විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ අසනීප තත්ත්වයන් මවාපාමින් විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳ පුළුල් සොයා බැලීමක් සිදු කර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස රජය බුද්ධි අංශ වෙත නියෝග කර තිබේ.
ඒ අනුව, එවැනි පුද්ගලයින් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් වෙත උපදෙස් ලබාදී ඇත.
චෝදනාවලට ලක්ව සිටින ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව, විවිධ විමර්ශන ආරම්භ වීමත් සමඟ මෙරටින් පිටව ගොස් නැවත නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද බුද්ධි අංශ මේ වන විට කරුණු රැස් කරමින් පසුවේ.
එලෙස විදේශගතව සිටින පුද්ගලයින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විටත් හිටපු මැතිඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 60 දෙනෙකුට ආසන්න පිරිසකට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.
මේ අතර, පසුගිය කාලසීමාව තුළ විවිධ පොදු සමාවන් යටතේ නිදහස ලැබූ ඇතැම් පුද්ගලයන් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.
එම පුද්ගලයන් නිදහස් කිරීම නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුකූලව සිදුවූවක් ද යන්න සොයා බැලීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වී තිබේ.
Government Launches Investigations into Allegations of Corruption Among Politicians and Officials
In a significant move, the government has directed intelligence agencies to urgently compile a detailed report concerning politicians, senior government officials, and their family members who are allegedly attempting to flee the country amid various corruption allegations. This initiative comes as investigations are set to commence regarding these serious charges.
Teams from several intelligence units have been instructed to closely monitor individuals involved in these allegations. Reports suggest that a special inquiry will be conducted to verify the accuracy of medical reports submitted by certain politicians and their close associates.
Additionally, intelligence sources are gathering information on several politicians who have departed the country and failed to return, following the initiation of these numerous inquiries. Discussions regarding the potential repatriation of these individuals at a state level are already underway, according to security sector insiders.
The Commission to Investigate Allegations of Bribery or Corruption is currently investigating approximately 60 individuals, including former ministers, public officials, and their family members, linked to these corruption allegations.
Furthermore, judicial sources report that a special investigation has begun concerning several individuals who have recently been granted amnesty under various public pardons. The main objective is to determine whether their release adhered to legal procedures.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

pohottu ballige puthala redde rewenna yanne
ReplyDeleteවයිරය වපුරනවා
Deleteචෝදනා තියන අය රැකගන්න, වංචා කල මුදලට වැඩි මුදලක් වියදම් කරනවා අර රනිල්ගේ කේස් එකට වගේ. මොන මරිමෝඩ ආණ්ඩුවක්ද මේ.
ReplyDeleteමොන විහිලුද බං මේවා. කෝ මේ ආන්ඩුවෙන් රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරපු ප්‍රොජෙක්ට්? කෝ යටිතල පහසුකම් දියුණු වෙනවා? කටින් නම් වැඩ කෝටියයි. හැබැයි කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක පේන්ට් කරපු එක ඇරෙන්න වෙන කිසිම වැඩක් කරලා නැහැ. පටන් ගන්න හිතලා වත් නැහැ. අදටත් විවෘත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පහුගිය ආන්ඩු වලින් පටන් ගත්තු වැඩ විතරයි.
ReplyDeleteඈ, කොච්චර නම් Project වෙනවද රටේ. කුහක නොවී අගයමු.
Deleteමෙන්න මාලිමාව පටන් ගත්තු ප්‍රොජෙක්ට්.
1. සිංහල බෞද්ධයන් විනාශ කර දැමීමේ ව්‍යාපෘතිය. වසර 2ක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර සියලු කැබිනට් අමාත්‍යාංශ, හමුදාපති, ගුවන් හමුදාපති, ආරක්ශක ලේකම් ඇතුලු තනතුරු සියල්ල බෞද්ධ විරෝධී, අන්තවාදී කතෝලිකයන්ට ලබා දී ඇත.
2. වසර 2500ක් පරණ සංස්කෘතිය විනාශ කිරීමේ ව්‍යාපෘතිය. පෙරහැර ආදී සිංහල සංස්කෘතික වටිනාකමක් ඇති සියල්ල විනාශ කිරීම අති සාර්ථකව ක්‍රියාත්මක වේ. සමාජ මාධ්‍ය හරහා බෞද්ධයන්ට දිගට හරහට පහර එල්ල වේ.
3. ඉස්ලාමය සහ බොර්න් අගේන් වැනි අන්තවාදී ආගම් ප්‍රචාරණය වේගවත් කිරීම
4. LTTEය නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතිය. වන්නි කැලෑවේ අලුත් බිල්ඩින් සාදමින් ගාමන්ට් යැයි කියමින් අමුතු දේවල් කරන අතරේ එලිපිටම කොටි ප්‍රතිමා ඉදිකිරීමට ඉඩ ලබා දෙමින් හමුදාව සොල්දාදුවන් යැයි කෝචොක් කිරීම.
5. මාලිමාව සදාකාලික නායකත්වයේ තියන ව්‍යාපෘතිය 22 වන සංශෝධනය හරහා බලාත්මක කෙරේ.
ඔය තියෙන්නෙ බං ප්‍රොජෙක්ට් නේ. ඕවා නියමෙටම ක්‍රියාත්මකයි.