තමන් සමඟ කිසිදු කතාබහක් නොපවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට තහනමක් (Sanction) පනවා ඇති බවට ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, තමන් සමඟ කතාබස් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා විසින් සිය පක්ෂ නායකයින්ට එවැනි සීමා පනවා ඇති බවය.
නමුත් පක්ෂයේ මෙන්ම රජයේ බොහෝ පිරිස් තවදුරටත් තමන් සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවත් හෙතෙම ඒ සටහනේ සදහන් කර ඇත.
ඉතා මෑතක් දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කළ උවිඳු කුරුකුලසූරිය මහතා, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෑතකාලීනව වත්මන් පාලනය සහ එහි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම දැඩි විවේචන එල්ල කරමින් සිටියි.
President Discourages Dialogue with JVP Leaders, Claims Journalist
In a surprising revelation, journalist Uvindu Kurukulasuriya, currently based in London, has disclosed that President Anura Kumara Dissanayake has imposed restrictions prohibiting leaders of the Janatha Vimukthi Peramuna (JVP) from engaging in discussions with him.
Taking to his Facebook account, Kurukulasuriya highlighted that the President has barred conversations with party leaders, indicating a significant shift in the political landscape.
Despite the restrictions on dialogue, Kurukulasuriya noted that several factions within the party, as well as the government, continue to exchange information with him, suggesting a complex web of communication remains intact amid political tensions.
Having previously acted as a close confidant to President Dissanayake, Kurukulasuriya has been vocal on social media in recent weeks, critiquing the current administration's operations, particularly in light of the 22nd constitutional amendment and other pressing issues.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


මං පොර ජාතකය - උබිඳු කුරුකුරු කුරුකුරු
ReplyDeleteඅනුර හා ජෙප්පන්ව බලයට ගේන්න උදව් කරපු අයට මොහම කපන්නේ ලොකු ජෙප්පෝ දැන් ධනපති වෙලා නිසා. නිර්ධන පංතිය, පීඩිත පංතිය දන්නේ නෑ උං රැවටුනේ මේ වාගෙ හොරුන්ට කියා. ජෙපි ලොක්කො දැං කියන්නේ උං පාරම්පරිකව පොහොසත්තු කියා.
Deleteපැලවත්තෙන් පඩි ලබන රදව් ඩොබිලාගේ කොමෙන්ට් නිසා ආණුඩුවට තියෙන සොච්චමත් සීඝ්රයෙන් නැති වෙනවා.
Delete