යෝෂිත-රෝහිත ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.. වෙන අයගේ නමින් විශාල වතුයායක්, ගොඩනැගිල්ලක් අරන්..


 හිටපු ජනාධිපති පුත්‍රයන් වන යෝෂිත රාජපක්‍ෂ සහ රෝහිත රාජපක්‍ෂ විසින් පුද්ගලයින් තිදෙනෙකුගේ නම් භාවිතා කරමින් රහසිගතව දේපළ අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් 'අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහිව පුරවැසි බලය' සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා පවසන පරිදි, දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි 'කෙලී ගෲප්' වතුයායට අයත් අක්කර 135ක තේ ඉඩමක් සහ 1918 වසරේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ වපසරියකින් යුත් බංගලාවක් මෙලෙස අත්පත් කරගෙන ඇත.

මෙම දේපළ ගනුදෙනුව සඳහා 'ඔසාඩා ප්ලාන්ටේෂන්' නමැති සමාගමක් භාවිතා කර ඇති බවත්, එහි අධ්‍යක්ෂවරුන් ලෙස ඒ.එස්. රිෂාඩ්, එම්.එස්. මොහොමඩ් සාමි සහ එම්.එස්.එම්. රිෂාඩ් යන පුද්ගලයින් පෙනී සිටින බවත් ඔහු අනාවරණය කළේය.

මීට අමතරව, මියගිය පුද්ගලයෙකු වන අරුණ විධානගේ සහ නෙවිල් නමැති පුද්ගලයෙකු හරහා ද මෙම ගනුදෙනු සිදුව ඇති බවට අදාළ ලේඛන මගින් තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"මෙම දේපළ මිලදී ගැනීමට යෙදවූ මුදල් සොයාගත්තේ කොහෙන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. මහජන මුදල් අවභාවිත කරමින් මෙලෙස දේපළ රැස්කර ඇත්නම්, ඒවා වහාම රජයට පවරා ගැනීමට කටයුතු කළ යුතුයි," යැයි කාමන්ත තුෂාර මහතා අවධාරණය කළේය.

මෙම පැමිණිල්ලට අදාළ සියලුම සමාගම් ලියාපදිංචි ලේඛන සහ අනෙකුත් සාක්ෂි අල්ලස් කොමිසම වෙත භාර දී ඇති බව ද ඔහු පැවසීය.





Complaints Filed Against Former President's Sons Over Alleged Asset Acquisition

The organization "Citizen Power Against Bribery, Corruption, and Waste" has lodged a formal complaint with the Commission to Investigate Allegations of Bribery or Corruption, alleging that former President Mahinda Rajapaksa's sons, Yoshitha Rajapaksa and Rohitha Rajapaksa, have covertly acquired properties using the names of three individuals.

Kamantha Thushara, the chairman of the organization, revealed that the Rajapaksa brothers have obtained a 135-acre tea estate belonging to the "Keli Group" located in the Dolaba area, along with a bungalow situated on approximately an acre of land, which was established in 1918.

The complaint indicates that a company named "Osada Plantations" facilitated this property transaction, with directors identified as A.S. Rishard, M.S. Mohamed Saami, and M.S.M. Rishard involved in the deal.

Furthermore, documents reportedly confirm that transactions were also processed through the deceased individual Aruna Vidhanage and another person named Neville.

"A prompt investigation is essential to trace the origins of the funds used for this property acquisition. If public money has been misappropriated for gathering such assets, measures should be taken to hand them over to the government immediately," emphasized Kamantha Thushara.

He also confirmed that all relevant company registration documents and other evidence related to the complaint have been submitted to the Commission for further scrutiny.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. තනි ඇහැට අඬෙනවා. මුන්ට කඩේ යන ගොන් බයියෝ තවමත් ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. Bayyo kawadawath hadena un newei

      Delete
    2. හනුමට නඩු, ගෑනිට නඩු, පොඩි හනුමට නඩු, අනික් කාලකන්නි හනුම පැටවුන්ට නඩු,
      බාප්පල, ලොකු තාත්තල, උන්ගෙ වටේ හිටපු උන් කොටින්ම උන්ගෙ බල්ලොන්ටත් නඩු දාන්න ඕන අපෙන් කාල ඇඳලා හිටියට.

      අනිවා මහා එකා මළාම කන්න බොන්න දැක දැක බඩගින්නෙන් පිපාසාවෙන් පෙලන මළ පෙරේතයෙක් වෙන එක නං ලොවෙත් සුවර්.

