සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ දෙමාපියන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියෝ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
ඔවුන්ගේ ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කළේය.
විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයද සිවරාසා අනෝජන් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින්, සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ සිවරාසා අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින්, ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නීතිපති පාරින්ද රණසිංහ යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Parents of Sri Lankan Youth Sentenced to Death in Saudi Arabia Meet with President
The parents of Shivaraasa Anojan, a young Sri Lankan sentenced to death in Saudi Arabia, held an urgent meeting with President Anura Kumara Dissanayake at the Presidential Office. This encounter focused on the dire situation surrounding their son, leading them to request immediate intervention to safeguard his life.
During the meeting, the president acknowledged their concerns and noted that the government is making every possible effort to secure clemency for Anojan. He reassured them that steps are being taken at both ethical and diplomatic levels to address the matter.
In particular, the president mentioned the intention to formally request the Saudi King for a pardon on behalf of Anojan through diplomatic channels.
The Ministry of Foreign Affairs, along with the Sri Lankan Embassy in Saudi Arabia, is actively monitoring the situation. Minister of Foreign Affairs, Foreign Employment, and Tourism, Wijitha Herath, confirmed that necessary actions are being undertaken with Saudi authorities to secure Anojan's release.
Also present at the meeting were Deputy Minister of Religious and Cultural Affairs, Muneer Mullafeer, and family members of Anojan, highlighting the communal support behind the efforts to save him.
A strategic discussion led by President Dissanayake took place at the Presidential Office to explore potential next steps regarding Anojan's case. The conversation revolved around the actions currently underway and the legal measures that could be adopted in the future to rescue the young man.
The president has directed officials to ensure ongoing diplomatic efforts with relevant authorities in Saudi Arabia, stressing the urgency of the situation.
In his address, the president reiterated the government's commitment to the safety and well-being of Sri Lankans abroad, emphasizing the necessity for close coordination among all involved ministries and institutions in approaching these pressing matters.
The meeting witnessed the participation of several notable figures, including Deputy Speaker Rishvi Salih, Western Province Governor Hanif Yusuf, Secretary of the Ministry of Foreign Affairs Aruni Ranawaka, Secretary of the Ministry of Defence, retired Air Vice Marshal Sampath Thuyyankontha, and Attorney General Sanjaya Ranasinghe, alongside various officials from the Ministry of Foreign Affairs, Foreign Employment, and Tourism.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙනං සෞදියේ ඉන්න අනිත් ලංකාවෙ උනුත් පරිස්සමෙන් ඉඳපල්ලා.
ReplyDeleteදන්නවනේ බොසා ගේමට බැස්සොත්. ආයෙ මහදැන මුත්තා පරාදයි.
ඉතින් ඉස්සෙල්ලා මුට්ටිය බේරගන්න බෙල්ල කපලා,
Deleteඊට පස්සේ ඔලුව බේර ගන්න මුට්ටිය බිඳිනවා.
මාලිමාවත් ඒ වගේ. ඉස්සෙල්ලාම ඇපීල් එක දාලා මරන දඬුවමක් ගත්තා,
ඊට පස්සේ මහ ජෙප්පා බැහැලා සෞදි රස්සා ටිකත් නැති කර ගන්නවා.
කොහොමද ටිකිරි මොලේ.
අනුරයෝ, කියාපන් උඹලා එකෙක් මැරුවොත් අපි මෙහේ 100ක් මරනවා කියලා.
ReplyDeleteආනේ එහෙම කියන්න බෑනේ. සූකිරි කැටේට ඉන්න මුස්ලිම් සල්ලි ටික නැති වෙනවනේ. ඊබ්‍රහිම් නානා උනත් එච්චර සතුටු වෙන එකක් නැහැ.
සිංහල උන්ට තව සහජීවනේ කියලා දීපල්ලා.
ReplyDeleteඋඹලයි උනුයි අන්තවාදය පතුරුවද්දී, සිංහල මෝඩයො නිදාගෙන ඉඳීවි එතකොට.
එයාලා සූටි බබාලා. පාස්කුවේ බෝම්බ ගැහුවේ නෑ එයාලා හරීම අහිංසකයි.
Deleteසහරාන්ට කලු ඇඳුම් අන්දවලා, බෝම්බ ගහන්න හොඳේ සූටි පැටියෝ කියලා උක්කුන් බබාල සවට්ටලා යවලා තියෙන්නෙ රාජපක්ශ මාමිලා. එයාලා හරීම නෝටි. රාජපක්ශ මාමිලා එලවලා අපි ඒ අහිංසක මුස්ලිම් බබාලට බලය දෙමු. එයාලා මලක් වගේ අනිත් ආගම් වල අයට ගරු කරනවා. පුදුම සාමයක් ආදරයක් තියෙන්නේ. ඔය මැද පෙරදිගත් වෙන්නේ එකනේ. මේ දරුවත් නිකන් බය වෙලා. තණකොල කපන්න කඩු ගෙනාවේ. ඔයාට මොකුත් කරන්නේ නැහැ සූටියො හොඳේ. බය වෙන්න එපා.
අපරාදෙ නිකන් රටේ සල්ලි නාස්ති නොකර ඉඳපන් අනුර. උඹ කරයි ලබ්බක්.
ReplyDeleteඅන්න හරි. ඔය බැරිවැඩ නොකර අර ලංකාවෙ සිරඳඬුවම් නියමවෙලා තියෙන ඥාණසාර හාමුදුරුවන්ට ජනපති සමාව දීපන්.
Deleteමෙතුමා අතට හරි කටට හරි අරගෙන අන්තිමට අරාබිකාරීන්ට කියලා හොඳට ඇරගන්න පාටයි. ,මතක නැත්තං මතක් කරගන්න , ඉන්දියාවේ මෝදි අගමැතිමත් මෙයාගේ කරට ඇත දාගෙන ගිහිල්ලා ලංකාවටම ඇරලා තිබුණා
ReplyDeleteමෙහෙමයි මේ ඉල්ලීම ලැබෙනවා එක සුවර්
ReplyDeleteඒ වගේම MCC ගි වි සු ම ක්‍රියාත්මක වෙනවා වෙන නමකින් .සම්බන්ධය හොයා ගනිල්ලා
මුලින්ම කරන්න තිබුනන ඇපීල් කරල මරවන්නෙ නැතුව
ReplyDelete