කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.
අදාළ නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී.
මෙම තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස දැඩි ලෙස අවවාද කරනු ලැබේ.
එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන ධීවර යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදෙන ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.
පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Severe Weather Advisory Issued for Coastal Fisheries as Cyclonic Conditions Approach
The Department of Meteorology has issued a severe weather warning today (September 9) outlining concerning conditions around the island's coastal waters. This advisory has been disseminated to the entire fishing community via the Department of Fisheries and Aquatic Resources.
According to the announcement, wind speeds in the ocean areas from Matara to Hambantota, extending to Pothuvil, may at times reach up to 70 kilometers per hour. This situation raises significant concerns regarding the roughness or extreme roughness of these seas.
The current conditions pose considerable risks for coastal fishing activities. Fishermen are strongly advised against setting out from these areas, especially those operating small boats for fishing near the shore.
Additionally, fishermen embarking from regions not reported to be in immediate danger are also cautioned to refrain from fishing within the hazardous marine zones extending from Matara to Pothuvil.
The Department of Fisheries and Aquatic Resources urges all fishermen to stay vigilant in monitoring ongoing weather conditions and future advisories. They also emphasize the importance of adhering strictly to safety guidelines and conducting activities with due responsibility.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
