විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව පැන නැගී ඇති විරෝධතා පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජතික පුවත්පත් වාර්තා කරයි.
මෙම විරෝධතා සඳහා කිසියම් පාර්ශවයකින් බලපෑමක් හෝ පෙළඹවීමක් සිදුවන්නේද යන්න පිළිබඳව සොයා බලා රජයට වාර්තා කිරීම මෙම විමර්ශනයේ මූලික අරමුණ වී තිබේ.
ඒ අනුව, විරෝධතාවලට නායකත්වය දෙන පිරිස් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තා සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයත් සමඟ නීතිඥ ක්ෂේත්රය සහ අධිකරණ පද්ධතිය තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබේ.
එමෙන්ම, සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර, අධිකරණ ක්ෂේත්රය තුළ මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස හඬ නැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
රජයේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව මෙරට සිටින විදේශීය තානාපතිවරුන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැනුවත් කිරීමට ද විපක්ෂය පියවර ගෙන ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Government Investigates Political Motives Behind Protests Against Increased Retirement Age for Judges
Reports indicate that the government has initiated a special inquiry by intelligence agencies to ascertain whether there are any political machinations behind the protests against the extension of retirement age for judges. The aim of this investigation is to determine if external forces are influencing or instigating these demonstrations.
In line with this, multiple intelligence teams are currently closely monitoring the groups leading the protests and their activities. Sources within the government reveal that there is significant attention on the dynamics of the demonstrations.
The decision to extend the retirement age for judges has already created unrest within the legal sector and the judiciary. Minister of Justice and National Unity, Harsha de Silva, has stated that the President has been briefed on the proposals presented by the Bar Association of Sri Lanka concerning these concerns.
Furthermore, he mentioned that key points on this issue are expected to be presented at the upcoming Cabinet meeting on Monday.
Meanwhile, the opposition leader, Sajith Premadasa, representing the Samagi Jana Balawegaya, has declared intentions to raise this contentious issue vigorously in Parliament next week, highlighting the urgency of the situation in the judicial sector.
The opposition has also taken steps to notify foreign diplomats and international financial institutions about the government's actions regarding this matter, emphasizing its potential implications.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔන්න 1988/89 කරපු දේ රාජ්‍ය බලය සමග වෙනත් මුහුණුවර කින්..තමන්ගේ මතය පිළිනොගන්නා අය කුමන හෝ ක්‍රමයකින් මර්ධනය කිරීම.දැන් ඉතින් තමන්ට අවශ්‍ය විපක්ෂ පුද්ගලයන් ශානි ගේ ගෝලයෝ දමලා අත් අඩංගුව ට ගනියි...කුමන්ත්‍රණ කළා කියලා...
ReplyDeletewalan sani
Deleteකොහොමත් ඔය ඉස්සරහින් ඉන්න එකා කජු පොන්ටින්ගෙ සාක්කුවේ ඉන්නේ. හොයලා බලන්න ඕන ඔක්කොගෙම වත්කම් ගැන
Deleteඔක්කොගෙම වත්කම් hoyanna epa
Deletekehelkan adapu uny dapy evunuy
ahuwey
ඇත අඩංගුවට ගන්න පනත මතකය්නේ "ත්රසතවදේ වැළක්වීමේ පනත "
ReplyDeletemunta hodama wade. mun genapuwagen untama ariddi supiri
DeleteLTTE එකේ සල්ලි මුත්තලාගේ ගෝලයෝ වියදම් කරලා කරන කුමන්ත්‍රණ
ReplyDeleteවිශ්‍රාම වයස වැඩිකරන එකයි කුමන්ත්‍රණය. විරෝධතාවයන් නෙවෙයි.
ReplyDelete