දුෂ්කර හා දුරස්ථ ප්රදේශවල සේවය කරන විශේෂඥ වෛද්යවරුන් මුහුණ දෙන ප්රවාහන ගැටලුවලට විසඳුම් ලෙස 22/99 චක්රලේඛයට අනුකූලව ප්රවාහන පහසුකම් හෝ සාධාරණ ප්රවාහන දීමනාවක් කඩිනමින් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයඅවධාරණය කරයි.
එම සංගමයේ ලේකම් වෛද්ය යු. කේ. බී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්ය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය ගැටලුව නොසලකා හැරීම හරහා විශේෂඥ වෛද්යවරුන් මෙරට රඳවා ගැනීම බරපතළ අර්බුදයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
රාජ්ය සේවයේ හඳුනාගත් විධායක ශ්රේණියේ නිලධාරීන් වෙනුවෙන් 1999 වසරේ සිට ක්රියාත්මක වන 22/99 රාජ්ය පරිපාලන චක්රලේඛයට අනුව ප්රවාහන පහසුකම් හෝ ඊට අදාළ දීමනා හිමිවන නමුත්, ඊට වඩා ඉහළ වෘත්තීය වගකීම් දරන සහ අදාළ සුදුසුකම් සපුරාලන විශේෂඥ වෛද්යවරුන්ට මෙතෙක් එම පහසුකම ලබා නොදීම බරපතළ අසාධාරණයක් බව එම සංගමය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්යවරයෙකුට යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුරස්ථ සහ දුෂ්කර පළාත්වල සේවයට වාර්තා කිරීමට සිදුවන අවස්ථාවලදී ඒ සඳහා වැයවන සම්පූර්ණ ප්රවාහන වියදම පෞද්ගලික වැටුපෙන් දැරීමට සිදුව ඇත.
පවතින ඉන්ධන හා ප්රවාහන ගාස්තු හමුවේ ඇතැම් වෛද්යවරුන්ට සිය මාසික වැටුපෙන් අඩකට ආසන්න ප්රමාණයක් ගමන් වියදම් සඳහා වැය කිරීමට සිදුව ඇති බවත්, පැය ගණනාවක් තිස්සේ රිය පැදවීමෙන් ඇතිවන කායික හා මානසික පීඩනය මාර්ග අනතුරු සහ ජීවිත අවදානම දක්වා වර්ධනය වී ඇති බවත් එම නිවේදනයේ විස්තර කර තිබේ.
විදේශ රටවල පවතින අතිවිශාල වැටුප් සහ වරප්රසාද සහිත අවස්ථා අත්හැර මවුබිමේ සේවය තෝරාගත් විශේෂඥ වෛද්යවරුන් මෙවැනි තත්ත්වයන් හේතුවෙන් දැඩි ලෙස කලකිරීමට පත්වන බව GMOA සංගමය පෙන්වා දෙයි.
පවතින නීතිමය හා පරිපාලන රාමුව තුළම විසඳුම් ලබාදීමට හැකියාව තිබියදීත්, ඒ සඳහා නිසි ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් දැනට මෙරට සිටින විශේෂඥ වෛද්යවරුන් විදේශ රැකියා සොයා යාමට මෙන්ම, විදේශ පුහුණුව ලබන වෛද්යවරුන් යළි මෙරටට නොපැමිණීමටද මෙය සෘජුව බලපාන බව ඔවුහු අනතුරු අඟවති.
විශේෂඥ වෛද්යවරුන් සඳහා ප්රවාහන පහසුකම් හෝ දීමනා සැලසීම යනු හුදු පෞද්ගලික වරප්රසාදයක් ලබාදීමක් නොව, සමස්ත රටේම ජනතාවට සෞඛ්ය සේවාව අඛණ්ඩව ලබාදීම සහතික කරමින් ජාතික සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරන ජාතික ආයෝජනයක් බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Government Urged to Address Transportation Issues for Specialist Doctors in Remote Areas
The Government Medical Officers' Association has called for immediate action to resolve the transportation challenges faced by specialist doctors working in difficult and remote regions. According to the association, the government must expedite the provision of transport facilities or reasonable transportation allowances in line with circular 22/99.
In a media release signed by the association's secretary, Dr. U.K.B. Warakagoda, it was emphasized that neglecting this professional issue could result in a significant crisis, jeopardizing the retention of specialist doctors in the country.
Since 1999, officials in the identified executive cadre of the public service have been eligible for transport facilities or related allowances under the 22/99 administrative circular. However, the association highlighted that it is unjust to deny such provisions to specialist doctors who bear higher professional responsibilities and meet the necessary qualifications.
For instance, a specialist doctor residing in the Western Province could incur substantial personal expenses when reporting for duty in remote areas like Jaffna, Monaragala, or Ampara. The complete cost of transportation for such assignments often falls on their private salaries.
Some doctors are reportedly spending nearly a tenth of their monthly income on travel costs due to rising fuel and transport fees. The physical and mental strain from long hours of driving has escalated, increasing the risk of road accidents and threatening lives, as outlined in the statement.
The GMOA pointed out that these conditions severely frustrate specialist doctors who have chosen to serve their home country, foregoing lucrative salaries and perks available abroad.
Despite the existing legal and administrative frameworks allowing for solutions, the lack of appropriate responses has prompted current specialist doctors to seek employment overseas, as well as encouraging foreign-trained physicians to reconsider returning to Sri Lanka. The association warns that this trend negatively affects the national healthcare system.
Providing transportation facilities or allowances to specialist doctors is not merely a personal benefit; it represents a crucial national investment aimed at ensuring the continuous delivery of healthcare services to the entire population and strengthening the national healthcare system, as reiterated by the Government Medical Officers' Association.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හැබැයි දේසපාලුවන්ට හැලිකොට්ටර් දෙක ගානෙ ඕන උඩිං යන්න
ReplyDelete