නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින්, තෝරාගත් වෘත්තීන් කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ, අනෙකුත් ක්ෂේත්රවල වෘත්තිකයන්ගෙන් ද එවැනිම ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
විශේෂයෙන්ම වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන්, සන්නද්ධ හමුදා සාමාජිකයන් මෙන්ම රජයේ රස පරීක්ෂක වැනි විශේෂිත අංශවල නිලධාරීන් ද සිය විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
පසුගිය වසර කිහිපය තුළ මෙරට වෘත්තිකයන් විශාල වශයෙන් විදේශගත වීම හේතුවෙන් බරපතල බුද්ධි ගලනයක් සිදුව ඇති බව රජය හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පළපුරුදු නිලධාරීන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව රජයේ මතය වී තිබේ.
ඒ අනුව, අදාළ වෘත්තිකයන්ගේ ඉල්ලීම් පිළිබඳව සානුකම්පිතව සලකා බලමින්, ඉදිරි අයවැය ලේඛනය මගින් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
Government Considers Raising Retirement Age for Selected Professions in Upcoming Budget
In an initiative expected to be presented in the upcoming budget in November, the government is reportedly examining the possibility of extending the retirement age for certain professions. This move aims to address the pressing issue of workforce shortages in various sectors.
Particular focus is being placed on allocating the necessary financial provisions to support this initiative. The decision to increase the retirement age for professionals, especially in the field of veterinary medicine, has led to similar requests from other sectors.
Medical professionals, police officers, armed forces members, and officials from specialized bodies such as the government food testing agencies have all petitioned the government to consider extending their retirement age as well.
Over recent years, a significant brain drain has been noted, as many professionals have emigrated from Sri Lanka, prompting concerns about the availability of skilled workers. The government has acknowledged this alarming trend and recognizes the importance of retaining experienced personnel for the continued and efficient functioning of public services.
In light of these developments, the government is actively working to incorporate proposals in the forthcoming budget that will address the demands of the affected professionals, fostering a more sustainable workforce for the future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

It is very good if it happens.
ReplyDeleteGood decision
DeleteWe need experts but not everybody
EKEK HINDA ,
DeleteEKA HARI KIYALA PENNANNA
THAWA THAWA GON WADA KARANA PARA HIPI ANDUWA
පාහර, මිනීමරු, ජේ. වී.පී. ත්රසිතවාදීන් අපේ රට හැම ක්ෂේත්රයකින්ම විනාශ කරනවා. මුන්ට වැඩ බැරි බව පිලි අරගෙන තොලොන්චි වෙලා පලයව් කිව්වාට යන්නෙත් නෑ. ගුටි කාලා දාලා දුවන්න බලාගෙන ඉන්නේ. කොහොම උනත් තොපිට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයලිලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDeleteලංකාවේ රජයේ සේවකයෝ සංඛ්‍යාව හොඳටම වැඩියි. පුද්ගලයින් 15 ට එකක් රජයේ සේවකයෙක්. ඔවුන් නඩත්තු කරන්න අමාරුයි. විශ්‍රාම වයස තව අවුරුදු දෙකකින් වැඩි කලොත් මහජනතාව ට රාජ්‍ය සේවකයන්ගේ බර දරාගන්න බැරිවෙනවා.
ReplyDeleteMunta penne PRITH PRITHI heene witharay
DeleteBale wadi unama mehema wenawa kiyala
Muntath ekama wenawa
Aragalayen pannu Naki Mainange Avssyathavaya Ratata nathuwama bari bava....JVP eken anumatha karami.......
ReplyDeleteKemanen බැරි නම් habaken.
ReplyDeleteඅරගල කරපු තරුනයෝ කෝ නාකි කිය කිට අපහාස කරා නේද.දැන් තොපිට රස්සා නෑ. හොද වැඩේ
ReplyDeleteදැන සීයට ගෙදර යතුර දුන්නට කමක් නැද්ද
ReplyDelete