කොළඹ වරාය පරිශ්‍රයේ සැකකටයුතු භාණ්ඩ අඩංගු කන්ටේනරයක් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට ද පියවර ගෙන ඇත.
සහල් අඩංගු බහාලුමක් ලෙස අඟවමින්, නීතිවිරෝධී ලෙස ඉන්දියාව වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ පිත්තල භාණ්ඩ තොගයක් පිළිබඳව ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, අදාළ කන්ටේනරය විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
මීට පෙර ද කොළඹ වරායේ බහාලුමක සඟවා තිබූ රුපියල් කෝටි අටසියයකට අධික වටිනාකමකින් යුත් අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සොයාගනු ලැබුවේ පොලිසියට ලද තොරතුරකට අනුවය.
Police Launch Major Investigation into Suspicious Container at Colombo Port
Authorities have initiated a comprehensive investigation following a tip-off regarding a container suspected of carrying illicit goods at the Colombo Port. The Colombo Central Criminal Investigation Department has taken charge of the inquiry, which includes reporting the findings to the Colombo Magistrate's Court.
Reports suggest that the investigation is linked to a consignment of counterfeit goods disguised as sugar, allegedly prepared for illegal transportation to India. The container is expected to be opened and examined as part of the ongoing probe.
This development comes on the heels of a previous incident at the Colombo Port, where law enforcement uncovered 472 kilograms of ICE drugs, valued at over 800 million rupees, hidden within a shipment based on similar intelligence received.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොලිසියෙ උන් අන්න ඒ බය තියා ගනින්. දැන් රට පාලනය කරන්නෙ මාලිමාවේ අපි.
ReplyDeleteඋඹ හෝ උඹගෙ නෑයො ලංකාවෙ ඉන්නවනම් උඹලත් ඒ බය තියා ගනිල්ලා. තාම බීශනේ පටන් ගත්තා විතරයි. බොරු චෝදනා දාලා නාමල්❤ හිර කරන් හංදි ගානෙ පච කෙලිනවා අනුර. 🤮🤮රට අදුරට🌑🌑
Delete