උගත් තරුණ පරපුරෙන් 43%කට රැකියා නෑ.. කලාපයේ ඉහළම විරැකියාව ලංකාවේ..- IMF


 උසස් අධ්‍යාපනය හදාරා ඇති ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් සියයට 43 කට අධික පිරිසක් රැකියා විරහිතව පසුවන බවත්, ඒ අනුව ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 12 ක් අතුරින් ඉහළ අධ්‍යාපනයක් සහිත තරුණ විරැකියාව ඉහළම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දත්ත වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප්‍රේල් 16 වන දින පවත්වන ලද ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද මෙම දත්ත, එම අරමුදලේ Finance & Development සඟරාවේ සැප්තැම්බර් කලාපයේ ද උපුටා දක්වා ඇත. අධ්‍යාපන මට්ටම ඉහළ යත්ම විරැකියාව අඩුවීම වෙනුවට එය ඉහළ යාමේ අසාමාන්‍ය කලාපීය ප්‍රවණතාවක් පවතින බවත්, එම තත්ත්වය වඩාත්ම දරුණු ලෙස පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

දකුණු ආසියාවේ අවම අගයක් වාර්තා කළ බංග්ලාදේශයේ එම ප්‍රතිශතය සියයට 36 ක් වන අතර, ශ්‍රී ලංකාවේ අගය ඊට වඩා සියයට 7 කින් ඉහළ මට්ටමක පවතී. එසේම, උසස් අධ්‍යාපනය ලත් තායිලන්ත තරුණ ප්‍රජාවගේ විරැකියා අනුපාතය වූ සියයට 13.2 ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය තුන් ගුණයකටත් වඩා වැඩිය.

පසුගිය වසරේ තායිලන්තයේ සමස්ත තරුණ විරැකියාව සියයට 3.9 ක් වැනි ඉතා අවම අගයක පැවති අතර, එහිදී උගත් තරුණයන් රැකියා විරහිත වීමේ ප්‍රවණතාව සාමාන්‍ය තරුණයන්ට වඩා තුන් ගුණයකින් වැඩි බව අනාවරණය වී තිබිණි. මෙම පරතරය අග්නිදිග ආසියාව පුරා දක්නට ලැබුණ ද, දකුණු ආසියානු කලාපය තුළ එය අතිශය පුළුල් මට්ටමක පවතින බව එම සඟරාව අවධාරණය කරයි.

මෙරට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත සමඟ සැසඳීමේදී, 2025 වසරේ වයස අවුරුදු 15 ත් 24 ත් අතර ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ සමස්ත විරැකියා අනුපාතය වූ සියයට 19.5 මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් උගත් තරුණ විරැකියාව තුළ පෙන්නුම් කරයි.

එසේම එය මෙරට සමස්ත ජාතික විරැකියා අනුපාතය වන සියයට 3.9 මෙන් 11 ගුණයක අගයකි. මෙරට සියලුම වයස් කාණ්ඩ සලකා බැලීමේදී, අ.පො.ස. උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සාමාන්‍ය විරැකියාව 2024 වසරේ පැවති සියයට 7.8 සිට සියයට 6.0 දක්වා පහත වැටී තිබුණ ද, රැකියා වෙළෙඳපොළට අලුතින් පිවිසෙන ඉහළම සුදුසුකම් සහිත නවක තරුණ ප්‍රජාවට විරැකියාවේ බරපතළම පීඩනය එල්ල වී ඇති බව මෙම සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ.

මෙම අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කළ IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා සඳහන් කළේ, "ඉහළ අධ්‍යාපනයක් සහිත තරුණ ශ්‍රමිකයන් සිය සුදුසුකම්වලට ගැළපෙන රැකියා සොයා ගැනීමට නොහැකිව දැඩි අරගලයක යෙදී සිටින" බවයි.

කෘත්‍රිම බුද්ධිය (AI) ව්‍යාප්ත වීම හරහා ආර්ථික වර්ධනය සහ ඵලදායිතාව ඉහළ යා හැකි වුවද, අවශ්‍ය නව කුසලතා වර්ධනය වීමට පෙර කෘත්‍රිම බුද්ධිය ප්‍රචලිත වුවහොත් එය තරුණ ශ්‍රමිකයන් මත දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. එබැවින් විශ්වවිද්‍යාල සහ තාක්ෂණික අධ්‍යාපන ආයතන රැකියා වෙළෙඳපොළේ සේවා යෝජකයන්ගේ සැබෑ ඉල්ලුමට සරිලන පරිදි සිය අධ්‍යාපන වැඩසටහන් කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර, ඉදිරි දශකය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියන 1.2 ක පමණ තරුණ පිරිසක් අලුතින් ශ්‍රම බලකායට එක්වීමට නියමිත බව ලෝක බැංකුව පසුගිය ජූනි මාසයේදී ඇස්තමේන්තු කර තිබිණි.

එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම තරුණ පරපුරේ පිවිසුම වන නමුත්, වත්මන් ගෝලීය ආර්ථික වර්ධන වේගය සියවස ආරම්භයේ පැවති මට්ටමට වඩා තුනෙන් එකකින් පමණ පහත වැටී ඇති දුෂ්කර ආර්ථික පරිසරයක් තුළ ඔවුන්ට රැකියා සොයා ගැනීමට සිදුවනු ඇති බව ද ලෝක බැංකුව වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.





