ලංකා ආණ්ඩුවෙන් අනෝජන්ගේ තීන්දුවට එරෙහිව සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කරයි..

 


සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් බේරාගැනීම වෙනුවෙන් රජයේ පූර්ණ වියදමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ඔහුගේ ඥාතියෙකු (ලොකු තාත්තා) අනාවරණය කළේය.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කළේය.

අනෝජන්ට මරණ දඬුවම නියම වී නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාර අසත්‍ය බවත්, ඔහුට එරෙහිව මරණ දඬුවම් නියෝගය ප්‍රකාශයට පත්ව ඇති බව සත්‍යයක් බවත් හෙතෙම තහවුරු කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ බවත්, කෙසේ හෝ තම පුත්‍රයා බේරා දෙන බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥා දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් පත් කර සෞදි අරාබිය බලා පිටත් කර හැරීමටත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමටත් තීරණය වී ඇත.

ඊට අමතරව, නීතිමය කාල රාමුව තුළ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊට අදාළ වන සියලුම මූල්‍ය වියදම් රජය විසින් සම්පූර්ණයෙන්ම දරන බවට ද බලධාරීන් පවුලේ ඥාතීන්ට සහතික වී තිබේ.

අනෝජන් වෙනත් සිරමැදිරියකට මාරු කර ඇති බවට පැතිරෙන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් එම ඥාතියා සඳහන් කළේ, නියමිත දින කිහිපය ඇතුළත නීතිමය ක්‍රියාමාර්ගයක් නොගතහොත් එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවන බව අනෝජන් තමන් වෙත දැනුම් දුන් බවයි.

සෞදි බන්ධනාගාරයේ සිටින අනෝජන් සමඟ දිනපතා විනාඩි කිහිපයක කාලයක් දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවන බවත්, රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද උදෑසන දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු දැඩි මානසික සහනයකට පත්වූ බවත් අනෝජන්ගේ ඥාතියා වැඩිදුරටත් කියා සිටියේය.





President Pledges to Intervene in Case of Sri Lankan Facing Death Penalty in Saudi Arabia

Concern is mounting over the plight of a Sri Lankan national, Sivarasa Anojan, who faces the death penalty in Saudi Arabia. Reports indicate that the President has committed to filing an appeal in the Supreme Court of Saudi Arabia, as well as taking diplomatic measures to secure his release.

Anojan's uncle revealed these developments during an appearance on the Hiru TV channel, providing additional insights into the situation. He emphasized that despite online claims suggesting otherwise, Anojan is facing a death sentence, and the gravity of the matter cannot be understated.

Amid these alarming circumstances, family members, including the uncle, recently met with the President, who assured them that efforts would be made to facilitate Anojan's release. The President's commitment reflects a serious concern for the well-being of the Sri Lankan citizen.

In response to the urgent situation, the Ministry of Foreign Affairs is reportedly preparing to deploy a special diplomatic team to Saudi Arabia, aiming to engage with officials and expedite a resolution. Immediate action is deemed necessary in light of Anojan's precarious standing.

The government has also assured the family that it will cover all legal expenses involved in the impending appeal to the Saudi Supreme Court, reinforcing its support for Anojan during this challenging time.

Addressing circulating rumors that Anojan has been transferred to another prison, his uncle expressed that Anojan has communicated the necessity of swift legal action. He has warned that failure to act in the coming days could lead to dire consequences.

Furthermore, Anojan reportedly has a limited window each day to communicate via phone with his family, and he expressed significant relief upon being informed of the government's recent actions to assist him.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 22, 2026 at 12:21 AM

    එල්ලලා මරන්ඩ හිටපු එක, කකුල් දෙකේ ඉඳන් ඉතාම කුඩා ගලෙන් පටන් අරන් ඔලුවට වෙනකම් අනු ක්‍රමිකව ලොකු වෙන ගල් ගහලා මරපන් කියලා තීන්දුව දෙයි.

    ReplyDelete
  2. ආයි ඉතින් මහජනතාවගේ සල්ලි පුලුවන් තරම් වියදම් කරලා කොහොම හරි අවුරුදු පහේ හිරදඬුවත් ලබා දෙන්න කටයුතු කරන්න..... පස්සෙ කියපල්ලා අපි මරණ දඬුවම තිබ්බ මිනිහෙක්ව ත් හිර දඬුවමකට යටත් කෙරෙව්වා කියලා... සිර දඬුවමක් ලබාගෙන ලංකාවට එන්න තිබ්බ චාන්ස් එක මරණ දඬුවමකට එන ගානට වැඩේ කරලා දැන් ඉතින් ආයි ත් සිර දඬුමක් වෙනුවෙන් නඩු කියවපල්ලා...
    .... උඹල පට්ට මෝඩ ගොන් කැරියෝ

    ReplyDelete
  3. ජනාධිපතිතුමා කියන බොරු විශ්වාස කරන ඔයාලට වෙන්නෙත් එතුමගේ බොරු විශ්වාස කරලා ඡන්දය දුන්නු අපිට වෙච්ච දේම තමා ....

    ReplyDelete
  4. Mun meva asse 22 sammatha krgannava. Eka balapan naththam okkotma ellila marenna venne

    ReplyDelete
Previous Post Next Post