ආර්ථිකය අමාරුයි කියා වැදි නායක ඉල්ලා අස්වී හෝටලයක වැඩට යයි...


රතුගල ආදිවාසී නායකත්වයේ හදිසි වෙනසක් සිදුව ඇති බවත්, මාස තුනක් වැනි කෙටි කාලයක් එම ධුරය හෙබවූ නිශාන්ත කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් අනාවරණය කර තිබේ.

බදුල්ල, දඹාන ප්‍රදේශයේ පැවැති ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට පෙර දින රැස්වූ සාම්ප්‍රදායික 'වරිගේ සභාවේදී' නිශාන්ත කුමාර මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.

තමන් මුහුණ දී සිටින පෞද්ගලික සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු එහිදී පවසා තිබේ. ඔහු මෙම ධුරයට පත්වූයේ සිය පියා වූ දානගල මහ බණ්ඩාරලාගේ සූදා වන්නියලැ ඇත්තන්ගේ අභාවයෙන් පසුවය.

කෙසේ වෙතත්, නිශාන්ත කුමාරගේ ඉල්ලා අස්වීමට බලපෑ තවත් කරුණු කිහිපයක් පිළිබඳව රැහේ ඇත්තන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි.

ඔහු ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කිරීමත්, එම හෝටලය හරහා ආදිවාසී ජනතාව සංචාරක ආකර්ෂණය සඳහා යොදාගන්නා බවටත් චෝදනා එල්ල විය. එමෙන්ම ඔහුගේ ඇඳුම් පැළඳුම් සහ චර්යාවන් ආදිවාසී සම්ප්‍රදායන්ට පටහැනි බවට ද ප්‍රජාව අතරින් විරෝධයක් මතු වී තිබූ බව වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අභාවප්‍රාප්ත සුදු වන්නියලැ ඇත්තන්ගේ සහෝදරයෙකු වන දානිගල මහ බණ්ඩාරලාගේ කිරි බණ්ඩා ඇත්තන් රතුගල නව ආදිවාසී නායකයා ලෙස පත් කිරීමට වරිගේ සභාව තීරණය කර ඇත.

මේ අතර, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ද රතුගල ප්‍රදේශයේ කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම තත්ත්වය තහවුරු වී ඇති බව පවසා තිබේ.

දඹානේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේ, ආදිවාසීන් යනු මෙරටේ ගෞරවනීය ජනකොටසක් බවත්, ඔවුන්ගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය රැකගැනීම සඳහා රජය උපරිම සහයෝගය ලබාදිය යුතු බවත්ය.





Leadership Change Among Ratugala Indigenous Community

A sudden shift in leadership has occurred within the Ratugala indigenous community, with Nishantha Kumara stepping down from his position after only three months. This change was revealed by members of the Uruwari's Vanniyala clan.

Nishantha announced his resignation during a traditional meeting of the Vanniya community held prior to the World Indigenous Peoples' Day celebrations in the Badulla and Dambana area. He attributed his decision to personal and economic hardships he has been facing.

Nishantha took on the leadership role following the passing of his father, the late Daanigala Maha Bandara's Sudha Vanniyala. However, discussions have emerged surrounding additional factors that may have influenced his resignation.

There have been allegations regarding his employment at a local tourist hotel, which some community members claim has resulted in a prioritization of tourism interests over indigenous traditions. Additionally, concerns were raised about his attire and conduct not aligning with local customs, prompting backlash from the community.

In light of these developments, the Vanniyala council has decided to appoint Danigala Maha Bandara's sibling, Kiri Banda, as the new leader of Ratugala.

Uva Province Governor Kapila Jayasekara has confirmed these changes during his recent visit to the Ratugala area. He emphasized the importance of supporting the indigenous population, recognizing them as a dignified segment of society, and noted the government's commitment to preserving their identity and culture.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. හරි නම් ඉතින් රජය මේ නායකයන්ට යම්කිසි ආධාරයක් දෙන්න ඕන. මේ මිනිස්සු තමයි ලංකාවේ මුල් අයිතිකාරයො. කොහොම උනත් ඒ හිටපු නායකයා කොන්ද පණ තියෙන පිරිමියෙක්. මේ වගේ සක්කිලි අවජාතක ආන්ඩුවකින් ආධාර ඉල්ලන්නෙ නැතුව නායක කමත් අතෑරලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ගත්තු එක.

