිසා තමයි ජනාධිපතිකම බාල්දු වුනේ ගොබිලෝ....

    ReplyDelete
    Replies
    1. නෑ. ගෝඨා නිසා ජනාධිපතිකම බැබලුනා. තාම උඹලට තේරෙන්නෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එක පේන්ට් කරන එකයි, බස් 10ක් ගේන එකයි මේ රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘති කියලා හිතාගෙන ඉන්න ඔලමොට්ටල තක්කඩින්ට ඒක තේරුම් ගන්න අමාරුයි.

      කොවිඩ් අර්බුධය වගේ එකක් ජෙප්පො ඉන්නකොට ආවා නම් කොහොම වෙයිද කියලා ඩෙංගු වලින් පෙනුනා. මාස 8ක් රට සම්පූර්ණෙන්ම වහලා දාලා, මේ රටේ අමන ගොන් තඩියන්ට රුපියල් 5000 ගානේ දීලා, ගෙදරටම එලවලු මලු යවලා, නිරෝධායන මධ්‍යස්ථාන හදලා ලෝකෙ වටේ නායකයන්ට කතා කරලා එන්නත් ගෙනල්ලා විදලා අන්තිමට ඒවටත් කුණු කතා ඇහුවා.

      එහෙම වෙලා ඉන්න අස්සේ රුසියන්, යුක්‍රේන් යුද්ධෙ පටන් ගත්තා. බොරතෙල් බැරල් එක ඩොලර් 140ට වැඩි වුනා. (තොපි බැරල් එක ඩොලර් 110ට වැඩි වුනාම පෙට්‍රල් ලීටරේ 434 කරා. දැන් තෙල් බැරල් එක 84යි ඒත් පෙට්‍රල් මිල 414යි.) එච්චර කෙල වෙලා තියෙන වෙලාවේ, තොපේ සක්කිලි කිව්වා රටට ඩොලර් එවන්න එපා කියලා. උඹලගේ හොර උපාධි කෙටි කතානායක බේබද්දා තෙල් සංස්ථාවෙන් පිට වෙන බවුසර් වල තෙල් හැංගුවා. උඹලගේ ත්‍රීවිල් කාරයො ගෙදර බේසම් වල පවා තෙල් ඇදලා තියාගෙන 3000ට විකුනුවා. දැන් උන්ට මොකද වෙලා තියෙන්නෙ?

      Delete
    2. ඇත්තද? ගෝඨද කෙලෙව්වේ. ඡන්දයක් තියපන්කො පෙන්නන්න.

      Delete
    3. ගෝඨා කරපුවගෙන් 1000න් එකක් උඹලට කරන්න බැහැ.
      එතුමා නාගරික සංවර්ධන අමාත්‍යංශෙ කරපු දියුණුවෙන් දශමයක් කරන්න පුලුවන් උනාද Clean Sri Lanka එකෙන්?
      පාරක් හදන්නේ නැහැ, බෝක්කුවක් හදන්නේ නැහැ. මොන ලබ්බක්ද කරන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා අරගෙන?

      Delete
  2. උඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්‍රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. මේවා දැනගෙනම මාලිමාවට කඩේ යන කාලකන්නි පාහරයන්ට සාප වේවා!

      Delete
  3. ,තමුන් පාලනය කරන රටට හුණ්ඩුවක් කියපු එකම උකුම් පචාධිපති.

