කරන්නාගොඩට, යෝෂිතට එරෙහි මහාධිකරණයේ අධි චෝදනා..


හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  (31) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරන ලදී.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීම සහ නියමිත පරිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව සඳහා ඔහු යොමු කිරීම හරහා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා අටක් යටතේ මෙම නඩුව පවරා ඇත.

මෙහි පළමු විත්තිකරු ලෙස වසන්ත කරන්නාගොඩ මහතා ද, දෙවන විත්තිකරු ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ද නම් කර තිබේ.

මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47ක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අල්ලස් පනතේ දූෂණය යන වරද සිදු කිරීම සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබේ.

මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 2006 සැප්තැම්බර් 01 වැනිදා සිට 2007 ජූනි 08 වැනිදා දක්වා කාලය තුළ සිදු වූ මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට රුපියල් හැට දෙලක්ෂ අසූ හතරදහස් දෙසිය දාහතයි ශත හැට එකක (රු. 6,284,217.61) මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි.

නිසි සුදුසුකම් රහිතව හමුදාවට බඳවා ගත් සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා විදේශ පුහුණුව සඳහා යොමු කිරීමෙන් මෙම පාඩුව සිදු කර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.





High-Profile Corruption Case Filed Against Former Navy Chief and Yoshitha Rajapaksa

Serious allegations of corruption have surfaced against former Navy Commander Vasantha Karannagoda and Yoshitha Rajapaksa, son of former President Mahinda Rajapaksa. The Colombo High Court has officially registered an indictment against the two, following a comprehensive investigation by the Commission to Investigate Allegations of Bribery or Corruption.

The indictment, encompassing eight charges, centers on the irregular recruitment of Yoshitha Rajapaksa into the Sri Lanka Navy despite lacking the necessary educational qualifications. Specifically, it accuses him of causing a financial loss to the government by facilitating his referral to training with the British Royal Navy outside established protocol.

Vasantha Karannagoda is named as the first accused in this case, with Yoshitha Rajapaksa serving as the second. The Bribery Commission has submitted a list of 25 witnesses along with 47 documentary pieces of evidence to support the case in court.

The indictment cites violations under the Prevention of Corruption Act, alongside legal breaches defined in the Penal Code of Sri Lanka. Details revealed during previous hearings at the Colombo Magistrate's Court suggest that the government incurred a financial loss of over 6.28 million rupees (approximately USD 34,000) due to actions taken between September 1, 2006, and June 8, 2007.

The Bribery Commission further emphasized that the financial loss resulted directly from the improper recruitment of Yoshitha Rajapaksa and his subsequent overseas training, underscoring the need for accountability in public service operations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. රාජපක්ෂලා ගේ පුක ලේවකාලා හමුදාවේ කීර්ති නාමය වැනසු එකෙක්

    ReplyDelete
  2. බයියොන්ට රෙද්දෙ රෙවෙන නිව්ස්

    ReplyDelete
  3. මුං රට සංව.ර්ධනය හෝ දියුණු කරනවා වෙනුවට හිමාලය ගිල්ල එවුන්ගේ අග්ගලාවට නඩු දාලා මාලිමා ගැලරිය චූන් කරනවා. කිවේ කෝටි ප්‍රකෝටි ගණන්වල වංචා අල්ලනවා කියා. තාම මුං නඩු දාලා හිරේ ඇරලා පළි ගත්තත් , එක රුපියල් කෝටියක්වත් දඩ ගහලා රටට එකතු කරන්න බැරි උනා. ජෙප්පන්ගේ මේ පළිගැනීමේ ජවනිකාවෙන් සිදු වෙන්නේ මුංගේ බලය පිරිහුණු දාට ලක්ෂයක් හමාරක් අවසන්ව ගමන් යන බවයි. මුංගේ පැලවත්තේ ආයුධ, මුදල් සහ ජෙපි බලකාය දාලා බලයේ රැඳිලා ඉන්න හැදුවොත් රටම ලේ විලක් වෙයි. ඔය මාලිමා ආණ්ඩුවේ අනාගත දැක්මක් ඇති, බුද්ධියක් සහිත එකෙක්වත් නැද්ද?

