ඩිසල් ලීටරයකින් අපටත් 60ක් පාඩුයි.. මොකද කරන්නේ..- සිපෙට්කෝ සභාපති


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 60ක පමණ පාඩුවක් සිදුවන නමුත්, සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබන ලාභය සහ ගුවන් යානා ඉන්ධන අලෙවියෙන් උපයන ආදායම මඟින් එම පාඩුව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත සභාපතිවරයා සඳහන් කළේ, පෙට්‍රල් අලෙවියෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හෝ මෙරට ක්‍රියාත්මක කිසිදු පෞද්ගලික ඉන්ධන සමාගමකට පාඩුවක් සිදු නොවන බවයි.

පසුගිය කාලය පුරාම මතුව ඇති අර්බුදය ඩීසල් මිල සම්බන්ධයෙන් පමණක් පැනනැඟී ඇති ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

පෞද්ගලික සමාගම් සහ තෙල් සංස්ථාව අතර පවතින වෙනස පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ, පෞද්ගලික සමාගම් අලෙවි කරන්නේ පෙට්‍රල් සහ ඩීසල් පමණක් වන බැවින් හා ඔවුන් සතුව තෙල් පිරිපහදු නොමැති වීම නිසා ඩීසල්වලින් සිදුවන පාඩුව ඔවුන්ට සෘජුව බලපාන බවයි.

එහෙත් ජාතික වගකීමක් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීමෙන් මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ලාභය භාවිත කරමින් ඩීසල් පාඩුව සමනය කර ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

සංස්ථාවට ඩීසල් ලීටරයකින් විශාල පාඩුවක් සිදුවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ සභාපතිවරයා, සැපයුම්කරුවන් 70 දෙනෙකු පමණ අතර පැවැත්වෙන තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ඉන්ධන ආනයනය කරන බැවින් සංස්ථාවට ඩීසල් ලීටරයකින් සිදුවන සැබෑ පාඩුව රුපියල් 60කට ආසන්න අගයක් ගන්නා බව සඳහන් කළේය.

තවද, මෙම මස අලෙවි කරනු ලබන්නේ පෙර මාසවලදී ඇණවුම් කර ගෙන්වන ලද ඉන්ධන තොග බැවින් ක්ෂණිකව මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයාට සහන සැලසීමට පියවර ගත් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.





State Oil Corporation Aims to Mitigate Diesel Losses Through Diverse Revenue Streams

The Lanka Mineral Oil Corporation has reported that it faces a loss of approximately Rs. 60 per litre on diesel; however, the income generated from its Sapugaskanda refinery and aviation fuel sales is expected to offset these losses, according to the corporation's chairman, D.J. Rajakaruna.

In a media briefing, Rajakaruna emphasized that there is no loss incurred from petrol sales for the corporation or any operating private fuel companies in the country. He pointed out that the ongoing crisis has specifically arisen due to issues surrounding diesel pricing.

Explaining the distinction between private companies and the state oil corporation, he noted that private firms only sell petrol and diesel, and since they lack their own refinery, any losses from diesel directly impact their operations.

Conversely, as a state-owned enterprise with national responsibilities, the oil corporation utilizes profits from other products, including aviation fuel, along with operations from the Sapugaskanda refinery, to manage the losses incurred from diesel sales.

Rajakaruna refuted claims of substantial losses per litre of diesel, stating that the corporation imports fuel through a competitive tender process involving around 70 suppliers, which leads to a realistic loss estimate of approximately Rs. 60 per litre.

Additionally, he mentioned that the current month’s fuel sales consist of stocks ordered in previous months, allowing the corporation to take steps to shield consumers from abrupt price increases, demonstrating a commitment to providing relief to customers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කෙදිරි ගාන්නෙ නැතිව එකපාර රපියල්100කින් වැඩි කරන්න. ලොකෙ තෙල් මිල වැඩිවන තෙල් මිල වැඩි කරන්නත් අඩුවන විට අඩුකරන්නත් ආණ්ඩුවක් මොකටද කියලා මැරෙන්න හැදුවෙ තොපෙ මහ එකා නොව තොටලග තෙල් බාලා නිසා රටවැසියන් සතුටින් තෙල් මිල වැඩිවීම සමරනු ඇත.

    ReplyDelete
    Replies
    1. දැන් මුන් ඇය කෙදිරි ගන්නේ
      කෝ දැන් තොපිගේ මහන එක දුන්න පූරෝන්දු

      Delete
  2. මූ ඇවිල්ලා ආර්ථික අර්බුදය වෙලාවේ තිබිච්ච තෙල් අර්බුදය වැඩි කරන්න සංස්ථාවෙන් පිටට යන බව්සර් හොර පාරෙන් වෙන තැන්වලට යවලා ගිනි ගානට විකුණලා අර්බුදය උත්සන්න කරපු හොරෙක් තක්කඩියෙක්

    ReplyDelete
  3. ඔව් ගල් අගුරු වෙනුවට ඩීසල් කොච්චර පාවිච්චි කර්නාවාද නේද ? කලින් ඇමතියා කරපු ව0චාව වහන්න එපැයි දැන් අඩුවට තියෙද්දි වැඩියට විකුනල, වැඩි වෙද්දි තවත් වැඩි කරන්න තමයි මේ හදන්නෙ. අද 100 උනාට කලින් සැහෙන්න අඩුවට තිබ්බ. එතකොට දාපු ඔඩර්ස් එනකොට වැඩි වෙනවා කියමුකො.. හැබැයි වැඩි ගානට තියෙද්දි දාපු ඔඩර්ස් එන්නෙ අඩු උනු කාලෙ නෙවිද? ඒ කියන්නෙ මෙ රටට කවද තෙල් ඇනවුම් කලත් එවා මෙ රටට එන්නෙම මිල වැඩි වෙනකොටම විතරද ? අඩුම තරමෙ ඇනවුම් කරන දින පොඩ්ඩක් එහෙ මෙහෙ කරලවත් අඩු වෙන දවසකට ගෙවන්න විදියක් හදාගන්න බැරිද? නැත්නම් මේ කරන්නෙ ගල් අගුරු ව0චාව වහගන්න ගෙමක්ද ?

    ReplyDelete
Previous Post Next Post