කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායෙන් දැඩි විරෝධයක්...


 කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, මහා විහාර වංශික ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමසිරිසද්ධම්ම නායක හිමියන් අවධාරණය කරන්නේ, මෙම උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

ප්‍රාදේශීය සභාව විසින් විහාරාධිපති හිමියන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ, විහාර භූමිය තුළ "පොදු මාර්ගයක" බාධක පවතින බවත්, ඒවා 2026 මැයි මසට පෙර ඉවත් කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත්ය.

කෙසේ වෙතත්, අමරපුර නිකාය පෙන්වා දෙන්නේ 1959 මිනුම්දෝරු සිතියම් හෝ 1971 නගර සැලසුම් සිතියම්වල මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවයි.

2019 වසරෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ පිරිස් විසින් විහාර භූමිය වටා ඇති මාර්ගය භාවිතා කරනවා වෙනුවට, විහාර භූමිය මැදින් ගමන් කිරීමට හුරු වී ඇති බවත්, එය කිසිසේත්ම නීත්‍යානුකූල පොදු මාර්ගයක් නොවන බවත් මහා ලේඛකාධිකාරී හිමියෝ පෙන්වා දෙති.

2024 වසරේදී මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විශේෂ මිනුම් කටයුතුවලදී ද විහාර භූමිය හරහා මාර්ගයක් නොමැති බව තහවුරු වී ඇත.

මෙම ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවත්, ඒ පිළිබඳව පොලිසිය විසින් ද වාර්තා කර ඇති බවත් ලිපියේ සඳහන් වේ.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් සහතික කර ඇති පසුබිමක, රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභාව මෙලෙස කටයුතු කිරීම ජාතීන් අතර සහජීවනයට ද බාධාවක් බව උන්වහන්සේ පවසති.

මෙම නීති විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ වන නිලධාරීන් 1969 අංක 22 දරන සිවිල් වැරදි පිළිබඳ වගකීම් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලිකව වගකීමට බැඳී සිටින බව ද අමරපුර නිකාය අනතුරු අඟවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් අදාළ ලිපියේ පිටපත් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබේ.





Severe Opposition to Road Construction by Local Authority near Historic Buddhist Temple

The Sri Kalyanivamsa faction of the Sri Amarapura Nikaya has voiced strong objections against the efforts of the Valikamam North Pradeshiya Sabha to forcibly construct a road that divides the ancient Tissa Raja Maha Viharaya in Kankasanthurai. This action is seen as a violation of constitutional rights and a potential threat to Buddhist heritage.

In a letter addressed to the chairperson of the local council, the chief secretary of the faction, Ven. Pussellawa Somasiri, emphasized that this initiative undermines both constitutional law and the preservation of Buddhist legacy.

The local council has informed temple authorities that there are obstacles on the "public road" within the temple grounds that must be removed before May 2026 in order to open the path for use.

However, representatives of the Amarapura Nikaya have highlighted that historical plans from 1959 or the 1971 urban development maps contain no reference to such a road.

Since 2019, residents in the area have been accustomed to navigating around the temple grounds rather than through the temple itself, noting that this route is not recognized as a legal public road.

Furthermore, a special survey conducted by the Survey Department in 2024 confirmed the absence of any road through the temple premises.

The situation has sparked significant unrest among the local Buddhist community, with reports of heightened tensions reaching law enforcement authorities.

The constitution clearly states in Article 9 that it is the government's responsibility to protect and nurture Buddhism, raising concerns regarding the council's actions and their implications for communal harmony.

Officials linked to these controversial activities are warned to be personally accountable under the Civil Wrongs Ordinance No. 22 of 1969 and the Penal Code.

In light of these developments, the letter has been forwarded to relevant authorities, including the Ministers of State Administration, Judicial Affairs, Buddhist Affairs, and the Senior Deputy Inspector General of Police for the Northern Province, urging immediate attention to the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

27 Comments

  1. කොටා බලයේ ඉන්නකම් ඔය විරෝධතා තඹේකට ගනන් ගන්නෙ නෑ හාමුදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. කොටාගෙ වලටත් හෙණ ගහන්ඩ ඕනෙ මේ කරන අහස පොලව නුහුලන අපරාදෙට.

      Delete
    2. කාඩිනල් කාරයා පාස්කු ප්‍රහාරය එල්ල වෙන්න දුන්නේ පාප්ප තනතුර අරගෙන රටේ බලය ගන්න. හැබැයි පාප්ප තනතුර ගන්න බැරි වුනාට කෙලින්ම රටේම බලය අරගෙන දුන්නා රටේ නමට බෞද්ධ ගොන් හැත්ත. එපා කියද්දී දුන්නේ. ඒ දීපු හැම එකාටම සාප වෙන්න ඕන.

      Delete
    3. මයින සාපද කපුටු සාපද? 🤣

      Delete
    4. තඹුත්තේගම පද්දගෙ සාපෙ!

      Delete
  2. පච කොටා ආවෙ ඕවා කරන්න තමයි..සිංහල ගොං හැතිකරෙට තේරෙයි කල් යයි

    ReplyDelete
    Replies
    1. නමට බෞද්ධ ගොන්නු ටිකක් බුකියේ කඩේ ගියා මහනායක හාමුදුරුවොන්ට වඩා අගරදගුරු හොඳයි කියලා. දැන් තමයි උන්ටත් තේරෙන්නේ රවි ශානි දෙන්න දාගෙන නීතිය නවලා පන්සල් කඩලා, සියළුම තනතුරු උන් ඩැහැගෙන බෞද්ධයන්ව ‍රැවැට්‍ටුවා කියලා. මෝඩ හැත්ත.

