මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ආපදා තත්ත්වය අතරතුර කලා වැවේ සැඩ පහරට හසුවූ බස් රථය සහ එහි සිටි මගීන් මුදාගැනීම සඳහා රජය සහ ආරක්ෂක අංශ අතිශය විධිමත් අයුරින් කටයුතු කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම තීරණාත්මක මොහොතේ ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකවම ආරක්ෂක මූලස්ථානය වෙත පැමිණ මෙහෙයුම් කටයුතු සෘජුවම අධීක්ෂණය කළ බවයි.
කිසිදු අඩුපාඩුවක් සිදු නොවන අයුරින් ආපදා සහන සහ මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත් බව ද ඔහු සිහිපත් කළේය.
එමෙන්ම, ජල ධාරාවට හසුව අනතුරට පත් වූ බස් රථය මුදාගැනීමේ මෙහෙයුමේදී ද ආරක්ෂක අංශ ඇතුළු බලධාරීන් සියලු පියවර ක්‍රමවත්ව හා ක්ෂණිකව ක්‍රියාත්මක කළ බවත්, එම මුදාගැනීමේ කටයුතු නිසි සැලසුමකට අනුව සාර්ථකව සිදු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government and Security Forces Efficiently Rescue Bus Passengers During Adverse Weather Conditions
In the wake of the recent 'Dithwa' cyclone that caused significant disruptions, the government and security forces efficiently executed a rescue operation for a bus caught in perilous circumstances, as revealed by Deputy Minister of Defence Aruna Jayasekara in Parliament.
Clarifying the government's response during the emergency, the Deputy Minister noted that at the critical moment, the President personally visited the security headquarters to oversee the operation directly as the Commander of the Tri-Forces.
He emphasized that the President took necessary measures to ensure that there were no lapses in coordinating the rescue and relief efforts.
During the operation to free the bus, which had been endangered by rising water levels, security forces and officials acted systematically and promptly. He further underscored that the rescue was executed successfully, adhering to a well-prepared plan.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

DITTA WALADI
ReplyDeleteANITH MINISSUTH BAS EKAKATA GODA UNA NAM HARI
why did not he act swiftly to notify pepople before Ditwa??? Oh , he was busy meeting Ranja, so people died in their sleep.
ReplyDeleteThat means AKD has to do everything. No trust on people like you.
ReplyDeleteඅනේද කියන්නෙ, කලාවැවේ හිරවෙච්ච බස්එකක් බේරගන්ඩ ජනපති කෙනෙක් ඕනැද?
Deleteබස් එකක් බෙර ගන්න ලපය පැමිණි වගය් දැන් උට ඒවත් කරන්න වෙළද
Deleteඒ වෙලාවේ ජනාධිපති තුමා පෙන්වපු ඒ ශ්‍රේෂ්ඨ එඩිතර බව ඇත්තෙන් ම උත්කෘෂ්ටයි, අනභිභවනීයි. එතෙක් මෙතෙක්.. ලංකාවේ රාජ්‍ය නායකයකු විසින් පෙන්වන ලද නිර්භීතම වික්‍රමයකි - මවට පැලවත්තේ ඩෝබිලා, සට්ටැඹි. රාළලා හා වන්දි භට්ටයින්.
ReplyDeleteගංවතුරට අහුඋන බස් එකක් බේරා ගන්න ජනාදිපති ඕනද? ඊයා… ලැජ්ජයි… හිරිකිතයි…. පොඩ්ඩක් කල්පනා කරල බලන්න… බොරුද මම කියන්නෙ … අම්මප
ReplyDelete