22 සංශෝධන පෙතස්ම් විභාගය ගැටළුකාරීයි.. අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සිය දැඩි අවධානය යොමු කර තිබේ.

එම සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවක දැක්වෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙම නඩු විභාගයේදී අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආරාධනයකට අනුව පසුගිය සැප්තැම්බර් මස මුලදී මෙරට සංචාරයක නිරත වූ තිරූ මහතා, මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇත.

යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා වන බැවින් ඔහු මෙම නඩු විභාගයෙන් ඉවත් විය යුතු බවට පෙත්සම්කරුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම පිළිබඳව වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමේදී ඊට පාදක වූ හේතු පැහැදිලිව ඉදිරිපත් නොකිරීම අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන සැකයක් ඇති කිරීමට හේතු විය හැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙම නඩුව විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් (17 දෙනෙකුගෙන්) සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීම ද වාර්තාවේ විවේචනයට ලක්ව ඇත.

විශේෂයෙන්ම, අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් සිව්දෙනාම මෙම විනිසුරු මඩුල්ලට ඇතුළත් නොකිරීම කැපී පෙනෙන කරුණක් බව ස්ටීවන් තිරූ මහතා පවසයි.

නඩු විභාගයේදී වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීමෙන් පසු පෙත්සම්කරුවන්ට වාචිකව පිළිතුරු දීමට අවස්ථාව ලබා නොදීම ද පටිපාටිමය සාධාරණත්වය උල්ලංඝනය කිරීමක් ලෙස වාර්තාවේ දක්වා ඇත. සංකීර්ණ ව්‍යවස්ථාමය කරුණු පවතින මෙවැනි නඩුවකදී ලිඛිත දේශනවලට පමණක් සීමා වීම ප්‍රමාණවත් නොවන බව එහි සඳහන් වේ.

සිය සංචාරය අතරතුර ස්ටීවන් තිරූ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී අධිකරණ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියද, ඔවුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව ද වාර්තාවේ සඳහන් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පදනම වන අතර, ඕනෑම රජයක ක්‍රියාකලාපයන් පවා ප්‍රශ්න කළ හැකි අවසාන බලකොටුව අධිකරණය බැවින් එහි ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීම අත්‍යවශ්‍ය බව පවසමින් ස්ටීවන් තිරූ මහතා සිය වාර්තාව අවසන් කර ඇත.





Concerns Raised Over Judicial Independence Amidst Challenges to Sri Lanka's Proposed 22nd Constitutional Amendment

The Sri Lankan Constitutional Lawyers’ Association (CLA) has expressed serious concerns regarding the fairness and transparency of the ongoing Supreme Court hearings challenging the proposed 22nd Amendment to the Constitution. This scrutiny comes in the wake of a special report issued by the Association's president, Steven Thiru, highlighting potential issues that could undermine the independence of the judiciary and public trust in the legal process.

In his report, Thiru pointed out significant procedural concerns that arose during the hearings, aiming to confirm the integrity of the judiciary. His observations were made following his participation in a visit to Sri Lanka earlier in September at the invitation of the Sri Lankan Bar Association.

The proposed amendment seeks to raise the retirement age of Supreme Court judges to 67, putting the Chief Justice directly in the spotlight as the oldest beneficiary. Thiru's report asserts that a request to withdraw a judge from the case due to the potential conflict of interest was dismissed, raising concerns regarding transparency and fairness in judicial decision-making.

Moreover, the report criticizes the rejection of a demand to constitute a full bench of all 17 judges of the Supreme Court for the case, instead appointing a panel of only five judges. This decision has sparked substantial criticism, especially given that none of the four most senior judges, apart from the Chief Justice, were included in the hearing panel.

Additionally, the report raises alarms over a lack of opportunity for the petitioners to respond verbally after the respondents presented their arguments. This limitation is viewed as a breach of procedural justice, particularly in complex constitutional cases where written submissions alone are deemed insufficient for ensuring comprehensive judicial review.

During his visit, Thiru also met with Opposition Leader Sajith Premadasa to discuss the critical importance of maintaining judicial independence in a democratic government. However, it was noted in the report that requests for meetings with Minister of Justice, Harshana Rajapaksa, and the Secretary of the Ministry of Justice went unanswered.

Thiru concluded his report by emphasizing that the independence of the judiciary is fundamental to democratic governance, asserting that the judiciary acts as the ultimate arbiter of governmental actions. Maintaining its independence and respect is essential to uphold the rule of law in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments

  1. 22 ට හුරේ දාන ඩෝබියෝ ඉස්සෙල්ලා අහපල්ලා හාම්පුතාලගෙන් ඔය නඩු ඉස්සරහට දාලා වෙන මොනවද ඕක ඇතුලේ තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිSeptember 7, 2026 at 11:40 PM

      හාම්පුතාලා ඉන්නේ වහල්ලුන්ට, ඒ කියන්නේ තොපිට. අපේ අනුර අයියා අපේ සහෝදරයා. එහෙනම් ටේක් කෙයාර්, බායි.