      Delete
    3. එදා ඉදන් කාලකන්නි ලපය කියන පච ඔය.උගේ පුන්චිඅම්මගෙ කසුන් පුතාට මහින්දගෙ පාමුල වැටිල මිහින් ලංකා එකේ රස්සව ගත්තෙ. දැන් එතුමාගෙ ලමයින්ට බොරු චෝදනා දනවා ඩොලර් මිලියන 2.5ක් හොරා කාපු එවුන්.

      Delete
    4. අඩු ගානේ මුන්ගේ නමකට තියෙන එකක්වත් තාම හොයාගෙන නෑ ..
      ඒ කාලේ පාක්ෂිකයන්ගෙන් හිගා කනවා කියපු උන්ට එකපාර ගෙවල්, ඉඩම්, ගම්මිරිස් වතු,
      කුමාර ජාකොඩියා . ලාල් කාන්ට ,හඳුනා, සමන්ට කුමාරයා , ඇතුළු ජෙප්පෝ පාරම්පරික දානපතියෝ ලු දෙපළ ඉස්සර ඉඩන්ලු..
      කැම්රි ආතල් ඔයි..
      ඩෝබී පව්
      අන්න වත් කම් හෙළිකරන එක නවත්තන්න හදනවා ඒ පාර

      Delete
  2. Okay, how did Jeppi Leaders made Two story houses and educated their children in overseas ..................... was it by using cash in the Tills ........... ha ha

    ReplyDelete
    Replies
    1. ඔබතුමා සාක්ෂි අරං එන්න, අපි ගිහිං පැමිණිලි කරමු.
      ඊට පස්සෙ ඔබතුමාට රස්සාවක් නැතිනම් මම ගහකට හැටක් දෙන්නං, මගෙ කුරුණෑගල පොල් වත්තෙ පොල් කඩන රස්සාවක් දෙන්න පුළුවන්.

      Delete
  3. පස්ස දොරෙන් පැනල යද්දි මතක ඇතුව ලංකට් එක අරං යන්න

    ReplyDelete
  4. කාමන්ත පාහර බල්ලා වගේ නොයෙකුත් සංවිධාන අටවාගෙන ඉන්න දේශ ද්‍රෝහී, ජිති ද්‍රෝහී එන්.ජී.ඕ. කුක්කන්, පැලවත්තේ ජේ.වී.පී. ත්‍රස්තවාදීන් ගේ නියෝග අනුව කටයුතු කරන කාලකණ්නි හැතිකරේ ලඟඳීම ගම් වල ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 😡🤮🤮🤮

    ReplyDelete
  5. ආ ගොං ජෙපි වහල් හැත්ත දැන්මම නඩු තීන්දු දීලා, 😃😀

    ReplyDelete
  6. Mage namatath Rajapaksala idam.
    aran.

    ReplyDelete
  7. ලබන සතියේ show එක. අදම trail එක ඇවිල්ලා.

    ReplyDelete
  8. ඉක්මන් කරලා විනිසුරු විශ්‍රාම වයස වැඩි කරමු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ වේසිගේ පුතාලා ඔක්කොම ටික ඇතුලට දාන්න ඕනේ. පොන්න මයින වල කජ්ජ ගහන්න කලින්

      Delete
  9. ඉක්මන් කරලා විනිසුරු විශ්‍රාම වයස වැඩි කරමු නේද?

    ReplyDelete
  10. අල්ලස් කොමිසමේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති තොරතුරු විකෘති කරමින් ඇතැම් මාධ්‍ය ආයතන පුද්ගලයන්ට හිරිහැර කරනවා. මේ නිසා රජයේ නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා යම් සීමාවන් පැනවීමට අල්ලස් කොමිසම යෝජනා කළා. නමුත් ආණ්ඩුවක් ලෙස අප තීරණය කළේ මහජන නියෝජිතයන්ට එම සීමාවන් අදාළ නොවිය යුතු බවයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් පිළිබඳව මහජනතාවට ඕනෑම වෙලාවක පරීක්ෂා කිරීමට ඇති අයිතිය අපි එලෙසම තහවුරු කරනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    ReplyDelete
  11. කාමන්ත තුෂාර කියන්නේ අමු එන් ජී ඕ ජෙප්පෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඌ ඔයදාන හැම පැමිණිල්ලකටම පැලවත්තෙ ඩයිමයිනා ඌට බරගානක් ගෙවනව.

      Delete
  12. Punchata Nadu .vandapu puchige puthata nadu.pibikkama Putha imbe kohomada api hoyanna ona nadda man ahanne. Hik hik jeppo

    ReplyDelete
Previous Post Next Post