    ReplyDelete
    Replies
    1. ඒකට උඹලා... හැමදාම හනේ හනේ පනේ කිය කිය මැරෙන්න වැටිලා ඉන්න ලොම්ත මයින පස්සෙන් යනවා. ඇයි ඉතින් අතේ පයේ වැඩක් ඉගෙනගෙන නෑ නේ. අඩුම ගානේ ගහකට නැගලා ගෙඩියක් කඩන්නවත්

      Delete
    2. අඩෝ මේ සක්කිලි බයියොංගෙන් ඔහොම ආතල් ගන්න එපා යකෝ 😂😂😂

      Delete
    3. කිංස්ලි අල්මේදාAugust 21, 2026 at 8:01 AM

      කොහොමද මුල් අයිති කාරයෝ වෙන්නේ? මුල් අයිති කාරයන්ව පාවලා දීලා විජේ එක්ක බුදිය ගත්තු එකියකගෙන් පැවත එන හින්ද ද?

      Delete
    4. සේදිරිස් අප්පුහාමිAugust 21, 2026 at 8:17 AM

      උඩින් කොමෙන්ට් 3ක් දාපු එකා සුද්දට රෙද්ද උස්සපු වැල්ලෙ වේසියෙක්ගේ පරපුරෙන් පැවතුනා කියලා වැදි ජනයා පලි නෑනේ.

      Delete
  2. නන්දා මාලනී මේ ආන්ඩුව ගේන්න සිංදු කිව්වා මදිවාට පෙලපාලි පවා ගියා. අන්තිමේ බොහෝ දෙනෙක් පිලිකුල් කරන තැනැත්තියක් ලෙස අහිකුණ්ටික අපහාස ලබමින් සිටියදී අවසන් ගමන් ගියා. ඔය අපහාස නිසා සිත් තැවුල් ඇතිවී එතුමිය අවසන් ගමන් ගිය බවයි පෙනෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපහාස විතරක් නෙමේ, රටට වෙන විනාසෙත් පේන්න ඇතිනේ.
      අරගල කවි කියලා රටට කරපු විනාසෙට මිනිස්සු හෙන ඉල්ලනකොට ඒව වැදුනද දන්නෙත් නැහැ.

      Delete
    2. අරගලේ කරලා, අහිංසක හාමුදුරුවන් එක්ක මුලු බුද්ධ සාසනයටම ගරහලා, ඒක පාගලා විනාස කරලා දාන්න තමයි පල්ලි කාක්කන්ට ඕන උනේ. කලු වෙසක් කූඩු හදලා, හාමුදුරුවොන්ට කහකඩයො කියලා බනිනකොට වටේ ඉන්න උප්පැන්න සහතිකේට විතරක් බෞද්ධ උන් ඒවා උඩ පැන පැන කරා. ඔය දැන් හම්බෙන්නේ ඒවට තමයි. දැනටම රාජපක්ශලාට නිවන් සුව පතපු ගොඩක් උන්ගේ මල ගෙවල් වලට රාජපක්ශලා ගිහින් නිවන් සුව පතලා ආවා.

      Delete
    3. "උරය පලා සැතකින් බලන් රුහිරු
      එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු....."

      ඔබ පැතූ ඒ ලොව අපි බිහිකළා අම්මේ... සුවසේ නිදන්න...

      Delete
  3. අනේ බං මේ පොරවයි කෙටේරියයි, අමුඩෙයි පැත්තකට දාල බොරුවට පොජ්ජ පොජ්ජ ගගා වැලලෙන්නෙ නැතුව සමාජෙට ඇවිත් වැඩක් කරපල්ල.. ආදිවාසීන් කිය කිය ඒක විකුනන් කන නිකමු හැතිකරේ. තොපිගෙ අමුඩෙ i phone එකකුත් ඇති බැලුවොත්. තොපිව ෆෝම් කරන උන්ට ගහන්න ඕනෙ.

    ReplyDelete
Previous Post Next Post