      Delete
    2. දාර ජෙප්පෙක්…….😂😂😂
      වහල දන්නව ඌට හාම්පුතෙක් ඉන්නව කියලා…. අඩු කුලේ ඩෝබියෝ ඒකවත් නොදැන හෝදනව😂😂😂 සහෝදරයගෙ පුතා පින්ලන්ඩ්…. සහොදරයගෙ මාලිගාවෙ සර්වන්ට් සහොදරියො දෙන්නයි… ලාලගෙ මාලිගාවෙ සර්වන්ට් සහොදරියක් ( 60 පැනල) පතිරෙන උන්ගෙ ගූකනව😂

      Delete
    3. pathirana kiyala kotana dobita

      විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා

      Delete
  2. රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා වන බැවින් ඔහු මෙම නඩු විභාගයෙන් ඉවත් විය යුතු

    ReplyDelete
    Replies
    1. HORAGE AMMAGEN PENA AHANAWA DANNAWA


      HORAGEN AHANAWA DAKKAMAY

      ADUKULE DOBIS

      Delete
    2. ලැජ්ජය මල්ලි


      එළඟට ජනපතිය අහය් මම අවුරුදු 5ණ් යන්න ඕනෙද කියල උගෙන්ම

      Delete
    3. පතිරණ ගලප්පත්තිSeptember 7, 2026 at 11:45 PM

      ගොන් කථා කියන එක පුරුද්දක් වෙලා මේ පුන්නක්කු බයියන් ගේ. අවුරුදු 65න් විශ්‍රාම යා යුතුයි කියලා තිබුණ නීතිය, අවුරුදු 67න් විශ්‍රාම යා යුතුයි කියලා වෙනස් කරණවා, ඒකෙන් අවුරුදු 2යි සේවා කාලය වැඩි වෙන්නේ. තේ කෝප්පෙ කුණාටු දකින්ඩ එපා. හැබැයි ඒ අවුරුදු 2 තුළ තරමක් වැඩියෙන් විනිසුරුවරු බඳවා ගැනීමත් සිදු කරණවා, ඉන්න අයත් විශ්‍රාම යා නොදී තියා ගන්නවා, එතකොට නඩු කටයුතු සඳහා සිටින නඩු කාරයන් ප්‍රමාණය ඉහළ යනවා, ක්ෂණික විසඳුමක් ලෙස, පස්සේ ඉදිරි වසර කීපයේ වැඩිපුර නඩු කාරයින් රටට ලබා දීමට කටයුතු කරණවා, එතකොට මේ වෙනකොට වේගවත් වෙන අධිකරණ ක්‍රියාමාර්ග වල එම වේගය තවදුරටත් පවත්වා ගන්ඩ පුළුවන්.

      Delete
    4. ගොන් කතා කියන්නෙ කවුද? ඔය තරම් තදියමට විනිසුරුවන්ගෙ වයස වැඩිකරා කියල නඩු ඉක්මන් වෙන්නෙ උන් ඕක වැඩි කරාම රෑ එලිවෙනකම් නඩු අහලද? ලංකාවටම එකක් දෙකක් ඉන්න විසේසඤ්ඤ වෛද්‍යවරු කීදෙනෙක්ගෙ සේවය වයස සම්පුර්න වෙලා අවසන් වෙලා තියෙනවද? ඒවා ඔය ගුකන ඩෝබියන්ට පේන්නෙ නෑ

      Delete
    5. pathirana kiyala kotana dobita

      විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා

      Delete
    6. පතිරණ ගලප්පත්ති කියන්නෙ පුන්නක්කු ඩෝබියෙක්. උගේ ඉහත කොමෙන්ට් එකෙන් ඒක තේරෙනවා. නඩු කටයුතු ඉක්මන් කරන්න නම්, ශේෂ්ඨදිකරන නෙමේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ වයස දිග කරන්න. අනික නඩු කල් යන්නෙ ඒ සඳහා සාක්ෂි හොයන අයගේ අඩුවක් නිසා. ඒ නිසා රස පරික්ස්පරික්ෂක වගේ අය වැඩි කරන්න. මෙතන වෙන්නෙ තමන් කැමති ඩෝබීක් වන අග විනිවිනිසුරුව ඊළඟ චන්දෙ වෙනකම් තිය ගැනීම පමණයි. ඒකෙන් එක්ස්ප්‍රස් පර්ල් නාවේ දුෂනයත් යට ගහන්න පුඋවන්. ජනාධිපතියි අග විනිසුරුයි දෙන්නම තවකතවකලිකව හරි ගොඩ. ඒ අවුරුදු කිපය තුල ව්යවස්ථාව වෙනස් කරලා චන්දත් අහෝසි කලොත් හැමදාම ගොඩ. උතුරු කොරියාව වගේ අපටත් ඉන්න පුළුවන් එතකොට. පතිරණ ගලප්පත්ති වගේ දඩාර ඩෝබිලා නම් ඇමති කමක් හරි අරගෙන ගොඩයි.