    ReplyDelete
  4. කෝ හරක් පොන්සේකා....සුමාන දෙකකට ඉස්සෙල්ල යුටුබ් එකේ හෙන පචටිකක් කියුවනේ උ තම යුද්දේ කෙරුවේ උ නිසාලු යුද්දේ දිනුවේ...රාජපක්සල යුද්දේ අතරමහ නවතුවලු. මු ඉන්ටෙර්නෙට් එකේ පිස්සු තදවෙලා වොය්ස් කට දිදී හිටලා එකපාරටම නැතිබන්ගස්තාන වුන...මුත් හැන්ගිලාද නැතිනම් පච ලපයගේ පිඑස්ඩී එකෙන් මුවත් හන්ගගගෙන ඉන්නවද අර කාඩිනල්ලුයි. සිරිල්ගමිනියයි වගේ? මුන් ඔක්කොම හෙන ගූ බයයි...මුන්ට ගාර්ඩ් එක නැතිනම් මුන්ට බයටම චූ ගිහිල්ල වලකජ්ජ ගහන්නේ.

    ReplyDelete
  5. හරක් පොන්සේකා අවුරු 40ක් හමුදාවේ වැඩකරලා යුද ක්‍රියාන්විතන්වලදී ඔර්ඩර් දීල ත්‍රස්තයෝ හෝ හොරු හෝ, මිනීමරුවෝ හෝ මිනිස්සුවන හැම පුද්ගලයෙක්ම මරාපු හමුදාවෙන් පැනල ගිය අහිංසක ගමේ කොල්ලන්ව උස්සන් ඇවිල්ල අමු දස වැඩ දීල බිම්බෝම්බ අතුරපු පාරවල්වල යවල මරාපු දකුණේ අහිංසක මිනිසුන් දහස් ගණනක් අමු අමුවේ ටයර් උද යවලා බිෂණයක් පතුරවප් අමු මිනි මරුවෙක්...දැන් ඉන්නවා සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ....ඕකව එල්ලුම් ගස් දහයක යවලත් මදි පර අඩුකුලේ සක්කිල බල්ලා

    ReplyDelete
  6. මෙම රටෙ ඉන්න උන් තෙරූම් ගන්න ඕනෑ 2010 පෙර රටෙ තිබුණු තත්වය. තොපිට රෙවිලා ඉන්නකොට ප්‍රභාකරන් මුලතිව් කැලෙ සිට කොළඹට සැහැල්ලු ගුවන්යානා සහ මරාගෙන මැරෙන ගෑණු එවපු, යුද්ධය කරන්න හමුදාවට තරුණයො බැදුනෙ නැති කාලය මතකද. රෙවිලා හිටපු තොපි මෙ කාළකණ්නි ආණ්ඩුවෙ මට්ටමෙන් එදා කරපු යුද්ධය මනින්න එපා. සුදු කොඩි කථාව කියලා යුධ ජයග්‍රහණය පාරාවළල්ලක් කරපු එකාව මෙතැනට අදාල කරන්නත් එපා.

    ReplyDelete
  7. මෙම රටෙ ඉන්න උන් තෙරූම් ගන්න ඕනෑ 2010 පෙර රටෙ තිබුණු තත්වය. තොපිට රෙවිලා ඉන්නකොට ප්‍රභාකරන් මුලතිව් කැලෙ සිට කොළඹට සැහැල්ලු ගුවන්යානා සහ මරාගෙන මැරෙන ගෑණු එවපු, යුද්ධය කරන්න හමුදාවට තරුණයො බැදුනෙ නැති කාලය මතකද. රෙවිලා හිටපු තොපි මෙ කාළකණ්නි ආණ්ඩුවෙ මට්ටමෙන් එදා කරපු යුද්ධය මනින්න එපා. සුදු කොඩි කථාව කියලා යුධ ජයග්‍රහණය පාරාවළල්ලක් කරපු එකාව මෙතැනට අදාල කරන්නත් එපා.

    ReplyDelete
Previous Post Next Post