භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85කට අධික වටිනාකමකින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය සිදුකරන බව හඟවමින්, විද්‍යුත් විගමන පැවරුම් (Telegraphic Transfers) හරහා ඩොලර් සංචිත විදේශගත කර අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත, අදාළ සමාගම් 89 අතුරින් සමාගම් 05ක් මඟින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමකින් යුත් විදේශ විනිමය මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 12, වෝල් වීදිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
Individual Arrested for Allegedly Aiding in the Illegal Transfer of Billions in Foreign Currency
The Financial Crimes Investigation Division has apprehended a suspect in the Wellampitiya area, connected to the illicit transfer of over 24.85 billion Sri Lankan Rupees worth of foreign currency under the guise of importing goods.
Reports indicate that 89 registered companies in the country have been involved in importing goods, yet a complaint was lodged with the police headquarters suggesting that dollars were being transferred overseas through Telegraphic Transfers, with the corresponding items never being imported to Sri Lanka. In response, the Inspector General of Police mandated an extensive investigation by the Financial Crimes Investigation Division.
Through the course of this investigation, critical information emerged indicating that among the 89 companies, five were involved in helping facilitate the illegal transfer of 24.85 billion rupees' worth of foreign currency.
The individual arrested is a 35-year-old resident of the Colombo 12 area, specifically from the Wallawwa Road region.
The Financial Crimes Investigation Division is currently conducting further inquiries into the suspect under the Prevention of Money Laundering Act.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනුර කොහොම හරි මේ "සුද්දේ" ඉවර කරනවා.... හොරු ටික ඔක්කෝම කුදළලා ඇතුළට දාමු ජනාධිපතිතුමණි. නීතියට උඩින් කවුරුත් නැත! නියමයි!!
ReplyDeleteඅනිවා අනුර හොරු ඔක්කොම ඇතුලට දානවා..
Deleteමීට කුමාර ජයකොඩි