ඉන්ධන මිල ගැන ඇමතිගෙන් ප‍්‍රහාරයක්...


 මෙම මස අවසානයේදී සිදු කිරීමට නියමිත මිල සංශෝධනයේදී කිසිදු ආකාරයකින් ඉන්ධන මිල ඉහළ නොදමන බවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද සහතික විය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කළ පරිදිම ජනතාව වෙත ඉන්ධන මිල සහනයක් ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

එම සහනය ලබාදෙන ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව ඉදිරියේදී කඩිනමින් තීරණය කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

මහජනතාව මත පැටවී ඇති මූල්‍යමය පීඩනය ලිහිල් කිරීමේ අරමුණින්, පසුගිය අප්‍රේල්, මැයි, ජූනි සහ ජූලි යන මාසවලදී ද රජය විසින් ඉන්ධන මිල සහන ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Energy Minister Assures No Increase in Fuel Prices Amid Upcoming Price Revision

Energy Minister Anura Kumara Dissanayake has assured the public that there will be no increase in fuel prices in the upcoming price revision at the end of this month. His statement follows the government's ongoing efforts to provide relief to citizens regarding fuel costs.

Confirming the government's commitment to easing fuel prices, the minister emphasized that actions are currently being prepared to ensure that the public receives this relief, as previously announced by President Dissanayake.

Details on the extent of the price relief are expected to be determined swiftly in the near future, highlighting the government's proactive approach to mitigate the financial burden on citizens.

The minister also reminded the public of the measures taken in April, May, June, and July, where the government provided similar fuel price relief as part of its efforts to alleviate the financial pressures faced by the population.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 22, 2026 at 6:24 AM

    ඉන්ධන මිළ ලෝක තෙල් මිළ සමඟ ගලපලා සකස් කලාට කමක් නෑ, දැන් හොරා කන් නෑ නේ, කලින් වගේ කොමිස් කාක්කො ටිකක් නෙවේ නේ ආණ්ඩුවේ මැති ඇමතිලා කියන්නේ. ජනතාවට අපහසු වුවත් තේරුම් ගෙන ආණ්ඩුවට සහාය දක්වනවා එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. 😂🤣😃😄ගල් අඟුරු, කන්ටේනර් 323, හැකර්ට දුන්න ඩොලර් මිලියන 2.5😂🤣😃
      😂🤣😃😄😂🤣😃😄😂🤣😃😄සෝලාර් වලට කෙලවලා ඩීසල් බලාගාර වලින් රුපියල් 105ට යුනිට් එක අරන් කොමිස් ගහන්නෙ නෑලු. 😂🤣😃😄😂🤣😃😄😂🤣😃😄😂🤣😃😄

      Delete
    2. බැරල් එක 110ට ගියපු ගමන් තෙල් මිල වැඩි කරාට ආපහු බැරල් එක 78ට ගියාට අඩු කරේ නෑනේ බං. දැන් බැරල් එක 92යි. ගලපනව නම් ඉතින් 110ට තියෙද්දි වැඩි කරපු එක 92ට හරියන්න අඩු කරන්න තමයි තියෙන්නෙ. පර හැත්ත.

      Delete
  2. මූට හෙනයක් වත් ගහන්නේ නෑනේ.

    ReplyDelete
Previous Post Next Post