Sri Lanka Faces Alarming Youth Unemployment Rates Amid Rising Higher Education

Recent data from the International Monetary Fund (IMF) reveals a staggering statistic: over 43% of Sri Lankan youth with higher education are currently unemployed. This places Sri Lanka at the top of the list among twelve countries in the Asia-Pacific region regarding youth unemployment for graduates.

During an April 16th discussion focused on economic outlooks for the Asia-Pacific area, the IMF presented these concerning figures. The statistics, highlighted in the September issue of the IMF's Finance & Development magazine, indicate an unusual regional trend where higher levels of education correlate with increasing unemployment rates, a phenomenon most acutely observed in Sri Lanka.

In comparison, neighboring Bangladesh reported a lower figure of 36%, significantly trailing Sri Lanka's rate by 7%. Furthermore, Thailand's youth unemployment rate for graduates stands at 13.2%, which is more than three times lower than that of Sri Lanka.

Last year, Thailand's overall youth unemployment dropped to a remarkably low 3.9%, yet the rate for educated youth was disproportionately high, suggesting that educated individuals faced unemployment at a rate three times greater than their peers. This disparity, while seen across Southeast Asia, is particularly pronounced in the South Asian region, according to the same report.

When contextualized with data from Sri Lanka's Department of Census and Statistics, the overall youth unemployment rate for those aged 15 to 24 is projected to be around 19.5% by 2025. This figure starkly highlights that educated youth are experiencing significantly higher unemployment rates compared to the national average of 3.9%.

If all age groups are considered, graduates holding advanced qualifications have faced an overall decline in job availability, dropping from 7.8% to 6.0% in 2024, demonstrating that newly qualified youth bear the brunt of this unemployment crisis.

Kristina Srinivasan, the director of the IMF's Asia and Pacific Department, shed light on this crisis, emphasizing that young workers with higher education are struggling to secure jobs that match their qualifications.

While the rise of artificial intelligence (AI) may enhance economic growth and productivity, she warned that without the development of new skills, the proliferation of AI may put additional pressure on young workers. Educational institutions must rapidly reform their programs to align with real labor market demands.

Meanwhile, the World Bank has projected that approximately 1.2 billion young individuals from developing countries will join the global workforce in the coming decades. This entry represents the largest recorded influx of young people into the labor market; however, the World Bank cautioned that they are entering a challenging economic environment, where the current global economic growth rate is considerably lower than levels seen at the beginning of the century.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ගස්බල්ලා ඉන්දියානු ජඩයෝ ශ්‍රී ලංකාවට ගෙන්නන්න හදන්නෙ ලංකාවෙ රැකියා කරන්න මිනිස්සු නැ කියලා

    ReplyDelete
    Replies
    1. මුට හොඳ ලනුවක කවන්න හදන්නේ

      එකය් මු කියන්නේ අවශිය දක්ෂතා නැති හින්ද යෝඅකයෙක් අපහු ගිය කියල

      ඕන ගොබ්බයෙක් දන්නවා මුලික් අදියපනේ තියෙනවනම් පුහුණු

      කරලා ගත්ත හැකි කියල

      Delete
  2. මොන බොරුද මේ. මාලිමා 160ම රැකියා නැතිව හිටපු කාලකණ්නිනෙ. දැන් ඔය යස අගේට පඩි කන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා

      අපි පඩි ගන්නේ නැහැ , සේරම පලවත්තට යවනවා

      Delete
  3. පකේ ශ්‍රී ලංකන් සමාගමටත් ඉන්දියානු හුත්තෙක් දැම්මෙ ceo කොරල. හරක් කොටා ජනාධිපති රට ඉන්දියාවට පාවලා දුන්නා

    ReplyDelete
  4. This will be solved after increasing retirement age to 67,65,63 etc. Remember this is a young government operated by dye mynas

    ReplyDelete
  5. බෝරුණේ .. දැන් ලෝකයේ දියුනම රටක්.. මෙසෙන්ල පවා පිට රටින් ගේන්නේ ..

    ReplyDelete
  6. මේ නිව්ස් එක වෙන්න බහ....ජෙප්පෝ ප්‍රචාරණය කරනවා අවුරුදු දෙකට රටට සුබයිලු....ඇත්තද හා? අපි කටින්ද පොකෙන්ද හිනාවෙන්න ඕනේ පුන්චම්මේ

    ReplyDelete
  7. රැකියා උත්පාදනය කරන්න කෝ වියපෘති. රාජපක්ශ ල හිරේ දාන එක බලන් පචයක් අහන් හිටපියව්. ඒකටනේ උඩදාගෙන මෝඩයෙක් ජනාධිපති කරේ.

    ReplyDelete
    Replies
    1. mu ava neme gota gobbaya gon wada

      kala

      Delete
  8. තව සහන ඉදිරියට
    වැඩිය සෙල්ලං දාන්න ගියොත් තියෙන රස්සා ටිකටත් කෙලවනවා
    අම්මප. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

    මරු
    මාරයි
    එල
    එළකිරි
    එලපවුසි

    ReplyDelete
  9. දැන් මුන්ට චන්දේ දීපු උන්ට සැපද ???????

    ReplyDelete
  10. Pinata buriyani kala Rajapaksala aragala karala eleuwwa...
    Dan kotage Kota bijja Kate gahagena denadeyak kala wena deyak balan indapalla..
    Kohomada dan sapada Kapu buriyani rasada... ais amma gundu...

    ReplyDelete
Previous Post Next Post