සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු (Bus Priority Lanes) නීතිය දැඩිව බලාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ නම් කරන ලද ප්‍රමුඛතා මංතීරු 7ක උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි.
අදාළ කාල සීමාවන් තුළ එම මංතීරුවල අනෙකුත් වාහන ධාවනය කිරීම හෝ නතර කර තැබීම සපුරා තහනම් වේ. හදිසි ආපදා තත්ත්වයකදී, අනතුරක් වළක්වා ගැනීමට, දැඩි මාර්ග බාධාවකදී හෝ හැරවීමක් සිදුකිරීමට අවශ්‍ය අවස්ථාවලදී හැර සාමාන්‍ය වාහනවලට එම මංතීරු වෙත ඇතුළු වීමට අවසර නොලැබේ.
නව මෙට්‍රෝ බස් රථවලට අමතරව අනෙකුත් මගී ප්‍රවාහන බස් රථ සඳහා ද මෙම ප්‍රමුඛතා මංතීරු භාවිත කළ හැකි අතර, අදාළ නීති කඩකරන රියදුරන් සොයා දැඩි පරීක්ෂාවන් සිදුකර නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.
Police Enforce Strict Bus Priority Lane Rules in Colombo
Starting September 29, the police are taking decisive action to enforce the new Bus Priority Lane regulations across Colombo and surrounding areas.
Assistant Superintendent of Police Manoj Ranagala from the Vehicle Control and Road Safety Division announced that these designated bus lanes will be operational from 6:00 AM to 9:00 AM and from 4:00 PM to 7:00 PM in the Western Province.
During these designated hours, it is strictly prohibited for any other vehicles to operate or stop within the bus lanes. Exceptions will only be made in emergency situations, such as when avoiding an accident or navigating severe road obstructions, but regular vehicles will not be allowed access to these lanes.
In addition to the new metro buses, other public transport vehicles will also be permitted to use these priority lanes. The police emphasized that drivers violating these regulations will face stringent inspections and legal repercussions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉස්සරත් ඕක තිබුණ. විප්ලවවාදී මෝඩයො විරුද්ධ වුනා
ReplyDeleteපාඨලී පටන් අරන් කරේ. ඒක හිතපු තරම් සාර්ථක නැති නිසා පාඨලීම කිව්වා ඕක නතර කරමු කියලා.
Deleteඕකට ප්‍රශ්න වෙච්ච හේතු ගොඩක් තිබුනා.
Deleteඅපේ පාරවල් ප්‍රමාණවත් මදි. මිනිස්සු කාර්, කැබ් වලින් එන ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඊට පස්සේ තමයි බස් ලේන් වැඩි කරන්න පුලුවන්. ඒත් මිනිස්සු කාර් අතෑරියෙ නැහැ. කොලඹ පාරවල් වලට පුද්ගලික වාහන වැඩිපුර දැම්මාම උදේට හෙල්ලෙන්න ඉඩක් නැහැ. කලින් වතාවේ වෙච්ච ප්‍රශ්න අඳුරගෙන ඒව විසඳගෙන ආපහු ක්‍රියාත්කම කිරීම වෙනුවට ලංකාවේ ඉස්සෙල්ලම කරා වගේ 2000න් පස්සේ බූරුවො ටික අන්දන්න කරන මේ වැඩෙන් වෙන්නේ හදිසියකට වත් කොලඹ යන්න බැරි වෙන එක විතරයි.
අදහසක් හැටියට හොඳ දෙයක්. මෙම උත්සාහය මිට පෙර ද දරා ඇති බවට මතකයක් තිබෙනවා. එය අසාර්ථක වීමට හේතුව සොයාබැලීම කල යුතු දෙයක්. මක් නිසාද එදා වැරදුන තැන මෙදා නිවැරදි කර ගත යුතු බැවින්.
ReplyDeleteමෙහිදී එක්තරා කරුණක් සිහිපත් කල යුතුව තිබෙනවා . එක මන්තිරුවක පේලියට යන බස් එකා පසුපස යා යුතුයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන රටවල බස් රථ ගමන් කරන්නේ කාල සටහනට අනුවයි එමනිසා එක පේලියට බස් රථ ගණනාවක් මෙමෙ මන් තීරුවේ පෙළ ගැහෙන්න තියන අවස්ථා අවම කරන්න පුළුවන්. එක ළඟ බස් කීපයක් තිබුනත් ඒවා කල සටහනට අනුව යන නිසා ගැටලුවක් නැහැ.
නමුත් ලංකාවේ තත්වය වෙනස්. ලංගම සහ පුද්ගලික බස් වලට අමතරව ළඟ සහ දුර ගමන් සේවා වල බස් රථ එකම මන් තීරුවක යැවීමෙන් දුර ගමන් බස් වලට අනවශ්‍ය කාලයක් මෙමෙ මන්තිරුවේ ගත කරන්න වෙනවා.
කාල සටහන අකුරටම ක්‍රියාත්මක කිරීම මෙමෙ ක්රමයේ සාර්ථකවයට ඉතාම වැදගත්
රෙද්ද තමයි. උදේට බස් කීයක් එනවද ගාලු කොලඹ පාරේ, නුවර කොළඹ පාරේ.
Deleteඑකපාරක් ඕක කරා පාඨලී මෙහෙයුම් ව්‍යාපෘතියක් විදියට. හරි ගියේ නැහැ. ජෙබ්බො ටික ආපහු පටන් ගන්නවා, මොකද උන් මේ රටට කරපු ලබ්බක් නැහැනේ. දැන් වේදිකාවේ කියන්න දේකුත් නැහැ.
ඕක හරියන්නේ නැහැ...ලංකාවේ පාරවල් පටුයි. අදිවේගී මාර්ගත් ලෙන් දෙකට බොහෝ ප්‍රදේශවල හදල තියෙන්නේ...මෙ අදහස් ක්‍රියාත්මක කරමු. අලුතෙන් පොලව යටින් බස් වලට විතරක් යන්න උමන් පද්දතියක් හදන්න....මාලිම ජෙප්ප ලොකුවට කෑ මොර දෙනවනේ ටට සුබයි කියලා....දැන් කරලා පෙන්නපල්ලා.
ReplyDelete