කුරුවිට බන්ධනාගාරයේ වෙඩි තියන්න වුනා..- ඇමති


 කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තහවුරු කරයි.

මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 15 දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූවන් කඩිනමින් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අප කළ විමසීමකදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, බන්ධනාගාරය තුළ පාලනය කළ නොහැකි මට්ටමට තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එය මැඩපැවැත්වීම සඳහා මෙලෙස වෙඩි තැබීමක් සිදු කිරීමට බලධාරීන්ට සිදු වූ බවයි.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයේ රඳවා ඇති අතර, බන්ධනාගාර පරිශ්‍රය තුළ දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.





Violence Erupts at Kuruvita Prison, Resulting in Fatalities

Chaos has erupted within the Kuruvita Prison, forcing authorities to resort to gunfire to restore order, confirmed Minister of Justice and National Unity, Harshana Nanayakkara.

This violent conflict has claimed the lives of two inmates, with the number of injured rising to 15. According to a hospital spokesperson, all injured individuals have been swiftly admitted to Ratnapura Hospital for treatment.

In a statement during our inquiry, Minister Nanayakkara explained that the situation escalated to an uncontrollable level, prompting officials to take the drastic measure of firing weapons to regain control over the facility.

To reinforce security at the prison, special task forces from the police, including the Special Task Force (STF) and riot control units, have been deployed to the site, implementing strict security measures throughout the prison premises.

In response to the incident, prison authorities and police have launched a comprehensive investigation into the circumstances surrounding the unrest.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. කලබල අවුස්සලා ආණ්ඩුවට ඕන උන්ට වෙඩි තියනවා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් නෙමෙයි

      Delete
    2. Vipakshaya kalabala athi karala wenda barida.

      Delete
  2. කක්කුස්සි කඩලා විනශ කරලද? එහෙනම් ඕක ජේවීපී වැඩක්...උන් කක්කුසි එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ....දැකපු තැන කක්කුසි කඩනවා

    🤣😂😃😄😅ඒක නම් ඇත්ත. අරගල කාලෙත් ගිනි තියපු හැම ගේකම කක්කුස්සි කඩලා තිබුනා. 🤣😂😃😄😅🤣😂😃😄😅
    ඊයා.....

    ReplyDelete
  3. මාලිමාවට චන්දේ දුන් සියළුම දෙනා එය අනුමත කරනු ලැබේ

    ReplyDelete
  4. බුද්දි තොරතුරු ලැබිලා තිබිලත් නවත්ත ගන්න බැරි උනා තියල දෙන්නෙක් එලිලුවා. මුට බුද්දි තොරතුර ලැබිල තිබුනට එල්ලන්නෙ නෑ…

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව මාරු උනාම මූට නම් කොහොමත් ඇතුලට යන්න වෙනවා. ඉස්සර මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ඇමතිලා ගියේ මීට වඩා උඩින්. නමුත් දැන් උන් ඔක්කොම පුක් වෙලා ඉන්නේ. ඒ වගේ තමයි මූටත් වෙන්නේ.

      Delete
    2. මුට බුද්ධියක් නෑ, තොරතුරු ලැබුනට වැඩක් නෑ. ඒ හින්දා එල්ලන් නෑ.

      Delete
Previous Post Next Post