    ReplyDelete
  4. මේ කාලකන්නි ආන්ඩුව නිසා රණවිරුවො සොල්දාදුවො උනා. (කවුරුවත් නැති තැන කියන්නේ 8පාස් ආමිකාරයො කියලා) පොලීසිය බලුම වුනා.
    අධිකරණය ෆුල් ජෝක් එකක් වෙලා, ඇමතිලා නඩු තීන්දු මාස ගානකට කලින් වේදිකාවේ කියනවා. හරියටම කියන දවසට ඒ තීන්දුව ඒ විදියටම එනවා.
    ගොවියො හාන්සියි. උගස් කරපු රත්තරන් බැංකු වලට සින්න වෙනවා. ඊලඟ කන්නෙ ඉඳන් වී ගොවිතැන 30%ක් වත් වෙන එකක් නැහැ.
    කාලගුණේ පවා කෙලම වෙන විදියට එන්නේ. ගංවතුර ඇවිත් මාස 6කට පස්සේ වැව් වල පතුල පැලෙන්න පායනවා.
    පෙරහැර යන අලින්ගේ දන්වැල් ගලවන නීති ගෙනාවා, ඒත් වෙඩි තියලා මරන, හක්ක පටස් තියන දඩයම් කරන ඒවට කිසිම නීතියක් නැහැ. හරක්, එලුවො මරලා ලේ පාරවල් පුරා යනවා. ඒවට සත්ව හිමිකම් සංවිධාන මීක් නැහැ. එක වල් පරයෙක් කියනවා ඇසල පෙරහැර නිසා අන්‍ය ජාතීන්ගේ හිත් රිදෙනවා, ඒ නිසා පෙරහැර කෙටි කරන්න ඕන කියලා.
    දළඳා වහන්සේ ප්‍රදර්ශනය කරේ ඡන්දෙ ගන්න.
    මානව හිමිකම් ගැන උද්ඝෝශන කරපු කාලකන්නි වේසිගේ පුත්තු තමන්ගේ විනිසුරාගේ කාලය දික් කරන්න නීති ගේන්න බන්ධනාගාර වල මිනිස්සු මැරෙන්න ඕන කමින්ම ඉඩ දුන්නා.
    ඒකෙන් විතරක් ජීවිත 40ක් විතර නැතිවෙලා දැනටම.

    ජනාධිපතියා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියන බව ඌම කිව්වා.
    උගේ බොරු වලට අහුවෙලා මාස 6න් 6ට පඩි වැඩි වෙන්න බලන් හිටපු මෝඩ රාජ්‍ය සේවකයන්ට කෙලම වෙලා.
    තෙල් ලීටරේ 150ට ගහන්න හිටපු උන් සද්ද නැතුව 414ට තෙල් ගහගන්නවා.
    බදු අයින් වෙනකන් හිටපු මෝඩ හැත්ත සද්ද නැතුව බදු ගෙවනවා.
    ලයිට් බිල 6000 බිල 4000 වෙනකන් හිටපු ගොන් හැත්ත දැන් 6000 බිලට 8000 ගෙවනවා.
    මාලු වෙලෙන්දො හාන්සියි. කවුද රුපියල් 3000ට 4000ට මාලු අරන් කන්නෙ.
    රටේ හැම පැත්තක්ම විනාසයි. ඒත් වෙච්ච විනාසේ තරම රටට දැනෙන්නේ ඊලඟ අවුරුදු 10දි. එතකොට ආපහු බැනුම් අහන්න වෙන්නේ ඊලඟට ඉන්න ආන්ඩු වලට. පුදුම කරුමයක් මේක. මේ රටේ මෝඩ, කුහක, ඉරිසියාකාර, කාලකන්නි ඡන්ද දායකයො ඉන්නකන් රට හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. Aparade ban mechchara liyanne... Kawuruth oya hali kiyawanne na..Oita wada hodai toilet walak ihagena kapan...

      Delete
  5. රාජපක්ශලාටත් කෙලවලා, රටටත් කෙලවපු කාලකන්නියෙක් තමයි මේකා.
    මූ තමයි අර බුවනෙකබා මන්දිරේ ඩෝසර් කරලා මදිවට පොර ටෝක් දුන්නෙ.
    මුන්ව ආයෙත් කර තියාගෙන ගියොත් පොහොට්‍ටුව ආයෙත් ඇනගන්නව.

    ReplyDelete
Previous Post Next Post