      Delete
  3. පැන්ෂන් කාරයෙක් වෙලා ගෙදර ඉන්න ඕනේ මිනිහෙක් රටේ පවතින ව්‍යවස්ථාවත් වෙනස් කරමින් විශ්‍රාම කාලය දීර්ඝ කර ගන්න හදන එක සහ එය ඉටු කරදීමෙන් පසු අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමට ඇති හැකියාව නිසා ජනාධිපති ඇතුළු ආණ්ඩුව කෙසේ හෝ 22 සම්මත කරගන්නා බව කාටද නොතේරෙන්නෙ.
    මේ වගේ බරපතළ හානියක් රටට කරනකල් නිදි කිර කිර ඉන්නෙ නැතිව අඩු තරමින් මේවගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලට එරෙහිවෙන ලෝක සංවිධානවලටවත් දැනුම් දෙන්න කෙනෙක් ලංකාවේ නැති හැටි.
    ප්‍රජාතන්ත්‍රවාදයට කෙලවෙනකල් ලංකාවේ විපක්ෂය නිදිද?

    ReplyDelete
    Replies
    1. නඩුත් පාස්ටර්ගෙ

      බඩුත් පාස්ටර්ගෙ.

      Delete
  4. කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියද, ඔවුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව ද වාර්තාවේ සඳහන් වේ.

    මීගමුවේ බන්ධනාගාරයට ගහපු වෙලාවේවගේ හර්ෂණයා තවමත් ෂොට් එකක් දෙකක් දාගන නිදිඇති.

    ReplyDelete
    Replies
    1. මීගමුවේ බන්ධනාගාර පිච්චර් එකේ අධ්‍යක්ෂකට මහන්සියට නිකම්ම නින්ද යනවා ඇති.
      ගැලරිය පිනවන්න චිත්‍රපටි ගහන එක ලේසි වැඩක්ද?

      Delete
  5. දේවගැති සූරසේනSeptember 7, 2026 at 11:09 PM

    Now, let us all pray together.

    ReplyDelete
    Replies
    1. වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා වන බැවින් ඔහු මෙම නඩු විභාගයෙන් ඉවත් විය

      Delete
  6. ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳින අවසන් පෝය දෙකද මේ අපි ගෙවන්නේ?

    ReplyDelete
  7. ආරියතිලක

    පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවෙන් උපුටා ගැනීම;

    “17) The first issue of concern relates to the application for the recusal of the Chief Justice. The
    Petitioners had raised a potential conflict of interest, pointing out that the Chief Justice would
    be the first Supreme Court judge who could benefit from the proposed amendment. Against
    that background, they submitted that the petitions should be heard by a bench comprising
    the other judges of the Supreme Court. The application was denied.


    18) The recusal of a judge on the grounds of a conflict of interest is a serious matter, since it
    engages the fundamental requirement of judicial impartiality and may also concern the
    perception of a reasonable apprehension of bias. It is therefore important, particularly in a
    matter of such constitutional significance, that an application raising such an issue be
    addressed in a manner sufficient to explain the basis upon which it is accepted or rejected.
    In the absence of sufficiently clear reasons, there is a risk that questions may remain
    regarding the perception of impartiality and procedural fairness. This observation is not
    intended to suggest that the Chief Justice was in fact biased or that the recusal application
    was necessarily well founded; rather, it underscores the importance of addressing such an
    application with particular care and transparency, and of providing justifiable reasons for
    rejecting it.”


    35 වගන්තියෙන්;

    “There can be no free society without law, administered

    through an independent judiciary. It is and should be the pride of a democratic government

    that it maintains and upholds independent courts of justice where even its own acts can be 8

    tested. The supremacy of the Constitution is protected by the authority of an independent

    judiciary to act as the interpreter of the Constitution.”


    "නීතියෙන් තොරව නිදහස් සමාජයක් තිබිය නොහැකි අතර ස්වාධීන අධිකරණයක් හරහා පරිපාලනය කළ හැකිය. තමන්ගේම ක්‍රියාවන් පවා පරීක්ෂා කළ හැකි ස්වාධීන අධිකරණ පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක ආඩම්බරය වන අතර එය විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථකථකයා ලෙස ක්‍රියා කිරීමට ස්වාධීන
    අධිකරණයක අධිකාරිය මගිනි."



    ReplyDelete
  8. Inquire into the Prime Grand Apt., detail which is over 150 Mln ...

    ReplyDelete
Previous Post Next Post