ඉරාන බෝම්බයකින් හෝමුස් හිදී තෙල් නැවක් පුපුරා යයි.. ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..


 සිය පූර්ව කොන්දේසි සම්පූර්ණයෙන්ම සපුරාලන්නේ නැතිව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු සාකච්ඡාවකට එළඹෙන්නේ නැතැයි ඉරාන ආරක්ෂක අංශ ප්‍රධානීහු අවධාරණය කරති.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාවික බිම්බෝම්බයක ගැටීමෙන් දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන විනාශ වීම සහ කලාපීය ආරක්ෂක අර්බුදය යළි උග්‍රවීම මධ්‍යයේ ඉරානය මෙම දැඩි ස්ථාවරය ප්‍රකාශ කර ඇති බව චයිනා ඩේලි වාර්තා කරයි.

ඉරානය ආර්ථික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති රටක් බවත්, වොෂින්ටනය සමඟ ඉතා ඉක්මනින් සහ ඕනෑම අයුරකින එකඟතාවකට පැමිණීමට ටෙහෙරානය අපේක්ෂා කරන බවටත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි මෙම අදහස් පළ කර ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විටෙක සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් සහ තවත් විටෙක සාකච්ඡාවලට සූදානම් යැයි පවසමින් පරස්පර ප්‍රකාශ නිකුත් කළද, ඉන් නොමඟ නොයන ලෙස ඔහු පෙන්වා දෙයි.

තෙල් වෙළෙඳපොළ සහ සමුද්‍ර සන්ධි ආශ්‍රිත ආරක්ෂක සමීකරණ මේ වන විට මුළුමනින්ම වෙනස් වී ඇති බව අවධාරණය කරන රෙසායි, ඉරානයේ කොන්දේසි පිළිගන්නා තුරු කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බව තරයේ ප්‍රකාශ කර තිබේ.

ලෙබනනය ඇතුළු සමස්ත කලාපයේම පවතින ගැටුම් අවසන් කිරීමේ අරමුණින් පසුගිය ජුනි 18 වනදා දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ දින 60ක් ඇතුළත සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, දෙපාර්ශ්වය අතර හටගත් නව උණුසුම්කාරී තත්ත්වය හමුවේ පසුගිය අගෝස්තු 17 වනදායින් අවසන් වූ එම සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව පුවත්පත සඳහන් කරයි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ තහනම් දකුණු මුහුදු කලාපය ඔස්සේ යාත්‍රා කිරීමට උත්සාහ කළ "EL GAIA" නමැති දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවක් නාවික බිම්බෝම්බයක ගැටීමෙන් පිපිරීමකට ලක්ව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික අංශය තහවුරු කර තිබේ.

එම උපායමාර්ගික මුහුදු තීරය තවදුරටත් වසා දමා ඇති අතර, එය සිය නාවික හමුදාවේ පූර්ණ පාලනය යටතේ පවතින බව පවසන ඉරානය, සිය නාවික රෙගුලාසි කඩකරන නෞකාවලට රක්ෂණ හෝ වෙනත් කිසිදු පහසුකමක් ලබා නොදෙන ලෙස ජාත්‍යන්තර නාවික ආයතන වෙත දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

ඊට අමතරව, දකුණුදිග ඉරාන වෙරළ තීරයේ ලාරක් දූපත ආසන්නයේදී ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ධීවරයින් පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉරාන මෙහ්ර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික පෙරමුණේදී, ඕමානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුව සෞදි අරාබියේ ඉල්ලීම මත කල් දමා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝායි සඳහන් කළේය. එසේම, වියානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) 70 වන සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රධානී මොහොමඩ් එස්ලාමිට ඔස්ට්‍රියානු රජය විසින් වීසා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉරානය දැඩි රාජ්‍යතාන්ත්‍රික විරෝධය පළ කර ඇත.

ඇමෙරිකාවේ සහ බටහිර රටවල බලපෑම මත ඔස්ට්‍රියාව ගෙන ඇති මෙම පියවර හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් රාජ්‍යතාන්ත්‍රික යුද්ධයක් මෙහෙයවන බවට චෝදනා කරන ඉරානය, ටෙහෙරානයේ සිටින ඔස්ට්‍රියානු තානාපති නිලධාරියා කැඳවා සිය විරෝධය නිල වශයෙන් දැනුම් දී ඇත.





Iran Dismisses Talks with U.S. Amid Regional Tensions and Maritime Incidents

Iran's security officials have firmly stated that they will not engage in discussions with the United States unless all preliminary conditions are fully met. This stance follows a significant maritime incident in the Strait of Hormuz, where a massive oil tanker was engulfed in flames after a collision with a naval vessel, marking a potential escalation in regional security crises.

The current economic downturn in Iran has stirred aspirations within Tehran for a swift agreement with Washington, a sentiment echoed by Mohsen Rezai, the secretary of the National Security Council, in response to comments made by U.S. President Donald Trump. The president's mixed signals—sometimes rejecting discussions while at other times appearing open to dialogue—reflect a complex diplomatic landscape.

Rezai highlighted that the context of the oil market and geopolitical security has shifted dramatically, asserting that negotiations will not occur until Iran's conditions are acknowledged. This rigidity comes despite previous efforts to foster dialogue under a June 18 agreement aimed at resolving conflicts throughout the region. However, the situation has soured, rendering those discussions inactive since mid-August.

Iran's naval forces confirmed that the "EL GAIA," a large oil tanker attempting to transit through the restricted southern maritime zone, was completely destroyed following an explosion caused by its collision with a naval vessel. This incident has further tightened Iran's control over the strategic shipping lanes, with warnings issued to international maritime organizations against providing assistance or protection to vessels violating Iranian maritime regulations.

Additionally, reports emerged of a drone strike near the Larak Island on Iran's southern coast, which left several fishermen missing. Rescue operations have reportedly been initiated to locate and recover the individuals involved.

In the domain of diplomacy, a special meeting planned in Oman involving Iranian and Gulf region foreign ministers has been postponed at Saudi Arabia's request, according to Iranian Foreign Ministry spokesperson Ismail Baghaei. This announcement follows Iran's vehement opposition to the Austrian government's denial of a visa to Mohammad Eslami, head of Iran's Atomic Energy Organization, intended for participation in the 70th session of the International Atomic Energy Agency in Vienna.

Iran has accused Austria of contravening international law and conducting a state-sponsored war through such actions, asserting its objections to the Austrian ambassador in Tehran. The increasing strain in Iranian-Western relations continues to shape the region's security dynamics in unpredictable ways.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post