ශිරන්ති රාජපක්‍ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි...


හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව සිංගප්පූරුවේ සුප්‍රකට මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණ මාලාවකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා සිටි ඇය, එම රෝහලෙන් පිටව සෘජුවම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් ඇත.

සිරිලිය සවිය පදනමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ලබන 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇය වෙත නිකුත් කෙරුණු කැඳවීමේ ලිපිය මුලින්ම තංගල්ල කාල්ටන් නිවෙස වෙත යොමු කර තිබුණද, ඇය විදේශගත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් කඩිනමින් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එහිදී ගුවන් යානයට ඇතුළු වීමට ආසන්නව තිබියදී අදාළ නිවේදනය භාර දී ඇත.

කෙසේවෙතත්, මෙම සංචාරය නීතියෙන් පලා යාමේ උත්සාහයක් බවට පළවන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රතික්ෂේප කරයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා අවධාරණය කළේ, ඇය විදෙස්ගත වූයේ පවතින රෝගී තත්ත්වයට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ පරම අරමුණින් පමණක් බවයි.

ඇය ලබන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත්, ඒ අනුව නියමිත පරිදි ලබන 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





Former President Sirisena Rajapaksa Undergoes Medical Evaluation in Singapore

Former President Sirisena Rajapaksa has been reported to be receiving specialized medical evaluations at the renowned Mount Elizabeth Hospital in Singapore. She had been undergoing treatment at a private hospital in Colombo for about a week before her departure.

After leaving the hospital, she went directly to Bandaranaike International Airport in Katunayake. It was initially noted that she was summoned to appear before the Financial Crimes Investigation Division on the 24th of this month to provide a statement regarding several financial irregularities that occurred at the Siriliya Saviya Foundation. However, with information emerging about her plans to leave the country, officials from the Financial Crimes Investigation Division swiftly arrived at the airport.

She was reportedly presented with the official notice just as she was about to board her flight. Nevertheless, allegations suggesting her trip is an attempt to evade legal scrutiny have been firmly denied by her media spokesperson, Attorney-at-Law Manoj Gamage. He emphasized that her travel was solely for the purpose of obtaining further medical treatment for her existing health condition.

Moreover, he stated that she is scheduled to return to the island on the 19th of this month, ensuring that necessary arrangements will be made for her to appear before the Financial Crimes Investigation Division on the 24th as originally required.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. තුප්පහිගේ ජයවීරSeptember 17, 2026 at 9:54 AM

    මෙතුමිලත් මේක තේරුම් ගන්ඩ ඕනෑ, අපිටත් අවශ්‍ය නෑ නිස්කාරණේ වයසක මිනිස්සුන්ට වද දෙන්ඩ, අපි අවශ්‍ය සියලු පහසුකම් සපයන්නම්, නමුත් දෙමළ මුස්ලිම් ඡන්ද ටිකට අවශ්‍ය නිසා මේ කටයුතු මේ විදියට කරන්ඩ ම වෙනවා, ඔය යක්කුන්ට කොහොමත් වැඩක් කරලා වැඩක් නෑ, ජාතිවාදේ කුල්මත් කරන තැන ඡන්ද තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් අප්පච්චිලා දෙන්නයි නේද ආයුබෝවන්? කවුද එක ප්‍රභාකරන් අප්පච්චිද කරෝල අප්පච්චිද?

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 17, 2026 at 11:10 AM

      ඊබ්‍රාහිම් නානා නේ බොල සහරාන් ගේ අප්පච්චි, තොපේ ජාතික ලැයිස්තුවේ හිටිය නානා තමා. අර කාලා බලපු නැති නානා.

      Delete
  2. මේ වෙන, වෙන්න තියන දේවල් එක්ක පපුව රිදෙන එක අහන්න දෙයක් නෑ ඉතින් 🤣

    ReplyDelete
  3. සියලු දේ නැසෙන සුළුයි. නෑ මේ නිකන් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරියට හරි. ඒත් මේ අප්පුහාමිල හිටියෙ නිකං අමරණීය අජරාමර බුවාල වගෙ නෙ ඒ කාලෙ

      Delete
  4. දරුවෝ ටික හදාගෙන මිනිහව යහමගට අරගෙන ජීවත්වුනාම් අද ඔය වගේ රටින් පැනලා යන්න වෙන්නේ නැහැනේ. අනෙක හොරකම් කරලා කරලා අන්තිමේදී ඇබ්බැහි වුනා හොරකම් කරන්නේ නැතිව ඉන්න. යෝෂිත වෙනුවෙන් තජුදීන් අරලියගහමන්දිරයට ගෙනල්ලා ඇට දෙක කපලා දසවද දීලා මරලා බොඩි එක අනුර සේනානායකට බාර දීලා කරපු හරිය දැන් සාක්ෂි සහිතව හෙලිවෙගෙන එන්නේ. මිනිහා සරත් ෆොන්සේකාගේ යුධ ජයග්‍රහණයත් හොරාකාල රට බේරාගත්තා සෙන්පතියව හිරෙත් දැම්ම. මුන්ව නම් විදුලිපුටුවට යවලත් මදි

    ReplyDelete
    Replies
    1. උගන්ඩා කික්කිSeptember 17, 2026 at 7:52 PM

      අනෙක හොරකම් කරලා කරලා අන්තිමේදී ඇබ්බැහි වුනාලු. හරියට හරි.

      ප්ලේන් තුනකින්ම උගන්ඩාවට සල්ලි පැටෙව්වනෙ,
      බුදු අම්මෝ මොනතරම් සල්ලි කන්දරාවක්නම්  හොරකම් කෙරුවද?

      Delete
  5. කරන කලට පව් මීපැනි සේ,.September 17, 2026 at 12:45 PM


    අහින්සක මිනිසුන්ගේ පරිප්පු ග්‍රෑම් සීයයට ගිනිපෙට්ටියට බදුගසා ,.බදු මුදල් රිසිසේ අවභාවිතාවේ යොදවා ප්‍රතිළාභ ලැබූ සියල්ල ඵල්ලා මරා දැමීම හෝ සියළු දේපළ රාජසන්තක කර දිවි තිබෙන තුරාවට බරපතළ වැඩ සහිතව සිරගත කළ යුතුයි,.!
    ''බර පතළ වැඩ'' යනු බදු මුදලින් ක් කා බිබී සිරගෙවල්වල හිඩැස් පිර වීම නොවන බවත්,.
    රජයට සිදුකළ පාඩුව පියවීමට දිනපතා වැඩ කළයුතු බව අවධානයට,.!

    ReplyDelete
  6. සැප සැප ආ...

    ReplyDelete
  7. හොරු සිංගප්පූරුවේ සිට සැපක් ගනී... අර දුමියත් අවුරුදු කාලයක් නර්ස්ලා මුරිකුවේ මේකේ හැංගිලා තමා....

    ReplyDelete
Previous Post Next Post