රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට/බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතු වලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා විධිවිධාන හඳුන්වා දීම පිණිස එවකට අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතිය මත පනත් කෙටුම්පතක් සකස් කිරීමේ ක්‍රියාවලිය නීති කෙටුම්පත් සම්පාදක විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා 2025-06-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එම පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන හඳුනාගනු ලැබ ඇති අතර, එකී විධිවිධාන ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
New Legislative Measures Underway for Detaining Offenders at Home
In a significant move to reform detention practices, the process of drafting a legal framework has commenced, aimed at allowing suspects and offenders to be held under house arrest as an alternative to imprisonment. This initiative follows the policy approval granted by the Cabinet of Ministers at that time.
The proposed bill has received further endorsement during the Cabinet meeting held on June 23, 2025, after being presented by the Minister of Justice and National Integration for additional review by the legislative draftsman.
As part of the ongoing efforts, the Minister has identified specific provisions that must be incorporated into the draft legislation. The Cabinet approval signals a commitment to expediting the finalization of the bill, ensuring that these important amendments will enhance the existing legal framework.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
They need blood test
ReplyDeleteWho don't use ice and ganja
Should not be drug user