15 දින කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට වැලිකඩ පොලිස් ස්ථානය වෙතලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 27 ක් වූ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරිය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Brutal Murder Investigation Launched in Welikada Following Assault
A tragic incident has prompted Welikada Police to initiate an investigation into the murder of a 27-year-old man in the Nawala area. Reports indicate that the victim, a resident of the Rajagiriya region, was brutally attacked on the 15th of the month.
Preliminary inquiries suggest that the murder resulted from an escalating dispute between the victim and a group of individuals, leading to a violent confrontation.
The body has been transferred to the mortuary at Kalubowila Hospital, as police continue their investigation into the circumstances surrounding this horrific crime.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Killing land
ReplyDeleteඒ වුනාට ජාතික ආරක්ශාවට තර්ජනයක් නැහැ. මොකද එකදවසේ නෙමේ නේ මරන්නේ. ටික ටික මරණ එක ආරක්ශාවට ප්‍රශ්නයක් නෙමේ. ඊලඟට 22 වන සංශෝධනේ සම්මත කරලා රට කෑලි 9කට කැඩුනාම, වීසා අරන් තමයි පළාත් වලට යන්න වෙන්නේ. එතකොට ජීවිතේට මිනීමරුවො අල්ලන්න වෙන්නෙ නැහැ. රටවල් 9ට පොලීසි 9ක් හදනවනේ.
ReplyDeleteඋඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.
ReplyDeleteහිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
Deleteමුන් කියන්නේ හොරු අල්ලන්න ඕන නිසා විනිසුරු විශ්‍රාම වයස දික් කරනව කියලා.
ඒක පිලිගන්නව ගොඩක් මෝඩයො. ඉස්සරහ හිතන්න මොලයක් තියෙනවනම් මේ වගේ පච රැලකට රැවටෙයිද. විපක්ශෙත් ඉතින් පොල් බූරුවො ටිකක්නේ ඉන්නෙ. පොල් පිත්තකින් දුසිමක් කපා ගන්න පුලුවන් ඒ වගේ පොන්න විපක්ශයක්. කතා කරන්න එකෙක්වත් නැහැ. කතා කරන උනුත් අල්ලලා හිරේ දානව. හිරේ දැම්මම විපක්ශෙ උන්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ.