ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 101ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කළ යෂස්වි ජයිස්වාල් පන්දු 37කදී ලකුණු 32ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් විය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලෝකේෂ් රාහුල් ලකුණු 32ක් සහ දේවදත් පඩික්කල් ලකුණු 35ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ඕවර 27ක් අවසානයේ ඉන්දීය ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට 3.74ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, දෙරට අතර පවතින මෙම තීරණාත්මක තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය ඉතා අවම මට්ටමක පැවතීම විශේෂත්වයකි.
ක්‍රීඩාංගණයේ ඇතැම් ප්‍රේක්ෂක කුටිවල එකදු ප්‍රේක්ෂකයෙකු හෝ දක්නට නොලැබෙන තරමට ප්රේක්ෂකාගාර හිස්ව පවතින අයුරු දක්නට ලැබුණි.
ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබියදීත්, මෙලෙස ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පැවතීම කැපී පෙනෙන සිදුවීමකි.
India Set a Strong Foundation on Day One of Test Match Against Sri Lanka
In the opening day of the first Test match between Sri Lanka and India at the Galle International Cricket Stadium today (15), India concluded their first innings at a commendable score of 101 runs for the loss of just one wicket before the match was suspended for lunch.
Having won the toss, the Indian team opted to bat first. Opener Yashasvi Jaiswal was out for 32 runs after facing 37 balls, dismissing himself via a run-out as he attempted a quick single.
At the lunch break, Lokesh Rahul and Devandra Padikkal remained unbeaten on 32 and 35 runs, respectively. The Indian scoring rate stood at 3.74 runs per over after 27 overs.
However, the match's attendance has been notably low, raising eyebrows as this crucial encounter unfolds. Several spectator boxes in the stadium were visibly empty, with at times no sign of onlookers whatsoever.
Despite the Sri Lanka Cricket Board offering free admission to boost spectator turnout, the turnout remains a strikingly low figure during this significant match.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Dakune minissunta nikan nasthikaranna kalayak netha.
ReplyDeleteThat’s a good trend 👍
ReplyDelete