සමුපකාර ඡන්දයකදී මාලිමා ලොක්කන්ට හූ කියයි..


අනුරාධපුර රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියේ දොරමඩලාව කොට්ඨාසය සඳහා නිලධාරීන් තේරී පත් කර ගැනීමේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව හිරු පුවත් සේවය වාර්තා කරයි
.

මිහින්තලේ මහකනදරාව යාය 02 මහා විද්‍යාලයේදී මෙම රැස්වීම පැවැත්වුණු අතර, ඡන්ද විමසීම සඳහා අවශ්‍ය අවම ගණපූර්ණය නොමැති වීම හේතුවෙන් එය කල් තැබීමට පියවර ගැනුණි.

රැස්වීම කල් තැබීමත් සමඟ එතැන රැස්ව සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, එහිදී එක්සත් විපක්ෂයේ සාමාජිකයින් විසින් මාලිමාවේ නියෝජිතයින්ට හූ තබමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පවසා සිටියේ මාලිමාවට රටේ විශාල ජනප්‍රියත්වයක් ඇති බවට පවසන කතා අසත්‍ය බව මෙම සිදුවීමෙන් තහවුරු වන බවයි.

ගමේ මිනිසුන් විසි දෙනෙකු පවා එකතු කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇති බවට ඔවුහු චෝදනා කළහ.

තවද, වත්මන් පාලනය යටතේ ගොවීන්ට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳව ද එහි සිටි කාන්තාවන් දැඩි ලෙස විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සිය අදහස් පළ කළහ.





Discontent Brews Among Anuradhapura Residents Over Delayed Meeting

A heated atmosphere marked a recent meeting meant to select officials for the Rambewa Division of the Anuradhapura Multifunctional Services Society, as reported by the Sun News Service. The gathering took place at the Mahakandaraaya campus in Mihintale.

However, the meeting was postponed due to insufficient participants required for voting. This decision led to unrest among those who had gathered, with members of the opposition expressing their discontent vocally during the event.

Local residents voicing their opinions indicated that claims suggesting Malimawa's popular support were unfounded, as illustrated by the poor turnout. Many locals questioned the organizers' ability to garner even a modest crowd, raising concerns about the credibility of the prevailing administration.

Additionally, attendees, especially women present at the meeting, were outspoken about the injustices faced by farmers under the current regime. They openly criticized the Janatha Vimukthi Peramuna party, highlighting the challenges and adversities affecting their community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. හූ කියල නතරවුන එක හොඳයි. තව ටිකක් දවස් යනකොට මුන්ට ගෑනුන්ගෙන් ගුටිනොකා පාරක යන්ඩත් බැරිවෙනව.

    ReplyDelete
    Replies
    1. Ubalata wuna wageda?

      Delete
    2. ගොනා, මේ කියන්නෙ මාලුමාමලට.

      Delete
  2. Malimawata 20% vada chandha adui.

    ReplyDelete
  3. ඒත් උද්ධච්ච කම අඩු නෑලු.

    ReplyDelete
  4. ඒත් උද්ධච්ච කම අඩු නෑලු.

    ReplyDelete
  5. උබලා හූ නෙමේ මොනා කිව්වත් උබලගේ පාදඩ නායකයන්වයි උන්ට කත් අදින හැත්තවයි ඇතුළට යවලා තමා බං නවතින්නේ. උබලා පිච්චි පිච්චි හතර අතේ දුවද්දි අපි නම් ආතල් එකේ උබලගෙ නිව්ස් දිහා බලං සැපේ ඉන්නවා :D :D :D තරහා වෙන්න එපා බ්‍රෝ, තරහ උනත් කමක් නෑ. මේ උබලගෙ අන්තිම කාලේ.

    ReplyDelete
    Replies
    1. , තවත් මෝඩ,,🐃

      Delete
Previous Post Next Post