      Delete
  3. ඇඳුම අනුන්ගෙ. ඔරලෝසුව අනුන්ගේ. ජොකා අනුන්ගෙ. කන්නෙත් අනුන්ගෙන්. ගෑණිත් අනුන්ගෙන්. එහෙම එකෙක්ට මේ රටත් අනුන්ගෙ කියල කියන එක කජ්ජක්ද? මේක ජාතිවාදය නෙමේ. ඒත් මේ බිජ්ජො ඉන්නකම් අපේ රටේ අපිට ඉන්න වෙන්නෙ පරයො වගේ. පාස්කු කරන්නෙ මුස්ලිම් අන්තවාදය. ඒත් කෙස් පැලෙන තර්ක ගෙනැත් හිරේ දාන්නෙ සිංහල අයව. ඕව මුන් වගේ අපතයන්ට කියලත් වැඩක් නෑ. මුන් මේ රටේ නැති ප්‍රශ්නයක් ආයෙ ඇති කරන්න මේ හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. පැනලා යද්දි ලංකට් එක දාලා යන්න එපා හොඳේ

      Delete
    2. ඒකට කමක් නෑ. ලංකට් එක හිල් ජොක්කු අඳින හඳුන්නෙත්තියාට දෙමු.

      Delete
  4. කෝ අනුර ගොයියා? ඡයමංඟල ගාථා එපා කියමින් ආවා එදා ඉඳන් බුද්ධාගමට වින කරනවා.බෞද්ධයනි එක්වෙයව් පක්‍ෂපාට නොබලා.තිස්ස විහාරයට නිතර වඳින්න යමු.

    ReplyDelete
  5. කොට ජෙප්පෝ බලයට ගෙන්න ඩයස් පෝරාව සල්ලි වියදම් කළා කියලා අර්චුනා ප්‍රසිද්ධියේ කියනවා .. බොරු නම් නඩු දාන්න පුලුවන්

    ReplyDelete
  6. දේවාලයක් දේවාලයක් ගානේ මුන් විනාශ වෙන්න කියලා පොල් ගහලා .. කොඩිවින කරන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මට මෙන්න මේ දැරී තාර බමුණු බයියෙක් යාග හෝම සෙට් එකත් අරගෙන එළියට බැහැල....

      ඔයා සිංහල බෞද්ධ හැබැයි නේ?

      Delete
    2. ජනාධිපති පොන්නයකු නොවන බව පෙන්වීමට හොද අවස්ථාවක්. බයියොද ටොයියොද ඩොබීන්ද යන කරුණ නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ නීතියෙ යුක්ති ධර්මය කියාත්මක කිරීමට අවස්ථාව.

      Delete
    3. අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නෑ, ජනාධිපති පොන්නයකු කියල කියන්ඩ තියෙන හොඳම සාධකය තමයි ජනාධිපතිට ලමයි නැති එක. සාගරිකයි, කසුනුයි කියන  ලමයි දෙන්නම පුංචම්මගෙ කලින් මිනිහගෙ. 

      Delete
  7. Punchi Amma marry karapu ekagen ota wada deyak hope karranna epa

    ReplyDelete
    Replies
    1. මේරි ලූඩ්ස්ගේ පුතාට තමයි පුළුවන්නේ??? 🤣 අනේ හුකේ #බයිලොජික්

      Delete
  8. මේ නිකාය තමයි මාලිමාවට කඩේ යන්නෙ

    ReplyDelete
  9. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා නික්මගිය දවසේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ගෝල්ෆේස් අරගල භූමියේ ඉඳගන

    "අදින් පස්සෙ මේ රටේ සිංහල බෞද්ධයාගේ බලය ඉවරයි"

    කියල සිංහනාද පවත්වමින් කරපු ප්‍රකාශය කොයිතරම් ඇත්තද කියන එක එදා එදවස වැඩිදෙනෙකුට තේරෙන්ඩ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. වෙනස දැන් ෂැපද හාමුදුරුවනේ?

      Delete
    2. සිංහල බෞද්ධයා බේරගන්න තියෙන එකම විසඳුම ජාමූනක් තියෙන බෝන් ඇගෙන් ලක්ෂ්මන් කුමරු විතරමයි

      Delete
    3. එළාරගේ ජාන සහිත, දෙමලෙකුගෙ මූනක් තියෙන, කලු කොට තඹුත්තේගම පද්දා හොඳ මදිද? 

      Delete
  10. ජාතික ෂංහිදියාව මල්ලි….. ෂංහිදියාව….

    ReplyDelete
  11. මලවාතයක් මේ පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවස්තාන. කරපු පට්ට කරුමෙකට මේ වගේ පට්ට ලස්සන රටක, සශ්‍රීක මෙන්ම නි​දහස් සංස්කෘතියක් තිබ්බ රටක සංස්කෘතිය විනාස වෙලා කොහෙටවත් නැති සංස්කෘතියක් හැදිලා ගිය මොහොතක ඉපදුනේ කියලා හිතෙනවා.

    ReplyDelete
  12. උනහපුලුවා ට ඕවා අහන්නෙ නෑ. උන් සංහිඳියා නින්දේ.

    ReplyDelete
  13. බෞද්ධයන්ට එරෙහිව කරන කෙනෙහිලිකම් පිළිකුල් සහගතයි.

    ReplyDelete
Previous Post Next Post