22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේදී ආණ්ඩුව තුළ කිසිදු බරපතළ දෙකඩ වීමක් සිදු නොවූ බවත්, එහිදී මතු වූයේ නොසලකා හැරිය හැකි මට්ටමේ සුළු බෙදීමක් පමණක් බවත් සභානායක ජනමාධ්‍ය අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂය මෙම තත්ත්වය දේශපාලන වාසි තකා අතිශයෝක්තියෙන් යුතුව සමාජගත කිරීමට උත්සාහ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
"22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව දෙකට බෙදී ඇති බව පෙන්වීමට විපක්ෂය දැඩි පරිශ්‍රමයක් දැරුවා. ඔවුන් මේ හරහා දැවැන්ත බිල්ලෙක් මවමින්, ජනතාව තුළ අනියත බියක් ඇති කිරීමට කටයුතු කළා. ආගමික නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නොමඟ යවමින් අසත්‍ය කරුණු ප්‍රචාරය කළා. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද? මෙරට අතිවිශාල අධිකරණ ප්රතිසංස්කරණයක් සිදු වුවද විපක්ෂය බලාපොරොත්තු වූ කිසිදු සමාජ කැළඹීමක් සිදු වූයේ නැහැ.
ආණ්ඩුවක් ලෙස අප දෙකට බෙදී කටයුතු කළේ නැහැ. එතැනදී සුළු බෙදීමක් ඇති වූ බව සත්‍යයක්. ඒ පිළිබඳ නිවැරදි ගණනය කිරීමක් අප සතුව තිබුණා. විපක්ෂය මෙයින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කළද, නැති දෙයක් පෙන්වීමට ගොස් අවසානයේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ‘හිට් විකට්’ වීමක් මෙන් තමන් විසින්ම අමාරුවේ වැටුණා. විපක්ෂ නායකයන් මෙන්ම ඊට අදාළ වෘත්තීය සමිතිද එම ඉරණමටම ගොදුරු වුණා.
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන්ද ඔවුන් ගෙන ගියේ එවැනිම අසත්‍ය ප්‍රචාරයක්. එමෙන්ම මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට ‘බලපෑම පිළිබඳ ප්‍රකාශය’ ඇතුළත් කර නැති බවට විපක්ෂයේ ප්‍රබල නීතිඥවරුන් පිරිසක් චෝදනා කළා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී එවැනි ප්‍රකාශයක් ඇතුළත් නොකරන බව අප පෙන්වා දුන් පසු ඔවුන්ට කීමට දෙයක් ඉතිරි වූයේ නැහැ. නීතිඥයන් නොවන අයෙකු පවා නිවැරදි දේ පෙන්වා දුන් විට එය පිළිගැනීමට තරම් නිහතමානීකමක් ඔවුන් තුළ තිබුණේ නැහැ."
No Major Divide Among Government Members During Constitutional Amendment, Says Minister Bimal Ratnayake
During discussions concerning the passage of the 22nd Constitutional Amendment, Minister of Media Bimal Ratnayake emphasized that there was no significant division within the government. He remarked that only a minor disagreement occurred, one that was negligible in the broader context of the amendment's adoption.
Addressing the parliament, Ratnayake accused the opposition of attempting to capitalize on this situation for political gain, exaggerating the extent of dissent within the ruling party. He pointed out that the opposition’s efforts were aimed at inciting unfounded fears among the public.
"The opposition worked diligently to portray that the government was fractured over the 22nd Amendment," he stated. "Their actions were designed to create a sense of chaos among the people, spreading false narratives even to religious leaders and the United Nations. However, in the end, what transpired? Despite significant judicial reforms undertaken in this country, no social upheaval occurred, contrary to the opposition's expectations."
Ratnayake maintained that the government did not act in a divided manner, acknowledging that a small split did exist. However, he affirmed that they possessed a correct assessment of the situation. While the opposition sought to gain political advantage, they ultimately found themselves in a predicament akin to ‘hit wicket’ in cricket, with both opposition leaders and affiliated professional unions facing similar setbacks.
He also addressed the claims surrounding the proposed increase in the retirement age for judges, which the opposition similarly misrepresented. A group of prominent opposition lawyers had alleged that crucial statements regarding the amendment's intent were omitted when the proposal was presented to parliament. Yet, after the government clarified that such statements are not required during a constitutional amendment process, the opposition had little room to argue.
