කැලණි ගඟ ද්‍රෝණිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
වාරිමාර්ග අධ්යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අද (03) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම විශේෂ නිවේදනය, එළඹෙන අගෝස්තු මස 05 වනදා පෙරවරු 11.30 දක්වා බලපැවැත්වෙනු ඇත.
පසුගිය අගෝස්තු 01 වනදා නිකුත් කරන ලද අංක 01 දරන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇත්තේ පවතින කාලගුණික තත්ත්වය සහ ජල මට්ටම් සැලකිල්ලට ගනිමිනි.
මේ අනුව, කැලණි ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවල පදිංචි මහජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම අනතුරු ඇඟවීම 'ඇම්බර්' (Amber) වර්ණයෙන් යුත් දෙවන මට්ටමේ අවදානම් නිවේදනයක් ලෙස නිකුත් කර ඇති අතර, පවතින අවදානම් තත්ත්වය හමුවේ අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර ඇත.
Flood Warning Extended for Kelani River Basin
The Department of Irrigation has announced an extension of the flood warning for the Kelani River basin for an additional 48 hours. This announcement, signed by the Director of Irrigation (Hydrology and Disaster Management), Engineer L. S. Suriyabandara, was issued today at 11:30 AM.
This warning, originally issued on August 1st as Flood Alert No. 01, will remain in effect until 11:30 AM on August 5th, taking into consideration the current weather conditions and water levels.
The department emphasizes that residents in the affected areas along the Kelani River, as well as drivers traveling on routes, particularly secondary roads, should exercise heightened vigilance and caution regarding the prevailing conditions.
This alert has been designated as a second-level 'Amber' risk warning, and the disaster management authorities are urging all stakeholders to take necessary precautions in response to the ongoing hazardous situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ හොරු රැල රට පාලනය කරන්ඩ ගත්තත් හරි රටට විනාසවලින් අඩුවක් නැ. පචයගේ සාපේ හින්ද අහිංසක මිනිස්සු දුක් විඳින්නේ.
ReplyDeleteලප පච කොටාගේ සාපය
ReplyDeleteL P C Saap.
Deleteරට අනුරට කියල සින්දුවක් ලියපු පක එසිගේ උට්ට තවම ලංකාවේ ඉන්නවද?
ReplyDeleteසංගීත නිර්මාතෘවරයා පිළිබඳ තොරතුරුනම: රුක්ෂාන් පෙරේරා
වත්මන් තත්වය: ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය සංගීත කටයුතුවල නිරත වන අතර, මෑතකදී (2026 ජුනි මස) බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී "A Musical Journey" නමින් ප්රසංගයක්ද පැන්ටියක් සහ ගවුමකින් සැරසි පවත්වන ලදී
ලප සාපෙ
ReplyDelete