2024/2025 නව අධ්‍යයන වර්ෂය සඳහා වන ජාතික මහපොළ ශිෂ්‍යාධාර පිරිනැමීමේ නිල උත්සවය තාවකාලිකව කල් දමා තිබේ. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල අද (28) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි.
මෙම උත්සවය යළි පවත්වන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නිල වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත.
මේ අතර, ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදානෝත්සවයට නොපැමිණෙන විශ්වවිද්‍යාල සිසුන්ට එම ශිෂ්‍යාධාර ලබා නොදීමට රජය සැලසුම් කර ඇති බවයි.
-----
මහපොළ භාර අරමුදලේ විශේෂ නිවේදනය
2024/2025 අධ්‍යයන වර්ෂයේ මහ පොළ සහතික ප්‍රදානෝත්සවය කල් දැමීම පිළිබඳව
2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ සහතික ප්‍රදානෝත්සවය, 2026 සැප්තැම්බර් 28 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, අපගේ පාලනයෙන් බැහැර වූ හා වැළැක්විය නොහැකි තත්ත්වයන් හේතුවෙන් එම උත්සවය කල් දැමීමට සිදුවීම පිළිබඳව මහපොළ භාර අරමුදල සිය බලවත් කණගාටුව පළ කරයි.
මෙම උත්සවය මහපොළ සහතික සඳහා තෝරාගත් කුසලකා (Merit) සහ සාමාන්‍ය (Non-Merit) පදනම යටතේ සිසුන් 600කට ආසන්න පිරිසකගේ අධ්‍යාපනික ජයග්‍රහණ ඇගයීම සහ ඔවුන් දිරි ගැන්වීම සඳහා විශේෂයෙන් සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණි.
මහපොළ යනු ශිෂ්‍යත්වයක් ලබාදීම පමණක් අරමුණු කරගත් වැඩසටහනක් නොවේ අධ්‍යාපනය තුළින් සිසුන්ගේ ජීවිත නඟා සිටුවීම සහ දරිද්‍රතාවයෙන් මිදීමට අවශ්‍ය අවස්ථා සලසා දීම එහි මූලික අරමුණකි.
මහපොළ භාර අරමුදල දැනට මහපොළ ප්‍රතිලාභ ලබන සිසුන්ට තවදුරටත් සහාය ලබාදීමට මෙන්ම, අනාගසයේදී මෙම වැඩසටහනට එක්වන සුදුසුකම් ලත් සිසුන් සඳහා ද ප්‍රතිලාභ පුළුල් කිරීමට කැපවී සිටී මෙම සහතික ප්‍රදානෝත්සවය සංවිධානය කිරීමේ තවත් වැදගත් අරමුණක් වුයේ මහපොළ මෙහෙවර පිළිබඳ සමාජ අවබෝධය පුළුල් කිරීම සහ නව පරිත්‍යාගශීලීන්, අනුග්‍රාහකයන් සහ සුබපතන්නන් මහ පොළ සමඟ සම්බන්ධ කර ගැනීමයි.
එවැනි සහයෝගීතා තුළින් මහපොළ භාර අරමුදලට දැනට පද්ධතිය තුළ සිටින සිසුන්ට ලබාදෙන ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමක් කිරීමටත්, අනාගතයේදී මහපොළ ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබන සිසුන්ට වැඩි අවස්ථා ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.
කණගාටුවෙන් යුතුව සඳහන් කළ යුත්තේ, මෙම වැඩසටහනේ අරමුණු, පසුවීම් සහ සංවිධාන කටයුතු පිළිබඳ සම්පුර්ණ අවබෝධයකින් තොර පාර්ශව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සහ අදහස් ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අනවශ්‍ය අවිනිශ්චිතතාවක් ඇති වූ බවයි.
මහපොළ භාරකාර මණ්ඩලය වශයෙන් අප වැඩිදුරටත් සඳහන් කරන්නේ අප විසින් සිදු කරන සෑම කටයුත්තක්ම විනිවිද භාවයෙන් සිදුකරන බවත් ඒ පිළිබඳ යම් සැකයක් මතුවන සෑම විටකම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අප හා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට දොරටු විවෘතව ඇති බවත්ය.
මහපොළ භාර අරමුදල පැහැදිලිව අවධාරණය කරන්නේ මෙම උත්සවය සිසුන්ගේ ජයග්‍රහණ ඇගයීම, ඔවුන් දිරි ගැන්වීම සහ මහපොළ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම යන අරමුණු මත සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණි..
