මාලිමා මන්ත‍්‍රීනියගේ පුත‍්‍රයා කුඩු සමග අත්අඩංගුවට...


 අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළොන්නාව සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් කොටු කර ගැනීමට හැකි වී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රශ්න කිරීමේදී, ඔහු තවත් අයෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, අදාළ සැකකරු උපායදූතයෙකු ලෙස යොදා ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නා ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් ද රැගෙන පැමිණි මන්ත්‍රීවරියගේ පුත්‍රයා බව කියන සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී නිවසේ සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.





Two Arrested in Kalutara for Possession of Ice Narcotics

In a significant drug bust, law enforcement authorities have apprehended two suspects, including the son of a member of the National People's Power in the Kolonnawa Municipal Council, while they were in possession of ice narcotics. The Maligakanda Magistrate's Court has ordered the suspects to be held in remand custody.

The arrests were made during a targeted operation conducted by the Police Narcotics Bureau, focusing on Kolonnawa and its surrounding areas.

During the operation, officers confronted an individual who had arrived to purchase narcotics, leading to revelations that he was there to collect drugs from another party.

Police officials then utilized this information to set up a controlled purchase involving the alleged drug dealer.

One of the suspects, identified as the son of the politician, was found in possession of five grams of ice at the time of his arrest.

Following further investigations, law enforcement entered his residence, where they discovered an additional 75 grams of ice narcotics hidden on the premises.

After presenting the apprehended suspects to the Maligakanda Magistrate's Court, they were subsequently ordered to be held in custody.

The Police Narcotics Bureau is continuing its investigation into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. බඩහැලගේ අනිල් සේනාධීරAugust 23, 2026 at 10:09 PM

    කොහොමද වැඩේ? මාලිමා ආණ්ඩුවක් වෙනුවට වෙන ආණ්ඩුවක් තිබුණා නම් තමන්ගේ ම ආණ්ඩුවේ එකෙක් අල්ලයි ද වැරැද්දක් කලා කියලා? හැබැයි පක්ෂ මාරු කලා නම් අය වැයට විරුද්ධව ඡන්දෙ දුන්න නම් අල්ලනවා නැති වැරදි හදලා. ඔන්න ඔහොමයි ඒ කාලේ ආණ්ඩු. මෙන්න මෙහෙමයි මේ කාලේ ආණ්ඩු. දුන්නු ඡන්දය ගැන ඉතාම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. meka liyapu eka ge kate renna one

      niyama dobiyek

      Delete
    2. මෝඩයා මේ අහපිය. කලින් ආණ්ඩුවේ දී කෙහෙළිය ඇතුලට ගියේ කැබිනට් ඇමතිවරයෙක් වෙලා සිටිය දී. උඹලා කවදාවත් එහෙම කරනවා ද? ගල් අඟුරු වංචාව, කන්ටේනර් වංචාව ගැන කිසිම ඇක්ෂන් එකක් නැහැ. ඇමතිවරු මළ ඉන්දැද්දී පෝසත් වෙනවා. කිසිම පරීක්ෂණයක් නැහැ. උඹලා දීපු චන්දෙ ගැන දුක් වෙයල්ලා.

      Delete
    3. තෝර පදුවගේ දේවසිරිAugust 24, 2026 at 12:19 AM

      කෙහෙලිය ඇතුලට ගියේ වික්කමසිංහ ලොක්කගෙ කාලෙ නේ. ලොක්කා මහ බැංකුව ගිලලා ආතල් එකේ එලියෙ ඉන්නවා රජතුමා වෙලා, නිකම් කොහෙද යන වයසක කලු කැත ආලාපාලු කෙහෙල්මලිය දැම්ම ඇතුලට, ඕස්ට්‍රේලියාවේ ගිහින් කොටු පැනලා කකුල් කඩාගෙන ඉන්න කාලේ ඇතුලට ගියෙ නෑ නේ, ඒ වියදමුත් ජනාධිපති අරමුදලෙන් ගෙව්වේ, මතක නැද්ද? තොපි හැමදාම වැරදියට ගහපු කතිර සේරම ගැන දුක් වෙයල්ලා. අපි හරි තැන ඉන්නේ. තොපි වත් යහ මඟට ගන්නවා කවදා හරි.

      Delete
  2. නීතිය උඩින් කවුරුත් නැත​. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම ගැන පට්ට සතුටුයි!!

    ReplyDelete
    Replies
    1. වැලිගම කුඩු kontainer එකට මොකද උනේ බන්

      5g වගේද එක

      Delete
  3. ඒ කාලේ මතකද​? මයිනා හෙලිකොප්ටරෙන් ආවේ බදා ගන්න​. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වීම ගැන හරිම ආඩම්බරයි.

    ReplyDelete
  4. ජේවීපී පරයො තමයි 88/89 කාලෙත් මත්ද්‍රව්‍ය ජාවාරම දකුණෙ කලේ. උතුරෙ ltte එක රන් කලේ

    ReplyDelete
  5. අම්මෝ බය්යන්ට වහල්ලු කියන මුන් ගූ කන වහල්ලු….. කොහොමද පැලවත්තෙ ගේම… කුඩ්ඩා ආන්ඩුවෙ උනාම ඒක වහනව. නීතිය ගැන කියල😂😂😂😂 ගෑනි කොටුවක් පැනල බඩ උනාම වද ගෑනුන්ට අපහාස කරල ඒක වහන ජාතියෙ වැඩක්😂😂😂

    ReplyDelete
  6. මල් පැල දේශපාල නේ කියන්නේ.. වල් පැළ දේශපාලනේ ..

    පච ගහලා රවට්ටලා ඡන්දෙ ගත්තා
    එල්ටීටීඊ නිදහසේ උතුරේ වැඩ
    පාස්කු මහ මෝල පේන තෙක්මනයක නෑ
    IMF ණය වලින් 70% පුනරාවර්තන වියදම්..
    රෝහල් වල බෙහෙත් නෑ
    රජයේ පුරප්පාඩු ලක්ෂ 4 ක් බඳවා ගැනීම නෑ
    උද්ධමනය 7% පැනලා
    කොළඹ ඒක පුද්ගල මූලික වියදම ඉතිහාසයේ ප්‍රථම වතාවට රූ 18000 ට ආවා

    පොහොසත් රට මැවිලා පේනවා


    ReplyDelete
Previous Post Next Post