ලංකා බැංකුව අතිරේක ප්රාග්ධනය රැස් කිරීමේ අරමුණින් රුපියල් බිලියන 10ක දැවැන්ත ණයකර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිකුත් කෙරෙන මෙම ණයකර, ලැයිස්තුගත නොකළ, සුරැකුම් රහිත සහ කාල සීමාවක් නොමැති ණයකර වර්ගයක් ලෙස වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
මෙම නිකුතුව යටතේ මුලින්ම ණයකර මිලියන 50ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ආයෝජක ඉල්ලුම ඉහළ ගියහොත් බැංකුවේ අභිමතය පරිදි තවත් ණයකර මිලියන 50ක් දක්වා නිකුත් කිරීමට අවස්ථාව පවතින බව බැංකුව නිවේදනය කරයි.
මෙම ණයකර සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය විචල්‍ය අනුපාතයක් වන අතර, එය මාස 12ක ශුද්ධ භාණ්ඩාගාර බිල්පත් අනුපාතයට සියයට 2ක අගයක් එකතු කිරීමෙන් වාර්ෂිකව ගණනය කරනු ලබයි.
මෙම ණයකර සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයෙකු සතු විය යුතු අවම ආයෝජන සීමාව රුපියල් මිලියනයකි.
මෙම ණයකර නිකුතුව හරහා රැස්කර ගන්නා අරමුදල් බැංකුවේ පළමු පෙළ ප්රාග්ධනය ශක්තිමත් කිරීමට සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ඉහළ නැංවීමට යොදා ගැනීමට නියමිත බව ලංකා බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Central Bank Plans to Issue LKR 10 Billion Bond to Strengthen Capital Position
The Central Bank of Sri Lanka is set to embark on a significant fundraising initiative by issuing bonds worth LKR 10 billion aimed at enhancing its capital reserves.
This bond issuance, aligned with international standards, will be categorized as privately placed, unsecured, and without a specified maturity term, thereby offering flexibility in the marketplace.
Initially, the bank plans to release LKR 50 million in bonds, with the option to increase this amount by an additional LKR 50 million should investor demand exceed expectations, as indicated in an official statement from the bank.
The bonds will carry a variable interest rate, calculated annually by adding a 2% margin to the prevailing 12-month Treasury bill rate.
Investors interested in participating in this bond issuance will need to meet a minimum investment threshold of LKR 1 million.
Funds raised through this initiative are intended to bolster the bank's tier one capital position and elevate its capital adequacy ratio, further reinforcing the institution's financial stability, the Central Bank further noted.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

BoC එකත් working capital අර්බුදයක වගේ. මුන් බැංකු ටිකත් වට්ටන්න වගේ යන්නෙ
ReplyDelete