උත්සවය කල් දැමීම හේතුවෙන් සිසුන්, දෙමාපියන්, විශ්ව විද්‍යාල, සැපයුම්කරුවන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්වයන්ට ඇති වූ අපහසුතාව සහ බලාපොරොත්තු කඩවීම පිළිබඳව අපගේ අවංක කණගාටුව පළ කරමු
මෙම උත්සවය කල් දැමීම කිසිදු සිසුවෙකුගේ ජයග්‍රහණයේ වටිනාකමට හෝ මහපොළ ශිෂ්‍යත්වයේ වටිනාකමට කිසිදු බලපෑමක් ඇති නොකරයි
මහපොළ භාර අරමුදලේ දැක්ම වන,
" දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් උගත් සමාජයක් නිර්මාණය කිරීම"
යන උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ කැපවීම අඛණ්ඩව පවතී.
සියලුම සිසුන්ගෙන් සහ මහපොළ සමඟ සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තහවුරු නොකළ තොරතුරු වෙනුවට මහපොළ භාර අරමුදල විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසයි.
සහතික ප්‍රදානෝත්සවය සඳහා නව දිනය සහ අනෙකුත් විස්තර ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙනු ලැබේ
මෙම අවස්ථාවේදී අපගේ සිසුන්, විශ්ව විද්‍යාල, පරිත්‍යාගශිලින්, අනුග්‍රාහකයන්, කාර්ය මණ්ඩලය සහ සියලුම පාර්ශවයන් වෙත ඔවුන් ලබා දුන් විශ්වාසය, ඉවසීම, සහයෝගය සහ අවබෝධය වෙනුවෙන් මහපොළ භාර අරමුදලේ හෘදයාංගම ස්තුතිය පළ කරමු.
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල
කොළඹ 02
National Scholarship Ceremony Postponed for 2024/2025 Academic Year
The official ceremony for the National Scholarship disbursement for the academic year 2024/2025 has been temporarily postponed. All arrangements had been made for the event to be held today under the leadership of the Prime Minister.
The new date for the ceremony will be announced soon via the official website of the Lalith Athulathmudali Foundation, which manages the scholarships.
In a related event, opposition leader Sajith Premadasa remarked during a public meeting in Galigamuwa yesterday that students who do not attend the primary ceremony would be denied the scholarship, as plans by the government indicated this direction.
-----
Special Announcement from the Scholarship Fund
Regarding the Postponement of the Primary Scholarship Ceremony for the 2024/2025 Academic Year
The primary scholarship ceremony for the academic year 2024/2025 was initially scheduled for September 28, 2026. However, due to unavoidable circumstances beyond our control, it has been decided to postpone the event, which has caused considerable regret on the part of the scholarship fund.
This ceremony was specifically organized to recognize and motivate nearly 600 students chosen under both merit-based and non-merit-based criteria.
The scholarship program aims not only to provide financial assistance but also to enhance the lives of students through education and offer opportunities to escape poverty.
The fund is also committed to continuing its support for students currently benefiting from the program, while expanding benefits for students who qualify for future scholarships. Another significant purpose of organizing this ceremony is to raise societal awareness about the scholarship initiative and connect new donors, patrons, and well-wishers to the program.
Through such collaborations, the scholarship fund anticipates enhancing the benefits provided to current students and creating more opportunities for future qualifying students.
It is regrettable to note that misinformation has emerged regarding this program due to the dissemination of various unverified details and opinions on social media, often stemming from parties lacking a thorough understanding of the program's objectives, events, and organizational structure.
As the governing body of the scholarship fund, we want to affirm that all our actions are carried out transparently and that we remain open to discussions with any concerned parties whenever doubts arise.
The scholarship fund clearly emphasizes that this ceremony was planned with the intention of recognizing student achievements, motivating them, and further strengthening the scholarship initiative.
We express our sincere regret for the inconvenience and disappointment caused to students, parents, universities, suppliers, staff, and other involved parties due to the postponement of the event.
This delay will not affect the value of any student's achievements or the significance of the scholarship.
The vision of the scholarship fund is to create an educated society aimed at eradicating poverty, and our commitment to achieving this noble goal remains unwavering.
We kindly request all students and parties associated with the scholarship program to rely solely on official communications released by the scholarship fund instead of unverified information circulating on social media.
The new date and additional details regarding the Primary Scholarship Ceremony will be officially announced in due course.
At this juncture, we convey our heartfelt gratitude to our students, universities, donors, patrons, staff, and all parties for their trust, patience, cooperation, and understanding.
Lalith Athulathmudali Foundation for Higher Education Scholarships
Colombo 02
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

🤣🤣🤣🤣🤣
ReplyDeleteකිතුල් ගහට ගිය මිනිහා වගේ..
බයියොන්ට රෙවිලා තියෙනවා රෙවිල්ලක් හරියට මැද මුලනේ මැන්ටල් මයිනගේ ලොකු කොලුවා හිරේ ගියා වගේ 🤣
ReplyDelete