විනිසුරු වයස වැඩි කිරීම අධිවේගී කරයි.. ගැසට්ටුව ලගම එයි..

 


විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය මගිනි. එම වගන්තිය සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

කෙසේ වෙතත්, සෙසු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සාමාන්‍ය පනත් සංශෝධනයක් මගින් සිදු කිරීමට රජය අපේක්ෂා කරයි.

මෙම සංශෝධනයට සමගාමීව අධිකරණ පද්ධතියේ පුරප්පාඩු පිරවීම සඳහා ද පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට 110ක්ව පවතින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා දස දෙනෙකුගෙන් ඉහළ නැංවීමටත්, අභියාචනාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාව තවත් පහකින් වැඩිකිරීමටත් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, ඕනෑම පුරවැසියෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ නීතිමය අවකාශය හිමි වේ.

මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ රජයේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ දැඩි විරෝධයක් පළ කර ඇත. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබේ. 

මීට අමතරව, මෙම ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් විශේෂ පාගමනක් සංවිධානය කිරීමට ද තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.





Proposed Constitutional Amendments to Extend Judges' Service Period Sparks Controversy

The government plans to publish a draft constitutional amendment next week, aimed at extending the service period of judges by two years, revealed Deputy Minister of Public Security, Attorney-at-law Sunil Watagala. This move is poised to alter the existing retirement age for judges, currently determined under Article 107(5) of the Constitution.

To amend this particular clause, a two-thirds majority in Parliament will be necessary, according to the Deputy Minister. In contrast, the proposal for raising the retirement age for judges in other courts is anticipated to be facilitated through a standard legislative amendment.

Accompanying this amendment is a strategy to address vacancies within the judicial system. Reports indicate that there are plans to increase the number of High Court judges from the current 110 to 120 by adding ten more positions, and to expand the number of appellate court judges by an additional five.

Once published in the gazette, any citizen will have the legal avenue to challenge the amendment in the Supreme Court.

Amid these developments, the legal community and opposition political parties have voiced strong opposition to the government's decision to raise the retirement age for judges. They have planned a protest near the Parliament complex at the time the draft law is presented.

Furthermore, it has been reported that the Sri Lanka People's Front has also decided to organize a special campaign to raise public awareness regarding this process.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. higway හදන්න බැරි එකේ මේකවත් express කරමු

    ReplyDelete
    Replies
    1. highway. onna okayi hari wachane

      Delete
  2. උප්පැන්න දෙකක් තියා ගෙන ඉන්න හොර අග විනිසුරු, මුලු රට ට ම කැලලක් - රටේ අධිකරණ පද්ධතියටම කැලලක්

    උපන්දිනය, 1961 දෙසැම්බර් 1 ය කියන එක මොකක් හරි සිස්ටම් එකක ඇතුල් වෙලා තියෙන පරණ ම දිනය කවද්ද කියන එක ගැන හරි හමන් පරීක්ෂණයක් කෙරුනොත් - වළං ශානි ගේ හොර රහස් පොලීසියෙන් කරන හොරා ගේ අම්මා ගෙන් පේන ඇහිලි නෙමෙයි - දේවගැති සූරයා කියන්නේ අගවිනිසුරු පුටුවේ නෙමෙයි උසාවියේ ක්ලාර්ක් කෙනෙක් විදියටවත් තියා ගන්න බැරි චෞරසේනයෙක් කියන එක ඔප්පු වෙනවා

    ReplyDelete
  3. පාහර, මිනීමරු, ජේ. වී.පී. ත්‍රසිතවාදීන් අපේ රට හැම ක්ෂේත්‍රයකින්ම විනාශ කරනවා.😡😡😡 මුන්ට වැඩ බැරි බව පිලි අරගෙන තොලොන්චි වෙලා පලයව් කිව්වාට යන්නෙත් නෑ. ගුටි කාලා දාලා දුවන්න බලාගෙන ඉන්නේ. වරෙව් පා ගමන් තොපි ගෑණුන්ගෙන් ගුටි කාලා දුවන හැටි ලෝකයාටම බලාගන්න.
    කොහොම උනත් තොපිට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයලිලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡

    ReplyDelete
Previous Post Next Post