විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි වනාතවිල්ලුව, පරණ එළුවන්කුලම නෙළුම්වැව පරිශ්‍රයේ තිබූ විශාල කුඹුක් ගස් 500කට අධික සංඛ්‍යාවක් කිසියම් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීමකින් විනාශ වී ඇති බවට පරිසරවේදීන් චෝදනා කරති.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කැඩී ගිය නෙළුම්වැවේ වැව් බැම්ම රුපියල් ලක්ෂ 500ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතරතුර මෙම විනාශය සිදුව තිබේ.
අක්කර 100කට අධික ජල ධාරිතාවකින් යුත් මෙම වැව, කලාඔයෙන් ගලා එන ජලයෙන් පෝෂණය වෙමින් කුඹුරු අක්කර 700කට ආසන්න ප්‍රමාණයකට දියවර සපයයි.
තවද, පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට පසුව දෙස් විදෙස් පක්ෂීන් බහුලව ගැවසෙන සහ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත් සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස ද මෙය හැඳින්වේ.
වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවස්ථාවක මෙලෙස කුඹුක් ගස් විනාශ වීම බරපතළ සැකයට තුඩු දෙන්නක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දක්වන පරිසරවේදී ජයන්ත විජේසිංහ මහතා සඳහන් කරන්නේ, වැව් පද්ධතියෙන් කුඹුක් ගස් උපක්රමශීලීව කපා ඉවත් කිරීමේ සැලසුමක් වසර 10ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන බවත්, මෙය ද එවැනි උපක්‍රමශීලී ක්‍රියාවක් විය හැකි බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳව දැනගත් වහාම වාරිමාර්ග නිලධාරීන් දැනුවත් කර පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත් බවයි.
වැවේ ජලය නොමැති පසුබිමක වියළි ජපන් ජබර වැනි ශාකවලට ඇවිළුණු ගින්නක් පැතිර යෑමෙන් මෙම දැවැන්ත කුඹුක් ගස් විනාශ වන්නට ඇතැයි සැක කරන බවත්, මෙය බරපතළ අපරාධයක් බවත් හෙතෙම පැවසීය.
මේ අතර, කලාපයේ අනෙකුත් වැව් ආශ්‍රිතව ද මෙවැනි ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළ බවත් පුත්තලම වාරිමාර්ග අධ්යක්ෂ සඳහන් කර තිබේ.
Massive Fire Destroys Over 500 Rubber Trees in Wilpattu National Park
Environmental activists are raising alarms after a catastrophic fire resulted in the destruction of more than 500 rubber trees in the vicinity of Wanaathawilluwa, located near the ancient Nelumwewa reservoir within the Wilpattu National Park. This incident reportedly occurred amid ongoing restoration efforts funded by a Rs. 500,000 allocation to rehabilitate the Nelumwewa waterbody, which suffered damage due to the recent 'Ditwa' cyclone.
The reservoir, boasting a water capacity exceeding 100 acres, is nourished by water flowing from the Kala Oya River and supplies crucial irrigation to approximately 700 acres of rubber plantations. Notably, this area is also recognized as a unique environmental system that attracts both local and international bird species, adding to the ecological diversity of the Anavilundawa Ramsar wetlands in the Puttalam District.
Activists emphasize that this act of destruction during a critical period of restoration raises serious concerns about the motives behind the fire. Jayanta Wijesinghe, an environmental advocate, pointed out that a systematic plan to remove rubber trees from the reservoir system has been ongoing for nearly a decade, suggesting that this could potentially be an orchestrated act.
In response to the incident, R. Prabhakaran, the local government secretary of Wanaathawilluwa, confirmed that once informed, the relevant officials took immediate steps to alert the Department of Irrigation and filed a complaint with the police.
Concerns are mounting that the blaze may have spread from dry invasive plant species such as Japanese grass, potentially leading to further devastation in the area. Wijesinghe categorically described the incident as a serious crime, underscoring the alarming trend of such fires reported in other nearby water bodies.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කැඩී ගිය නෙළුම්වැවේ වැව් බැම්ම රුපියල් ලක්ෂ 500ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය වෙමින්
ReplyDeleteපවතින අතරතුර මෙම විනාශය සිදුව තිබේ.
බදුදීන් ගේ ගෝලයෝ
ReplyDelete