The minister remarked on the lack of humility among the opposition members when confronted with accurate information, even from individuals outside the legal profession.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනේ තොපේ nihathamai කම. ගෝනි බිල්ලා
ReplyDeleteඒ. 'චූටි,' සුදු චූටි ද?, රතු චූටි ද? පත චූටි ද?
ReplyDeleteචූටි, කියුටි (cutie) වෙන්න බැරිද?
ReplyDeleteනියත නිරය උරුම කරගත් දේශ ද්‍රෝහී පාහර බල්ලෝ සියතින් ගෙල සිඳගනී. නිරයට දොරටු තම තමන් විසින්ම විවර කරගෙන ඇත.
ReplyDeleteආරියතිලක
ReplyDelete“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්! රාජද්‍රෝහය නම් අපරාධම වරදක්!
වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යි.. අත් අඩංගුවට ගත යුතු යි..
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සමුළුවක් අමතා මෙම ප්‍රකාශය කර කළේ ය.
එහිදී ඔහු මෙසේ ද කිය යි.
“අපිට ලැබිල තියෙන්නේ ආණ්ඩු බලය, තව තියනවා කොටසක් රාජ්‍ය බලය කියල කොටසක් ආණ්ඩු බලය කියන්නේ ඔය ගොල්ලො කතිරයක් ගසා ලබා දෙන බලය ඒක එක දවසින් දෙන්න පුළුවන්. එක දවසින් ලැබෙනව. අපට ඒ ලැබිල තියනව ආකාර තුනෙන්ම, ඊ අඟ එක තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඉස්සරහට එන අපි ආණ්ඩුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සියල්ල ගමන් කළ යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඒ තමයි රාජ්‍ය බලය; රාජ්‍ය බලය එක දවසින් එන්නේ නැහැ ඒක ලබා ගන්න කාලයක් ගත වෙනව”
“දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;
අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගහල ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශය ජනතා පරමාධිත්‍යයේ බලය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව කිව යුතු ය. එසේ ම රාජ්‍යද්‍රෝහී බව නැවත සාක්ෂි සහිතව ප්‍රදර්ශන කිරීමක් බව කිව යුතු ය.
2024 සැප්තැම්බර් 21 දින හා 2024 නොවැම්බර් 14 දින පවත්වන ලද ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන දෙක ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පවත් වන ලදී. ඒ ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ජනතා පරමාධිපත්‍යයයේ බලතල ක්‍රියාත්මක් කිරීමට ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයට, මැතිවරණ දෙකෙහිදී ම දෙන ලද ඡන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියවෙන ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට යටත් ව, ජනාධිපති ධූරය සහ ආණ්ඩු බලය (ව්‍යවස්ථාදායක බලය) ක්‍රියාත්මක කිරීමට මිස වෙනත් දේශපාලන අහිමතාර්ථ දියත් කිරීමට නො වන බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති රාජ්‍ය බලමහිමය, ජනතා පරමාධිපත්‍යයයේ බලයට යටත් කොට ව්‍යවස්ථාදායකයෙන් ද විධායකයෙන් ද සහ අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුක්රව ව්‍යවස්ථාවෙන් පනවා ඇත්තේ ය.
ආණ්ඩු බලය යනු ව්‍යවස්ථාදායකයේ බලය ය. ව්‍යවස්ථාදයකය හෙවත් පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පත් වී ඇති කවර හෝ මන්ත්‍රීවරයෙකු විසින්
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කියනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් රාජ්‍යයට ද්‍රෝහීවීමක් වේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ බලමහිමයට ද්‍රෝහී වීමක්; ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා බලය ප්‍රතික්ෂේප කිරීමක් බව ද කිව යුතු ය.
ආණ්ඩු බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පත්වන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් කියවෙන ව්‍යවස්ථාදායක බලය අනුව ක්‍රියාත්මක වන්නේ ය.
ඉතිරි කොටස….
ReplyDeleteආරියතිලක
ආණ්ඩුවේ ම පාලන විධානයේ කොටසක් වන විධායකය ද හෙවත් ජනාධ්පතිධූරය ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ බලය ක්‍රියාත්මක් කිරීමක් වන්නේ ය.
රාජ්‍ය බලය කිසිවෙකුටත් අත් කරගත නො හැකි බව;
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත” යයි කිසිවෙක් හට කීමට හිමිකමක් නැත්තේ ය.
