නාරාහේන්පිට, නාවල ප්රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී කාන්තාවක පැහැරගෙන යමින් සිටි බව කියන මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය මාර්ග බාධකයේදී නතර කිරීමට නියෝග කළද එය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩි ප්රහාරයත් සමඟ මෝටර් රථය නතර කර ඇති අතර, එහි සිටි කාන්තාව ආරක්ෂිතව මුදාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.
කෙසේ වෙතත්, මෝටර් රථය පදවාගෙන ආ සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නාරාහේන්පිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුදාගත් කාන්තාව මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
Police Engage in Shooting Incident to Rescue Kidnapped Woman in Nawala
In a dramatic turn of events in the Nawala area, police opened fire on a vehicle reported to be involved in the attempted abduction of a woman at a roadblock. The operation unfolded when officers commanded the car to stop, but the driver disregarded the order and attempted to flee.
The gunfire successfully halted the vehicle, allowing law enforcement officials to safely extract the woman inside. Fortunately, she was rescued unharmed.
However, the suspect driving the car managed to escape the scene. In light of this, the Narahenpita Police have initiated a special investigation to locate and apprehend the individual responsible.
The rescued woman is currently under police care, with further statements expected to be documented regarding the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

😁😁😁😆😆
ReplyDelete