නාමල් හිරේ ඉදන් දෙන උපදෙස් අනුව අපි පොහොට්ටුව සංවිධානය කරනවා..


 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියද, ඔහු ලබා දෙන උපදෙස් සහ සැලසුම්වලට අනුව සියලු දෙනා එක්ව ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පූර්ණ විශ්වාසය පවතින බව සඳහන් කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, නොබෝ දිනකින් නාමල් රාජපක්ෂ මහතාට ඇප හිමිවනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා සිරගත වීමත් සමඟ නායකත්වයේ අඩුවක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"නායකත්වයේ අඩුවක් නෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි නායකත්වය දෙන්නේ. එතුමාගේ උපදෙස් පරිදි තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. අපි සියලු දෙනා එකතු වෙලා අදාළ සැලසුම් එකින් එක ක්‍රියාත්මක කරනවා. එතුමා නායකත්වයේ සිටිමින් දෙන උපදෙස් මත අපි ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යනවා."

ආණ්ඩුවෙන් සමාව අයැදීමට කිසියම් සූදානමක් පවතින්නේදැයි විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, තම පාර්ශ්වය කිසිවිටෙකත් කිසිවෙකු ඉදිරියේ වැඳ වැටී හෝ කෙඳිරිගා නොමැති බවයි. කිසිදු වරදක් කර නොමැති පසුබිමක කිසිවෙකුගෙන් සමාව ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඒ මහතා, සමාජ මාධ්‍ය ජාලාවල රේටිං වැඩි කරගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් ප්‍රශ්න අසමින් කරදර කරන බවත්, වැඩ කටයුතු අධික අවස්ථාවලදී එවැනි සිදුවීම් හමුවේ තමන්ට ද ඇතැම් විට සීමාව ඉක්මවා ප්‍රකාශ නිකුත් වන බවත් පැවසීය.

මේ අතර, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සංවිධානය කිරීමට සූදානම් වන ඒකාබද්ධ විරෝධතාවට තම පාර්ශ්වයට ආරාධනා ලැබී නොමැති බව සඳහන් කළ ප්‍රසන්න රණවීර මහතා, පොදු විපක්ෂයක් ලෙස ඒකරාශී වීමට ආරාධනයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.





Former Minister Prasanna Ranawaka Affirms Continued Leadership of Namal Rajapaksa

Despite being incarcerated, Namal Rajapaksa remains at the helm of strategic political directives, according to former State Minister Prasanna Ranawaka. He emphasized that all members continue to function under Rajapaksa's guidance, actively engaging in political activities.

Speaking to the media, Ranawaka expressed his unwavering confidence in the independence of the judiciary, projecting a strong belief that bail will soon be granted to Rajapaksa.

Responding to questions about potential leadership deficiencies during Rajapaksa's imprisonment, the former State Minister firmly denied any such notion. "There is no gap in leadership. Namal Rajapaksa is leading us. We are executing our tasks as per his directives, united in our efforts to carry out our plans successfully," he articulated.

When queried about any preparations to seek forgiveness from the government, Ranawaka asserted that his party has never bowed down to anyone and reiterates their innocence, stating there is no need to seek amnesty from anyone given their clean record.

Addressing concerns regarding social media activity, he remarked on the behavior of certain individuals who provoke disturbances to gain traction on platforms, sometimes leading to excessive statements in high-stress situations.

Furthermore, Ranawaka noted that his faction has not received any invitation to jointly organize protests with the Samagi Jana Balawegaya and the United National Party. However, he affirmed their readiness to support any coalition that seeks to unify the opposition, should such an invitation arise in the future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. උඹත් හිරේ ගියාම.

    ReplyDelete
  2. හොර කසිප්පු විකුණන එක ගැනද. පොන්න අවෙසිගේ පුතාල දේශපාලනේට අදාල දාපු මහින්දයා තමයි මේවට වග කියන්න ඕන ... රට කෑවා වල පරයා .. තාමත් එනවා කුඩා ගහගෙන වේදිකා වලට .. ශික්

    ReplyDelete
  3. Ape Namal Mandelata Jayawewa

    ReplyDelete
  4. කර්මාන්ත රාජ්‍ය ඇමති විදියට නං රණවීර ලොක්කා සෑහෙන්න වැඩක් කරා. මිනිස්සු ගැන හොයලා බැලුවා.

    ReplyDelete
    Replies
    1. Kara kara. ape amathi thumata jayawewa. ubath thawa thanakola tikak kapan. daruwantath ewwama dipan. mokada uben wagema ungenuth me ratata nam wena yahapathak nathi nisa

      Delete
  5. Me wage kasippukarao thama pohottuwe inne. idakin me pohottu ewun nam hadi gawila yannama one. okun me rata winasama kara

    ReplyDelete
  6. හප්පා හුජ්ජඟඳ,.September 26, 2026 at 2:55 PM


    මයෙහිතේ ඇදිවත තෙමාගෙන ,.!

    ReplyDelete
Previous Post Next Post