ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉරාන නෞකා කිහිපයක් සැරිසරන බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම දැනුම්දීමෙන් පසු ආරක්ෂක සහ වරාය අමාත්‍යාංශ ඒ පිළිබඳව දැනුවත් කළ බවයි.
මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ නෞකාවල ගමන් මග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද හෙතෙම පැවසීය.
"එම නෞකා අපේ මුහුදු සීමාවට ඇතුළු වී නැහැ," යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 24කට වඩා ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අතර ඉරාන ධජය සහිත නෞකා මෙන්ම වෙනත් වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද පවතින නමුත්, ඒවා කිසිවක් ශ්‍රී ලංකාවේ දේශීය මුහුදු සීමාවට ඇතුළු වී නොමැති බව ද ඔහු තහවුරු කළේය.
මෙම නෞකා කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් කිසිදු පහසුකමක් හෝ සහායක් ඉල්ලා නොමැති අතර, රජය විසින් ද එවැනි කිසිදු පහසුකමක් සපයා නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සාමාන්‍යයෙන් වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ඉදිරි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවල රැඳී සිටීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රජය එම නෞකා පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා හැරෙන්නට, ඒවා සම්බන්ධයෙන් වෙනත් කිසිදු මැදිහත්වීමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විජිත හේරත් මහතා යළිත් අවධාරණය කළේය.
US Embassy Alerts Sri Lanka on Iranian Naval Activity
The American embassy in Colombo has informed the Sri Lankan Foreign Ministry about the presence of several Iranian naval vessels in international waters. This update was shared by Foreign Minister Wijitha Herath during a media briefing following a Cabinet decision.
Minister Herath noted that, in the wake of this information, the Ministries of Defense and Ports were promptly alerted. He emphasized that the Sri Lankan Navy is closely monitoring the movements of these vessels.
"These ships have not entered our maritime limits," he reiterated, underlining the importance of vigilance amidst the ongoing military tensions between the United States and Iran.
According to the Minister, over 47 vessels have been identified operating in the international waters that exceed 24 nautical miles beyond Sri Lanka’s maritime boundaries. This includes both Iranian-flagged ships as well as various commercial and cargo vessels; however, none have crossed into Sri Lanka’s territorial waters.
Importantly, he confirmed that none of these vessels have requested any assistance or facilities from the Sri Lankan government, nor has the government provided such support.
Typically, it is common for commercial and cargo vessels to operate in international waters beyond Sri Lanka, similar to their movements near Thailand, Malaysia, and Indonesia, he explained.
Herath reiterated that the Sri Lankan government is closely observing these vessels but is not taking any further action or intervention concerning their presence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ReplyDeleteලංකා ආන්ඩුව නිළවශයෙන් ඉන්දියාව සමග ආරකෂක ගිවිසුම් තුළට ඇතුළු වී ශ්‍රී ලංකාව බටහිර කොළණියක් ලෙසට පවත්වාගෙන යෑමට කටයුතු කළද,.
ශ්‍රී ලංකාවේ අන්තරජාතික බුද්ධිජාළයන් රතු බුද්ධිජාළයන් සමඟ සක්‍රීයව සබඳතා පවත්වමින් සිදුවන සියළු දේ ගැඹුරින් නිරීකෂණය කරනා බවත්,.
ඇමරිකාවෙන් හෝ ඉන්දියාවෙන් හෝ ඔ්ස්ට්‍රේලියාවෙන් හෝ ජපානයෙන් හෝ ශ්‍රී ලංකාවේ සවෙෙරීතවයට හානිවන පරිදි පාස්කුප්‍රහාරය ලෙසට හෝ ඉරාන නෟකාවට ශ්‍රී ලංකා මුහුදුකළාපය තුළ ඵල්ලකළ ප්‍රහාරය හෝ,
වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයක් ඉන්දියාව සහ බටහිර මැදිහත්වී පවත්වාගෙන ගිය පරිදි හෝ,.
මොනයම්ම ආකාරයේ ගුප්ත ප්‍රහාරයක් සැළසුමක් කුමන මොහොතක ගුවනට, මුහුදට, ගොඩබිමට, වරායට ගුවන්තොට්ට සිදු කරනුයේ නම්..
කුමන ආකාරයේ ප්‍රහාරක් ඵල්ලකළද ,..
පාස්කු ප්‍රහාරය නිරීකෂණය කළ පරිදිම නියත ලෙසටම නිරීකෂණයට ලක්වන බවත්,..
ඵම දත්ත සහ තොරතුරැ
ශ්‍රී ලංකාවේ ගැඹුරැ, ස්ථායි ඵ්කාබද්ධ මතකය තූළ තැන්පත්වී.. නියතලෙස අන්තරජාතික තළයතුළ නිසි ලෙසට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිරිස් නිශ්චිත ලසට සූදානම්
වී ඇති බව පවතින රජයට සහ අදාළ වටළෑමේ පාර්ශව කරැවන්ගේ දැඩි අවධානය,.!