ජනමත විචාරණයක් කැදවා ජනාධිපතිගේ හා පාර්ලිමේන්තුවේ කාලය දිගු කරන්න සැරසෙනවා..


 වත්මන් රජය 2027 වසරේදී ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීමට සූදානම් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ, 2028 වසරේ සිට මෙරට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින්, ඊට පෙර 2027 වසරේදී මෙවැනි ජනමත විචාරණයක් පවත්වා මැතිවරණ පැවැත්වීමකින් තොරව බලය තහවුරු කර ගැනීම රජයේ යටි අරමුණ වී ඇති බවයි.

රජයට අභියෝගයක් විය හැකි විපක්ෂයේ දේශපාලන නායකයන් විවිධ චෝදනා මත සිරගත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

පෝස්ටර් ඇලවීම හෝ සුබපැතුම් පත් මුද්‍රණය කිරීම වැනි සුළු කරුණු මුල් කරගනිමින් විපක්ෂයේ පිරිස් දඩයම් කරන රජය, කන්ටේනර් 323ක සිද්ධිය සහ ගල්අඟුරු නැව් 90ක් සම්බන්ධ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.

රටේ පවතින බලශක්ති තත්ත්වය පිළිබඳව ද අනතුරු ඇඟවීමක් කළ මන්ත්‍රීවරයා, නිසි පරිදි ගල්අඟුරු ආනයනය කිරීමට රජය අපොහොසත් වුවහොත් එළඹෙන සැප්තැම්බර් 12 වනදා වන විට රට බරපතළ විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Plans Referendum for Extension of Presidential and Parliamentary Terms by 2027

The current government is preparing to hold a referendum in 2027 to extend the terms of the President and Parliament by an additional five years, according to the Leader of the United People's Freedom Alliance, Member of Parliament Patali Champika Ranawaka.

Ranawaka made this statement while addressing the media, expressing concerns over the potential motivations behind such a political maneuver.

He elaborated that the proposed referendum is strategically timed before 2028 when the country is expected to commence repayments on foreign loans. He suggested that the government's underlying aim is to solidify its power without conducting proper elections during this crucial period.

Furthermore, Ranawaka accused the government of targeting opposition political leaders, alleging that several have been incarcerated under various charges. He criticized the regime for cracking down on minor activities such as putting up posters or distributing greeting cards while neglecting to investigate major corruption scandals involving the Container 323 incident and the mishandling of 90 coal vessels.

Issuing a warning regarding the country's ongoing energy crisis, he cautioned that if the government fails to properly import coal, Sri Lanka could face a severe power outage by September 12.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ජනමත විචාරණයක් තිබ්බත් කුජීත වෙන්න පරදිනවා.
    මුන් 22න් පස්සේ ඡන්ද අහෝසි කරලා රට සමාජවාදී රටක් විදියට නම් කරලා ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    ඔය උඹලා දුන්නේ උඹලගේ ජීවිතේ අන්තිම ඡන්දේ. මීට පස්සේ ඡන්ද නැහැ.

    ReplyDelete
  2. සාමය සමාදානය සහ නිවහල් භාවය පවත්වාගෙන යෑම සඳහා..August 17, 2026 at 12:22 AM

    බහුතර තරැණ ප්‍රජාව මැදිහත්වී පාර් ලිමෙන්තුවේ බහුතර බළය ලබාදුන්නද,අතිශයින් තීරනාත්මක, අතිශයින් සාහසික, යටත්විජිතයේ මර්ධණයේ මෙවලම..
    කන්සා තහනම ඉවත්කිරීම සඳහා භාවිතා නොකරන බහුතර බළය හිමි මාළිමා පාළකයන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොතබනා ලෙසත්..

    බළය රැකගැනීම සඳහා සියළු කූමණ්ත්‍රණය කරනා,.
    වැඩ කිරීමට අදකෂ, නීර්මාණශීළී නොවන,වංචනීක කූඨ අත්තනෝමතික වනචාරීන් ලෙසට කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,තරැණ ප්‍රජාව දැඩි මර්ධනයට ලක්කර අමාණුශික පාළණයකට සැරසෙන බව දත්ත වාර්ථා අනුව නිරෑපනය වන නිසාවෙන්

    මින් ඉදිරියට පවත්වන කිසියම්ම ජනදයකින් හෝ,.
    මහජන මත විමසුමකදී හෝ මොනම්ම ඦන්ද ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර පවත්වන්නේ නම් ලැබෙන පළමු අවස්ථාවෙන්ම , ලබෙනා පලමු ජන්දයෙන්ම මාළිමාවේ හිවළුන්ට විරැද්ධව ඦන්දය ප්‍රකාශ කිරීමටත්,.!
    කූඨ කුමණ්ත්‍රණිකලෙසට බළය අවභාවිතා කරනා බැවින්ද,..
    වැඩිහිටි තරැණ ප්‍රජාව ඇතුළුව සියළු දේශීය ඖෂධ පිළිබඳව දහසකත් ඵක්ක් බළා පොරොත්තු තබා ගනිමින්,.. කන්සා වගාව, නීත්‍යාණුකූළව භාවිතා කිරීමේ අපේකෂාවන් භංගතවයට පත්ව ඇති මොහොතේ,.
    සමකාමී සමාජයක් සඳහා පිය නැගීමට දුරදක්නා ණුවනින් යුක්තව බහුතර බළය උපයෝගී කර ගෙන කන්සා තහනම ඉවත් කිරීමට කටයුතු නොකර බැවින්,.
    වෙනත් කිසිඳු ධනාත්මක මානව හිතවාදී කාරණාවන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් තබා නොගන්නා ලෙසත්,.
    සාමය සමාදානය සහ නිවහල් භාවය පවත්වාගෙන යෑම සඳහා..
    මළිමා රජය බළයෙන් පහකිරීමට, කටයුතු කිරීම කළ යුතුම බවත්,.
    ලැබෙන පළමු වාරයෙන් මාළිමාවේ මුගධයන් බළයෙන් නෙරපා පළවා හැරිය යුතු බවට සබුද්ධික සැමගේ අවධානය,.!

    ReplyDelete
Previous Post Next Post