පාකිස්තානයේ සිට ශ්රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ රඳවාගෙන ඇති බහාලුම් දෙකක සඟවා තිබූ නීතිවිරෝධී මත්ද්රව්ය තොගය සම්බන්ධ විමර්ශන ක්රියාවලියේදී සිදුව ඇතැයි පැවසෙන අඩුපාඩු සහ පැහැර හැරීම් පිළිබඳව සොයා බැලීමට පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් විශේෂ අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම අභ්යන්තර පරීක්ෂණය මේ වන විටත් ක්රියාත්මක කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කරයි.
එසේ වුවද, මෙම අභ්යන්තර විමර්ශනය හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති අදාළ බහාලුම් දෙක සහ මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්රධාන විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බව පොලිසිය අවධාරණය කර සිටී.
එම මූලික විමර්ශන කටයුතු මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව ඉදිරියට මෙහෙයවනු ලබන බවද පොලිස් මාධ්ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Internal Police Investigation Launched Over Drug Seizure at Colombo Port
An internal investigation has been initiated following allegations of discrepancies and potential misconduct concerning a seizure of illegal drugs hidden in two containers imported from Pakistan and currently held at the Colombo International Container Terminal (CICT). This action was ordered by Inspector General of Police, Priyantha Weerasuriya.
The Police Special Investigation Unit is already active in conducting this internal review, as confirmed by the Police Media Division.
However, authorities have emphasized that this internal inquiry will not impede the principal investigation activities related to the seized containers and the smuggled drug shipment.
Additionally, the ongoing primary investigation is being conducted transparently and continuously by the Central Criminal Investigation Bureau (CCIB), as further stated in the announcement by the Police Media Division.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


හරි හරි අපිට සිදිධිය මුලින්ම ලීක් උනා.
ReplyDeleteඕක නෙමෙයි කතාව ටිල් විනයා බැනලා තියෙනවා මේ විදිහට අල්ලන්න ගියාම පන්න ගත්ත කන්ටේනර් තොගේ කේස් එක උඩට එනවා කියල.
ReplyDeleteඕලුගලගේ රැස් බහිනව😂😂 ඔයිට කලින් ගෑනියෙක් දාල ට්රයි කලා 😂😂 අනික දැන් කලින් හොරෙන් ගියපු කන්ටෙනර් ටික ගැනත් මිනිස්සු සැක කරනවනෙ ඔහොම ඇල්ලුවම
ReplyDelete