මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන්, මෙරට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය සහ බදු ප්‍රතිශතයන්ට අනුව දේශීය වෙළෙඳපොළේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 515 ත් 530 ත් අතර ඉහළ අගයක් නිරෑපනය වෙයි.
හූති සටන්කාමීන් විසින් බාබ් අල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ බලය අල්ලා ගැනීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නෞකාවලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පසුගිය පෙබරවාරියෙන් පසු වාර්තා වූ ඉහළම ඩීසල් මිල සටහන් වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව සිය ඩීසල් ආනයනයේදී පදනම් කරගන්නා සිංගප්පූරු ප්ලැට්ස් වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල පෙර පැවති ඩොලර් 90 සීමාවේ සිට සියයට 100කින් පමණ ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 180.60ක් දක්වා වර්ධනය වී ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 108ක් ලෙසද, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 103.3ක් ලෙසද සටහන්ව ඇත.
ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස සැලකූ විට, ඩොලර් 180.60ක් වන ඩීසල් බැරලයක (ලීටර් 159) පිරිවැය පමණක් රුපියල් 59,598ක් වන අතර ඒ අනුව ආනයනය කරනු ලබන ඩීසල් ලීටරයක මූලික මිල රුපියල් 375ක් පමණ වේ. ඊට අමතරව අවදානම් කලාප ඔස්සේ යාත්‍රා කිරීම හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ වාරික සඳහා ඩොලර් මිලියන 10 සිට 20 දක්වා අතිරේක මුදලක් දැරීමට සිදුවීම නිසා ලීටරයක් මෙරටට ගොඩබෑමේ පිරිවැය තවදුරටත් ඉහළ යයි. මෙම ගොඩබෑමේ පිරිවැයට රජය විසින් පනවා ඇති බදු, මෙහෙයුම් වියදම්, ප්‍රවාහන ගාස්තු සහ බෙදුම්කාර කොමිස් මුදල් එකතු වූ විට පිරිවැය ආවරණය වන පරිදි ඩීසල් ලීටරයක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් 515 ඉක්මවූ මිලකටය.
වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ වත්මන් වසරේ මුල් මාස හත තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.62ක් වැය කර ඇති බවත්, එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 68ක දැවැන්ත වර්ධනයක් බවත්ය. ලෝක වෙළෙඳපොළේ මෙලෙස අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යාම මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය උද්ධමනයටද දැඩි පීඩනයක් එල්ල කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.
Local Diesel Prices Surge Amid Global Market Turmoil
As intense military conflicts unfold in the Middle East, diesel prices in the global market are experiencing a sharp increase. Consequently, local pricing for auto diesel is expected to rise between Rs. 515 and Rs. 530 per liter, reflecting ongoing adjustments to the current fuel pricing formula and tax percentages in Sri Lanka.
The recent surge in diesel prices can be attributed to strategic shifts in naval control of the Bab al-Mandeb Strait by Houthi fighters, as well as attacks on vessels navigating through the Hormuz Strait. These developments have resulted in the highest recorded diesel prices since February.
Additionally, in a significant shift, the price of diesel barrels in the Singapore Platts market—a benchmark for Sri Lanka's diesel imports—has increased dramatically from its previous cap of $90 to approximately $180.60. Meanwhile, Brent crude oil barrels are averaging $108, and WTI crude oil barrels are selling at about $103.30.
Considering the exchange rate of the US dollar at Rs. 330, the cost of each diesel barrel (equating to 159 liters) translates to approximately Rs. 59,598. This means the baseline price of imported diesel is around Rs. 375 per liter. Furthermore, due to travel risks in volatile zones, shipping costs and insurance premiums may add an additional $10 to $20 million, further inflating the overall costs of bringing diesel into the country. When factoring in government-imposed taxes, operating expenses, transportation costs, and commissions for distributors, the local retail price of diesel is set to exceed Rs. 515 per liter.
The report emphasizes that Sri Lanka has spent a staggering $3.62 billion on fuel imports in the first seven months of the current year—reflecting a significant 68% increase compared to the same timeframe in 2025. This relentless rise in fuel prices on the global market poses severe challenges not only to the national foreign exchange reserves but also to local inflationary pressures, forming a critical pain point for the Sri Lankan economy.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මරු
ReplyDeleteමාරයි
මරේ මරු
තව හොඳ ගානක් කපාගත්තෑකි ඉරාන යුද්දෙ පිට දාල
එලම පවුසි!
Bathuth kapan. world news tikak balapan. nattam namalge bebaddo wage thayi inna wenne
Deleteමරු
Deleteමාරයි
මරේ මරු
පැලවත්තෙන් එන වෝල්ඩ් නිවුස් නං බලනවා.
TV එකේ පෙන්නන යටත් විජිතගෙ ඇන්ටික් නිවුස්, අන්දුන්කුන්දුන්නෙත්තිගේ බික් කුච්චං නිවුස්, ලාල් ප්රේමනාත්ගෙ යූ ආ ද මෑන් නිවුස් බලනවා. රොටියක් කෑවට හැබැයි උඹ වගේ තණකොළ නං කන්නෙ නෑ
එලම පවුසි!
මේවා මහ ලොකු වැඩ නෙවෙයි කිව්වනේ
ReplyDelete... දැන් කරලා පෙන්නපන් බොරුවට අඬන්නැතුව
දැන්වත් රජයට මොලය පෑදෙයිද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි?
ReplyDelete