මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත්, මෙරට පාරිභෝගිකයාට එම බර දරාගත හැකි දැයි විශේෂයෙන් සොයා බලා ඉදිරි තීරණ ගන්නා බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, මාසය අවසානයේ සිදු කෙරෙන මිල සංශෝධනයේදී මිල වැඩි කිරීම, සහනාධාර ක්රමවේදයක් ක්රියාත්මක කිරීම හෝ පවතින නීතිමය රාමුව තුළ විකල්ප ක්රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.
විශේෂයෙන්ම ඩීසල් සඳහා වැයවන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර දිවයිනේ ක්රියාත්මක සෙසු ඉන්ධන බෙදාහරින සමාගම් වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීමේ සීමා පනවා ඇති බව පෙන්වා දුන් අමාත්යවරයා, ඊට විසඳුමක් ලෙස එම සමාගම්වල පිරිවැයට අනුකූලව ඉහළ සහ පහළ සීමාවක් නියම කිරීම සම්බන්ධයෙන්ද සොයා බලන බව ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පිරිපහදුව මෙන්ම ගුවන් යානා ඉන්ධන ඇතුළු අනෙකුත් නිෂ්පාදන අලෙවියෙන් උපයන ආදායම් පවතින බැවින්, ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව වෙළෙඳපොළේ අර්බුදයක් ඇති නොවී ජනතාවට සහනදායී හා සාධාරණ මිලකට අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Ministry of Energy Considers Fuel Price Adjustments Amid Rising Global Costs
The escalating military tensions in the Mid-East have significantly impacted fuel prices in the global market, prompting the Sri Lankan Energy Minister, Anura Kumara Dissanayake, to assess whether local consumers can bear the burden. He emphasized that the government is closely monitoring the situation to make informed decisions.
Speaking to the media, the Minister highlighted that the upcoming price review at the end of the month would focus on potential price increases, the implementation of subsidy mechanisms, and alternative measures within the existing legal framework.
He pointed out that the rising costs associated with diesel have led the Ceylon Petroleum Corporation to impose limits on fuel distribution for other companies operating in the country. To address this issue, the Ministry is exploring the possibility of establishing both upper and lower price ceilings for these distributors based on their operational costs.
Furthermore, the minister reassured that despite potential losses from diesel sales, the Ceylon Petroleum Corporation possesses the financial capacity from other product sales, including aviation fuel. This would facilitate the continuation of fuel supply at reasonable prices without causing market disruptions, he added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කාලකන්නි ලප ශාපය.
ReplyDeleteමැදපෙරදිග යුද්ධේ නිසා තෙල් මිල වැඩි කරන්න ජනාධිපතිලා, ආණ්ඩු ඕනද කියලා නේද අනුර කුමාර දිසානායක ඡන්දෙට ඉස්සෙල්ලා ඇහුවේ?
ReplyDeleteයුද්ධ පටන් ගන්න කොටම තිබූන ඩොලර් රේට් එක වෙනසක් උනේ නෑ.තෙල් මිල ඉහළ ගියා හරි ඒක ඇත්ත.ඊට පස්සේ හොරකම් කරන්න ඕන කමට ලෝකවාර්තාවක් තියලා ලෝකේ ඉහළම මිලට තෙල් ගෙනාවා.ඊට පස්සේ හොරකම් කරපු ගානත් කවර් වෙන්න තෙල් මිල උඩ දැම්මා.ආයෙත් තෙල් මිල පෙබරවාරි වලට වඩා පල්ලෙහාට ගියා ඒත් මොකක්ද උඹල කරේ අඩුමගානේ පෙබරවාරි මිලටවත් මිල ආපහු ගේන්නෙ නැතුව බොහොම සොච්චම් ගානකින් අඩු කරලා පඩ ෂෝත් දැම්මා.දැන් ලෝක තෙල් මිල වැඩිවෙලා.ඒත් උඹලා උපරිමයට මිල වැඩි කරපු වෙලාවේ ගානට කිට්ටුවටවත් ඇවිල්ල නෑ.දැන් උඹලා කරන්න හදන්නේ අඩුකරන්න ඕනෙ ගානට වඩා බොහොම අඩුවෙන් අඩුකරල ඒ නතර වෙච්ච තැන ඉඳලා ආයිත් මිල වැඩි කරන්න.රටේ මිනිස්සුන්ගේ බොටුව කඩාගෙන ලේ බීල ඊරිමාන්ශේ හූරගන කාපන්.ප්රවාහන වියදම් වැඩිවෙලා කියලා කෙඳිරි ගාන්න ලෑස්ති වෙන්න එපා. ඒවා දැනෙන ගානකින් වැඩිවෙලා නෑ.
ReplyDelete