කිසිම ආකාරයකින් රාජය බලය පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ගත හැකි දෙයක් නොවන බව කිව යුතු ය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය ද කිසිවෙකුට අත්පත් කර ගත නො හැක.
රාජ්‍යයේ සියලු බලමහිමය ශ්‍රී ලංකා ජනරජය දරා සිටින බව;
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 166 වන ව්‍යවස්ථාවෙහි,
“166. ජනරජයේ බලතල, වරප්‍රසාද, පරිහාර, හා අයිතිවාසිකම්
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකවීම අරම්භ වන තෙක් ක්‍රියාත්මක කළා වූ ද, කළහැකි වූ ද බලතල හා වරප්‍රසාද ද පරිහාර හා අයිතිවාසිකම් ද ඇතුළු සියලු බලමහිමය, පාර්ලිමේන්තුව වෙනත් අන්‍යාකාර විධිවිධාන සැලැස්වුවහොත් මිස, ශ්‍රී ලංකා ජනරජයට හිමි වන්නේ ය. ශ්‍රී ලංකා ජනරජය ඒ සියලු බලමහිමය දරා ක්‍රියාත්මක කරන්නේ ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (1) ව්‍යවස්ථාව;
“76 (1) ව්‍යස්ථාදායක බලය පවරා දීම:
පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහටවිය යුත්තේ ය.”
යනුවෙන් පනවා තිබීමත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
3 වන වව්යවස්ථාවෙහි:
“ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නො හැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”
යනුවෙන් පනවා තිබීමත් හේතුවෙන් පරමාධිපත්‍යයේ බලය අත් හළ නොහැකි බැවින් ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලය, පරමාධිපත්‍යයේ බලය කිසිවෙකුට අත්පත් කර ගත නොහැක්කේ ය. ශ්‍රී ලංකා පුරවැසි හා ලෝකයේ කිසිදු රාජ්‍යයකට, එම බලය අභිබවා කටයුතු කළ නො හැක්කේ ය. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය බලමහිමයට විරුද්ධව ක්‍රියා කිරීම, පිරිස් එකතු කිරීම, දේශන තැබීම හෝ
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත”
යයි ප්‍රකාශ කිරීම හෝ එම ප්‍රකාශය මත පිහිටා පිරිස් එකතු කිරීම හෝ දේශන තැබීම හෝ ශ්‍රී ලංකා දේශය තුල හෝ ඉන් පිටත පිරිස් එකතු කිරීම, දේශන තැබීම, කුදු මහත් සියලු ක්‍රියාකාරකම්වල නිරත වීම, හෝ ආණ්ඩුක්‍රම ව්යාස්ථව උල්ල්ංඝය කිරීමක් වනවා ඇත. එය අපරාධමය වරදක් ද වේ. ඒ රාජද්‍රෝහය නැමැති වරද ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද වන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රකාර දිවුරුම ද, හෝ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්‍රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා ප්‍රකාරව
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම නැමැති වරද ඇති කරන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා නම්:-
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
යනුවෙන් පනවා ඇත්තේ ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
අපරාධමය වරද වන්නේ, දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය සෘජුව ම උල්ලංඝනය වීම ද 114,115,116 වගන්ති ද,118, 121,122 යන වගන්ති ද උල්ලංඝනය වීම නිසාවෙනි.
නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහත ප්‍රකාශය අනුව;
“දෙවන කාරණය තමයි බලය ගත්ත ආකාරය ගත්තොත් එහෙම දැන් මම කිව්වා ආණ්ඩු බලය; රාජ්‍ය බලය ඒකින් ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත;
අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගහල ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශය මෙසේ වෙන් කර ගත් විට
1. “ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”
2. අපි 71 බලය ගත්තනම් අපි කොහොම ද බලයෙ ඉන්නෙ එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම එකට ගන්නේ මොකද එන්නෙ ගහල ගන්නෙ බලය,
3. 88/89 අපි බලය ගත්ත නම් කොහොමද අපි බලය ගහල ගන්නෙ අපි බලය ගන්නේ ගහල ගන්නෙ. එහෙනම් ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙක ම අපිට එන්නෙ”
මෙම ප්‍රකාශ ඛණ්ඩ ත්‍රිත්වය අනුව
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කරන අවස්ථාවෙ පෙනී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බව පැහැදිලි ය. 1971 කැරැල්ල හා 1988/89 කැරැල්ල මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණ මිස වෙන කවුරුත් නො වේ. ජාතික ජන බලවේගය ආරම්භය 2019 ජූලි 13 ය. 1971 හා 1987/88/89 ජවිපෙ විසින් රාජ්‍ය පැහැර ගැනීමේ රාජද්‍රෝහී කැරැල්ල සාධාරණීය කිරීම පමණක් නොව එසේ කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම අත්පත් කර ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව පවසයි. කැරැළි දෙකෙන් කුමන හෝ කැරැල්ලක් සාර්ථක වූයේ නම් ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය යන දෙක ම ලබා ගත හැකිව තිබූ බව පවසයි. එයද “ගහල ගැනීමෙන්” ය. එනම් ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ආයුධ සංනද්ධ ත්‍රස්තවාදය මගිනි. එසේ ගහල ගැනීමට නො හැකි වීමෙන් ආණ්ඩු බලය හා රාජ්‍ය බලය එදා අහිමි වුවත් “අද ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා. නමුත් එදා 71 හා 88/89 අයුධ සංනද්ධ කැරැල්ලේ ඉලක්කය වන, එදා පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දරා සිටිමින් හා ප්රදානය කොට ජනතාව භික්ති විදින, ශ්‍රී ලංකා රාජ්‍යයයේ රාජ්‍ය බලය නොව, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට්වාදය ඉලක්කය කරගත් රාජ්‍ය බලය තමයි අපට අවශ්‍ය කරන්නේ. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්රදානය කොට භුත්ති විදින රාජ්‍ය බලය නො වේ” යන්න ය.
එසේ නම් 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරැලි දෙකෙන් අත්පත් කර ගැනීමට නො හැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය නොව අපට ඇවැසි වෙනත් රාජ්‍ය බලයක් ලබා ගත යුතු ය. ස්ථාපිත කළ යුතු ය යනුවෙන් තම පක්ෂ සාමාජිකයන් හෝ වෙනත් පිරිස් හෝ දැනුවත් කිරීම කළ බව පැහැදිලි ය. 1971 සහ 1988/89 ජවිපෙ ආයුධ සංන්ද්ධ කැරළි දෙක සාධාරණීය කිරීම යනු නැවතත් අවශ්‍ය වුවොත් ජවිපෙ පක්ෂ ක්‍රියාකාරීන් හෝ ජාතික ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් හෝ, දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්රදානය කොට භුක්ති විදින රාජ්‍ය බලය පැහැර ගත යුතු බවට යෝජනා කිරීමක්, ඒ සඳහා පූර්ව මානසික සූදානම් කිරීමක්, පිරිස් ඒකරාශි කිරීමක්, ඒ සඳහා උද්යෝගය ඇති කිරීමක් කළ බව පැහැදිලි ය.
ඒ හේතුවෙන් දණ්ඩනීති සංග්‍රහයේ 114,115,116 වගන්ති 118, 121,122 යන වගන්ති වලින් කියවෙන රාජද්‍රෝහී වරද සිදුවන බව පැහැදිලි ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටේ ජනතාවට උත්තර දීමට නීතිය ක්‍රියාත්මක කිරීමට බැදී ඇත්තේ ය. තම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කරන ලද මෙම ප්‍රකාශය නොසලකා හැරිය නො හැක. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ මතය මේ සම්බන්ධයෙන් ජනතාවට නොවලහා දැන ගැනීමට සැළැස්වීම ද මෙම ප්‍රකාශය කළ නියෝජ්‍ය ආමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව හා දණ්ඩනීති සංග්‍රයේ නීති විධිවිධාන අනුව නීතිය ක්‍රියාත්මක් කිරීමට නොපමාව ක්‍රියා කළ යුතු බව අපගේ අදහස ය.
“ආණ්ඩු බලය ලැබී තිබෙනවා රාජ්‍ය බලය සම්පූර්ණ ලැබී නැත.”
යයි කවර තැනැත්තකු හෝ ප්‍රකාශ කෙරේ ද එම තැනැත්තාට හට නීතිය නොවලහා ක්‍රියාත්මක කොට රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ආරක්ෂා කිරීම ඇවැසි බව අපගේ අදහස ය.