22ට විරුද්ද වුනා හොදටම මදි..- පක්‍ෂය ඇතුලේ සජිත්ට විරෝධය


 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දැක්වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමින්, එම පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් පක්ෂ නායකත්වය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි එකක් බව පෙන්වා දෙන එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා, මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරමින් ප්‍රබල කතිකාවක් ගොඩනැගීමට පක්ෂ නායකත්වය නිසි පරිදි මැදිහත් වී නොමැති බවට චෝදනා කරයි.

එබැවින්, මෙම සංශෝධනයට විරෝධය පළ කරමින් එළඹෙන 24 වැනිදා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බවත්, පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන 25 වැනිදා දක්වා එම විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත් එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත විපක්ෂයම මේ සඳහා ඍජුව දායක විය යුතු බවද එහි දැක්වේ.

තවද, මෙම විරෝධතා ව්‍යාපාරය වඩාත් තීරණාත්මක හා ප්‍රබල තලයකට ඔසවා තැබීම සඳහා සෙසු විරුද්ධ දේශපාලන පක්ෂ, නීතිඥ ප්‍රජාව, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ද එකම වේදිකාවකට එක්රැස් කරමින් ඊට අවශ්‍ය නායකත්වය හා මූලිකත්වය ලබාදෙන ලෙස ආනන්ද පාලිත මහතා විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.





Opposition Demands Strong Response Against 22nd Constitutional Amendment

The leadership of the Samagi Jana Balawegaya (SJB) has been criticized for its inadequate response to the government's proposed 22nd Constitutional Amendment. In light of this, the united professional associations of the party have sent a letter to the party leadership urging more decisive action.

Ananda Palitha, the convener of the professional coalition, stated that the amendment is fundamentally detrimental to democracy. He has accused the party leadership of failing to effectively engage with the public to foster a robust discourse on the issue.

The letter emphasizes the necessity for a significant campaign of opposition, set to commence on the 24th, to protest against the amendment. It outlines the need for uninterrupted action until the vote on the amendment takes place in Parliament on the 25th.

Moreover, the letter urges all opposition party members, including the opposition leader, to play a direct role in this initiative.

Palitha also calls for the mobilization of various political parties, the legal community, trade unions, and civil organizations to unite on a single platform, providing essential leadership and resources for this vital cause.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. Meka hari Kalin aragalaya kale dheshapalana pakshayak hari eka nayakayek genna targert krla nemei. Samajetama balapana prashnaayk vidhihta. habai me anduven karana balu vada valata dan ehema krnne na. eka eka pakshen pimbenna thamai krnne. eka ekata pimbenna chandhyaka nathiva giyama thopi okktma athulta yanna venne.

    ReplyDelete
    Replies
    1. අන්තවාදීන්ගේ ඔඩොක්කුවෙ ඉන්න ඕකා එලවලා දපියියාවු
      ඕකට කොන්දක් නෑ ආණ්ඩුවට විරුද් වෙන්න රනිල් මූට නායකත්වය දුන්නේ නැත්තේ ඒකයි. එජාපය හා එක්වී සියලුම විපක්ෂ එක්වී මේ ඒකාධිපති පාලනය ලබන ඡන්දයෙන් පරාජය කරමු සජිත් එලවමු

      Delete
  2. 22 ට තියා ආණ්ඩුවේ කිසි දේකට සජිත් (ලොකුවට) විරුද්ධ වෙන්නේ නෑ - බොරු කතාවක් පැවත්වීමක් විතරක් කරනවා

    මොකද සජිත් ගේ, ජලනි ගේ, දුලංජලී ගේ වැඩ වලට, තුන්දෙනාවම හිරේ දානවා කියලා බය කර ගෙන ඉන්නේ

    සංස්කෘතික අරමුදලේ සල්ලි අවභාවිතා කළා කියලා සජිත් ව, රජයේ සේවකයන් ව ජලනි ගේ රූපලාවණ්‍යාගාර වල වැඩට ගත්තා කියලා ජලනි ව, හොර සල්ලි ගැහුවා කියලා දුලංජලී ව, තුන් දෙනාවම හිරේ දානවා කියලා පවුලම බය කරලා තියෙන්නේ

    ඉතින් සජිත් කොහොමවත් ව ම ආණ්ඩුවට හිසරදයක් වෙන වැඩක් කරන්නේ නෑ

    ඔයා කතාවක් පවත්වන එක පවා කරන්නේ ආණ්ඩුවට කල් තියා දැනුම් දීලා අවසර අරගෙනය කියන එක රහසක් නෙමෙයි - සජිත් තරම් බියගුලු විපක්ෂ නායක කෙනෙක් මේ රටේ තියා වෙන රටකවත් ඉඳලා නැතුව ඇති.

    අඩු ගානේ නාමල් ට හිරේ යන්න තරමේ හරි ගටක් තියෙනවා - සජිත් ට ඒකත් නෑ

    මේ සෙල්ලම දැන් සාමාජිකයන් ට තේරිලා තියෙන්නේ

    ආණ්ඩුව එලවන්න ඕනේ නම් ඉස්සෙල්ලා සජිත් ව එලවලා දාලා ඉන්න වෙන බව සජබ සාමාජිකයන් තේරුම් අර ගනිමින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව්. මූ නිසා රටක්ම විඳවනවා.
      කැරි ජෙප්පොන්ට රට දුන්නේ මූ හරියන්නේ නැති නිසානේ.
      යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද අහන්න වගේ, මේ වෙලාවේ නැති විරෝධය මොන ලබ්බකටද?

      Delete
    2. සුරේශ් සලේ වෙනුවෙන් කතා කරේ නැහැ. රටේ ‍රැලියක්, උශ්ඝෝෂණයක් තියන්නේ නැහැ, සමාජ මාධ්‍ය වැඩපිලිවෙලක් නැහැ. යන්තම් හරි ඒක කරගෙන ආපු චරිත්ට බොරු චෝදනාවක් එල්ල වෙච්ච ගමන්ම ඌව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පක්ශෙන් එලවලා දැම්මා. රටේ මිනිස්සුන්ගේ සාපෙ තමයි. කාලයක් රනිල් කෑවා. දැන් සජිත් කනවා. රටේ මිනිස්සු තේරුම්ගන්න ඕන එජාපෙ සජබේ කියන්නේ කල් ඉකුත් වෙච්ච කාලකන්නි පක්ශ 2ක් කියලා. අනුරයව බලේට එන්න උදව් කරේ රනිලා. ඒ සජිත් එක්ක තියෙන වෛරය පිරිමහන්න. 2015 බලය අරගෙන පාස්කු බෝම්බෙ වෙන්න ඇරලා රට කෑවේ එජාපේ යහපාලන විකාරේ. දැන් මාලිමාවෙන් කරන්නෙත් ඒ යහපාලනෙන් කරපු විකාරෙම තමයි.

      Delete
    3. Sajithta onakarana wada me anduwa lawa karaganda 22 pryojanwath wena puluwan. Okkoma viruddawadeen nathiunahama me anduwa minissunta epa unahama ithiru wenne mama witharai. Wena vikalpayak natha. Kisi dekata virudda novee bala sitimi mama. The vulture is a patient bird. I will give these guys enough rope to ..........

      Delete
  3. Koheds suddek kiyapu ekak Palithaya methana kiyavanava. Suddanta therenne na Lankave chanda gana. Lankave thiyenne amuthuma chanda kramayak. Boru kiyala thamai chanda dinanna puluvan mehema. Jeppo aeka hodatama kala.

    ReplyDelete
Previous Post Next Post