නන්දා මාලනි නමින් උදාගම්මානයක් හදන්නයි මා හැදුවේ...- සජිත්


අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නමින් උදාගම්මාන දෙකක් නම් කිරීමට තමන් කළ යෝජනාව ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේය.

"නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙනුවෙන් උපහාරයක් ලෙස ඔවුන්ගේ නම්වලින් උදාගම්මාන දෙකක් නම් කිරීමට මට විශාල ආසාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් මම ඔවුන් දෙදෙනාටම දුරකථනයෙන් කතා කරලා යෝජනා කළා. නමුත් ඔවුන් දෙදෙනාම ඉතාම කාරුණිකව මගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. තමන්ට එවැනි නාමික ඇගයීම් අවශ්‍ය නොවන බවයි ඔවුන් එහිදී ප්‍රකාශ කළේ."

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලසිත් මාලිංග, කුමාර සංගක්කාර වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නමින් ගම්මාන නම් කර ඇති බව පෙන්වා දෙමින් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළ ද, ඔවුන්ගේ නිහතමානීත්වය සහ ප්‍රතිපත්තිගරුක බව හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොලැබුණු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.





Opposition Leader Reveals Rejection of Honorary Naming Proposal for Late Artists

Opposition Leader Sajith Premadasa disclosed that both the esteemed vocalist Nanda Malini and Professor Sunil Ariyaratne declined his proposal to name two villages in their honor. This revelation came during his remarks to the media while paying his last respects to Nanda Malini.

Premadasa expressed his wish to commemorate the contributions of the two legendary figures by suggesting village names that would celebrate their legacies. He emphasized that he had personally reached out to both artists via phone to present his idea, but their response was one of gracious refusal.

"Both Nanda Malini and Professor Sunil Ariyaratne kindly declined my proposal, stating that they do not require such honorary recognitions," he stated.

Diving deeper into his reasoning for the suggestion, Premadasa pointed out that many renowned cricketers, such as Lasith Malinga and Kumar Sangakkara, have had villages named after them. However, he acknowledged the humility and principled nature of Nanda Malini and Ariyaratne as the reasons why the proposal remained unimplemented.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. Nandhamalinge huththak allan inne nathuva 22 virudhdhva parata bahapan, naththam ubata vipaksha nayaka kamath anthi venava

    ReplyDelete
  2. එපා. හදලා තියෙන සහ බාගෙට හදලා තියෙන ඒවා දැක්කම කියන්න තියෙන්නෙ, අපො එපා. අවුරුදු 30-40 පෙර තිබුණු ක්‍රම දැන් යල්පැන ගොස් ඇත. ඇත්තටම නිවාස ප්‍රශ්ණය වැඩියෙන්ම තියෙන්නෙ නාගරික කලාපවල. මිනිස්සු තවත් නගරවලට ඇදෙනවා. ප්‍රශ්ණය දරුණු එතැන. නන්දා මාලනියට නිවන් සුව පතමු.

    ReplyDelete
  3. අපේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් අවංක නෑ. ඒවාට මෙවන් සිද්ධි උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්.

    ReplyDelete
Previous Post Next Post