අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගන්නා වැඩේට ආණ්ඩුවේ රහස් ගනුදෙනුවක් හරස් වෙලා..?


 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන්නේ, ආණ්ඩුවේ ඇති රහස් ගනුදෙනුවක් නිසා යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවසීය.

ඊට හේතුව වී ඇත්තේ, බැඳුම්කර මිල ඉහළ යැවීමට තමන්ට බලපෑම් කළ අය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රබල සාක්ෂියක් මගින් හෙළිදරව් කළ පුද්ගලයා දැන් සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග නිසා බවද පාඨලී චම්පික රණවක කීය.

“සත්‍යය දිනවමු, හොරුත්, බොරුත් පරදවමු” මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද සම්මන්ත්‍රණ මාලාවේ 6 වැන්න ගාල්ල නගර ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක,

අද මුදල් අමාත්‍යාංශය බංකොලොත් කරල, මහ බැංකුව බංකොලොත් කරපු අයට නඩු තියෙනවාද නැහැනෙ. දැන් අවුරුදු හයකට පස්සේ කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි ඔහු ඇලෙක්සැන්ඩර් කියල නම මාරු කරපු නිසා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. අර්ජුන් දීලා තියෙන ප්‍රබල සාක්ෂියයි ඒකට හේතුව. ඒ නිසා අපි කියන්නේ, හොරු අල්ලනවා නම්, දේශපාලන සංදර්ශන නොපවත්වා ඒ වැඩේ හරියට කරන්න.

අද මේ ආණ්ඩුව කියනවා, සල්ලි ගොඩගැහිලාලු. භාණ්ඩාගාරය පිරිලාලු. ටොන්වලින්ලු සල්ලි මනින්න තියෙන්නේ. ඔබේ සාක්කුවේ සල්ලි තියෙනවද? නැහැ නේද? ඔබේ පසුම්බියේ සල්ලි තියෙනවද? නැහැ නේද?

එදා අනුර කුමාර දිසානායක මොකක්ද කිව්වේ? සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 160ක් කාංචන විජේසේකර හොරකම් කරනවා කිව්වා. එදා පෙට්‍රල් රුපියල් 280යි. අද ඔබට රුපියල් 120ට පෙට්‍රල් හම්බවෙනවද? විදුලි ඒකකය රුපියල් 24ට තියෙන කොට ආපු හැටියේ තුනෙන් එකකින් එය අඩු කරනවා කියලා කිව්වා. එහෙම අඩු වෙලා තියෙනවද? විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්න ආපු අනුර කුමාර දිසානායක මේ වෙන කොට 54%කින් එය වැඩි කරලා තියෙනවා.

ඒ වගේම අර ගල්අඟුරු වංචාවේ ප්‍රතිඵලයක් හැටියට අද ගල්අඟුරු ගෙන්න ගන්න බැරුව බලාගාර තුනෙන් එකක් වහලා මොකද කරන්නේ? ඩීසල්වලින් බලාගාර දුවවනවා. මොකක්ද ප්‍රතිඵලය? සෑම මාසෙකටම කෝටි 1500 ගානේ විදුලිබල මණ්ඩලය ඉල්ලනවා. මේවා කොහෙන්ද එන්නේ? පාන්පිටිවලින්, කිරිපිටිවලින්, සීනි කිලෝවෙන්, හාල්මැස්සන්ගෙන්, අල-ලූණුවලින් ඔබෙන් ගහන සහගහන බදුවලින් තමයි අද ඒවා කෙරීගෙන යන්නේ. ඒ නිසා මේ භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා තියෙන්නේ කාගෙවත් සල්ලි නෙමෙයි ඔබේ සල්ලි.





Patali Champika Ranawaka Accuses Government of Obstruction in Arjun Mahendran’s Return

Former Central Bank Governor Arjun Mahendran's return to Sri Lanka has been hindered by a secret deal within the government, claims Patali Champika Ranawaka, leader of the United National Front. He revealed that the individual who pressured Mahendran to inflate bond prices is currently residing with President Anura Kumara Dissanayake.

Speaking at the sixth session of a conference organized by the Democratic United Opposition in Galle, Ranawaka underscored the need for truth and accountability in the face of corruption. “Let us defeat both thieves and lies,” he declared emphatically.

Ranawaka elaborated further on the ramifications of the situation, stressing that following the current administrative collapse, the Finance Ministry and the Central Bank have become embroiled in scandals. He argued that, despite Mahendran's alleged name change to Alexander as a ruse, the overwhelming evidence he has provided remains a critical factor. “If they are serious about catching thieves, political theatrics must be set aside,” he asserted.

Highlighting the dire financial state of the nation, Ranawaka criticized the government for its apparent mismanagement, stating, “The treasury is depleted. Funds that should be circulating are vanished. Is there money in your wallet? No. Is there money in your pocket? No.”

Ranawaka drew attention to a statement made by Anura Kumara Dissanayake, who alleged that for every liter of petrol sold at Rs. 280, Rs. 160 was siphoned off by Kanchnar Wijesekera. He questioned whether citizens can still purchase petrol for Rs. 120 amidst rising costs. Furthermore, he challenged the promised electricity rate reductions, stating that rates have surged by 54% instead of decreasing as promised.

He also lamented the consequences of corruption in the coal procurement process, which has led to the closure of one of the power plants. He iterated that while diesel is being used to keep operations running, the Ceylon Electricity Board is seeking a staggering Rs. 1.5 billion every month. “These funds are coming from everyday necessities such as bread, milk powder, sugar, and your own hard-earned money,” he concluded, urging for transparency and accountability in the national treasury.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. මං හිතන්නේ හුඟක් අය මේ දවස්වල ඉන්නේ කන් දෙකෙ aba ගහගෙන. කියන කිසිම දෙයක් ඇසෙන්නේ නෑ.

    ReplyDelete
  2. මේ වගේ හොර ආණ්ඩුවකට චන්දය නොදීපු එක ගැන ආඩම්බරයි.

    ReplyDelete
Previous Post Next Post