හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ සැප්තැම්බර් මස සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය, රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව බ්‍රිතාන්‍ය රජයේ නිල දත්ත මඟින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එය පෞද්ගලික සංචාරයක් බවට වන සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ
බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවිය (gov.uk) මඟින් ප්‍රසිද්ධ කර ඇති 'රාජ්‍ය සහ රජයේ අමුත්තන්ගේ සංචාර' පිළිබඳ විනිවිදභාවය තහවුරු කරන දත්ත වාර්තාවලට අනුව, 2023 වසරේ ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමුත්තෙකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි බවට කිසිදු සඳහනක් දක්නට නැතැයි හෙතෙම කියා සිටී.
එම කාලසීමාව තුළ බ්‍රිතාන්‍යයට පැමිණි අනෙකුත් රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් පිළිබඳ තොරතුරු එම ලේඛනවල පැහැදිලිව සඳහන් වුවද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම ඊට ඇතුළත් වී නොමැති බව එම දත්ත පිරික්සීමේදී හෙළි ව ඇත.
මෙම සංචාරය සඳහා මෙරට ජනතා මුදල් රුපියල් ලක්ෂ 166කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවියෙන් ලබාගත් මෙම තීරණාත්මක දත්ත ද ඇතුළුව සියලු තොරතුරු ඕෂල හේරත් මහතා විසින් විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත.
ජනාධිපති ධුරය දරමින් සිටියදී සිදුකළ මෙම සංචාරය නිල සංචාරයක් ලෙස පෙන්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට ඕෂල හේරත් මහතා සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
Former President Ranil Wickremesinghe's UK Visit Under Scrutiny
Former President Ranil Wickremesinghe's visit to the United Kingdom in September 2023 has come under fire following revelations that it was not conducted under any official invitation from the UK government. This information emerged through an official report submitted to the Criminal Investigation Department.
The complaint was put forth by Oshala Herath, a social and political activist, who insists that the trip was indeed a private endeavor and not a state-sponsored mission.
According to the data published on the UK government’s official website, specifically in the report detailing 'Visits by Heads of State and Government,' there is no mention of Wickremesinghe visiting the UK as an official guest from July to December 2023. Herath pointed out that this absence of acknowledgment raises serious questions.
The records clearly outline details of other current and former heads of state visiting Britain during the same timeframe, yet the name of the Sri Lankan President was noticeably missing, underscoring concerns regarding the nature of the visit.
Allegations have surfaced that the trip cost the Sri Lankan public a staggering amount of 166 million rupees, which has further fueled the outcry against potential misuse of state funds.
All pertinent information, including this significant data obtained from the UK government's records, has now been submitted by Herath to the investigators for further examination.
Herath's complaint highlights the potential misuse of public funds, asserting that the trip was misrepresented as an official state visit during Wickremesinghe's presidential tenure.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රනිලය අන්න කියනව ආර්ථිකය කඩාවැටෙනව කියල. මුගේ රස්තියාදු ගහපු සල්ලි වලින් කොච්ච්ර දේවල් කරන්න තිබුනද. පිනට ලොක්ක වෙලා රටේ සල්ලි නාස්ති කරපු මහා පින්ගුත්තයෙක්
ReplyDeleteඔව්, කොණ්ඩම් ම ගන්ඩ තිබ්බා ලක්ෂයක් විතර. ස්ටොක් කරලා තියා ගන්ඩ තිබ්බා. අපමරාදේ.
Deleteඅපේ වාහෙටනම් කොන්ඩම් ඕනෙ නෑ, මිනිහා වඳ.
Deleteඅනේ ගොනෝ
Deleteවිශ්ව විද්‍යාලය ආරාධනා කරේ. රජය නෙවෙයි
ReplyDeleteඒකට බදු ගෙවන මිනිස්සුන්ගෙ සල්ලි පලි නෑ. එක්කො උබේ සල්ලි වලින් යවන්න තිබ්බා නැත්නම් උගේ සල්ලි වලින් යන්න තිබ්බා
Deleteනිවැරදියි. ජනාධිපති නිල සංචාරයක්.
Deleteඅන්න ලපයා, හඳුනලා උන්ගේ සල්ලි වලින් රට ගිහිල්ලා පක්ෂ සංවිධාන හමුවෙනවා..
Deleteවලන් ශානී පෞද්ගලික මුදල් වලින් ප්‍රන්සේ ගිහින් වරෙන්තු තියෙන උන් හමු වෙලා එනවා..
ජෙප්පෝ රනිලා ගේ සංචාරේ නිලද කියලා බලන්න CID කාරයෝ UK සංචාර යවනවා උන්ගේ ගෙදර වියදමට තිබ්බ සල්ලි වලින්..
ගල් අගුරු වංචාවේ ජනතා බදු මුදල් නාස්ති වෙලා නෑ , ඩොලර් හැකරු කියලා වෙන ගිණුම් වලට සල්ලි මාරු කරලා ආතල් එකේ ඉන්නවා උන්ගේ ගෙදර සල්ලි නේ ..
ගොන් ඩෝබීලා කැම්රි ආතල් දෙන්නේ..
මොලේ පොඩි ජෙප්පෝ නිසා හොදයි..
සම්පූර්ණ අසත්‍ය සමාජ ගත කරන්න හදන වල් ජෙප්පො
ReplyDeleteUK anduwen release karana information hadanne UK parliament jeppoda? lol paw ban ubala.. Athulata giyama palayan suppu danna
Deleteමූට ඉංග්‍රීසි කියවගන්න බැහැ. එකයි ප්‍රශ්නේ.
Deleteපහුගිය අවුරුදු 76 දී ජෙප්පො ශ්‍රී ලංකා ආර්ථිකයට කරපු පාඩුව ඩොලර් බිලියන 200 වැඩියි. LTTE එකත් ඒ හා සමාන පාඩුවක් සිදුකෙරුවා.
ReplyDeletePure truth. Goebel's jeppo. We won't be fooled although rice eating cow's do.
Deleteඨෝං පඨෝං ඨෝං පඨෝං
ReplyDeleteමේකත් එක්ක බලන කොට අර සිදු වුණා කියලා බැගිරි ගාන ගල් අගුරු පාඩුව නොගිනිය යුතු තරම් කුඩා බව ඒ ගැන මහපොළවේ හැපී පස් කන do gooders ලා හට වැටහී යනු ඇත.
ReplyDeleteTo live 5th lane ,Ranil need minimum 20 million
ReplyDeleteSo all money were given by public
Ranil is public money waster
Fully agreed. Salute your first grade analysis.
Delete