හිස නැති මල සිරුරක් හමුවේ...


 බේරුවල දුම්රිය මාර්ගය අසල තිබී හිස සහ කඳ වෙන්ව ගිය අභිරහස් මළ සිරුරක් සොයාගත් බව බේරුවල පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මතුගම, ලිහිනියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ හිස එක් ස්ථානයකත්, බඳ කොටස තවත් ස්ථානයකත් තිබී හමුවී ඇති අතර ඔහු සතු ගමන් මල්ලක් ද ඒ අසල තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මරණය දුම්රියට පැන සිදු කරගත් සියදිවි නසාගැනීමක් ද නැතහොත් කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය විවිධ පැති ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා දුම්රියක ගැටෙනු කිසිවෙකු හෝ දැක නොමැති වීම මෙම මරණය පිළිබඳ පවතින සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී තිබේ.

මියගිය තරුණයාගේ සොහොයුරා විසින් දේහය හඳුනාගෙන ඇති අතර, මියගිය පුද්ගලයා මීට පෙර කිසියම් අපරාධ සිදුවීම්වලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව ද පොලිසිය කරුණු සොයා බලමින් සිටියි.

වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.





Mysterious Body Discovered Near Beruwala Railway Tracks

The Beruwala police have reported the discovery of a dismembered body near the railway tracks, creating a significant stir in the community.

The deceased has been identified as a 34-year-old individual residing in the Mathugama area of Lihiniyawa. Disturbingly, the head and torso were found separated at different locations.

Authorities recovered a travel bag in close proximity to the remains, heightening concerns surrounding the circumstances of the man's death. Initial investigations indicate that this incident may not be a case of suicide or mere accident involving a train, leading police to explore multiple angles, including the possibility of foul play.

Witnesses have yet to come forward, as no one has reported seeing the individual come into contact with a train, which raises further questions about how the tragedy occurred.

The victim's brother has since identified the body, and police are currently investigating whether the deceased had any prior involvement in criminal activities.

Further investigations are underway as authorities seek to uncover the truth behind this unsettling incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ඕක අජිත් ධර්මකීර්ති ගෙ... උට උපතින්ම ඔලුවක් තිබිල නෑ....

    ReplyDelete
  2. හිස නැති එකෙක් පාලනය කොරන රටක ඕක පුදුමයක් නොවෙයි

    ReplyDelete
  3. ජයලත් දුරයගේ චමින්ද ජයලත්August 22, 2026 at 7:05 PM

    කලින් පාලකයෙකුගේ වෙන්ඩ ඇති, කීයක් කියලා හිටියද, උන් එකෙක්ට වත් ඔලු තිබ්බ යෑ.

    ReplyDelete
Previous Post Next Post