කතානායක නිවසේ බඩු පොත අතුරුදන්.. පුද්ගලික කාර්ය මණ්ඩලය කිවුවා කියා බංගලා බාරකරු කට උත්තර දෙයි..


හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ බඩු වට්ටෝරු පොත (ඉන්වෙන්ටරි ලේඛනය) අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි ලංකාදීප පුවත්පත අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව, හිටපු කථානායකවරයාට නිල නිවස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) නිල නිවසේ කළමනාකාරවරයාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. කොමිසම කළ දැනුම්දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ එම විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට තිබේ.

එහිදී කළමනාකාර පසන් අතුකෝරල මහතා පවසා ඇත්තේ, අදාළ බඩු වට්ටෝරු පොත භාරව කටයුතු කළ කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියා ළඟ එම ලේඛනය නොමැති බව තමා වෙත දැනුම් දුන් බවයි.

කථානායක නිල නිවස සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සේවක ලේඛන ඇතුළු සියලුම ලිපිගොනු මෙන්ම විදුලිය, ජලය සහ අනෙකුත් ගෙවීම්වලට අදාළ ලියකියවිලි ද සමඟින් බංගලා කළමනාකරු කොමිසමේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා කුලන්සිංහ මහත්මියට අල්ලස් කොමිසම මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබිණි.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.

මේ අතර, හිටපු කථානායකවරයාට ලබාදී තිබූ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා කුලන්සිංහ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් තිදෙනෙකු ද මීට පෙර අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණි. තවද, මෙම පැමිණිල්ල සිදුකළ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතාවලට අදාළ ලියකියවිලි තොගයක් ද ඔහු විසින් කොමිසම වෙත භාරදී ඇති බව එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.





Former Speaker's Inventory Records Reported Missing Amid Corruption Investigation

The official inventory records from the residence of former Speaker Mahinda Yapa Abeywardena have reportedly gone missing, according to a disclosure made to the Bribery Commission by the house's manager, Pasan Athukorala. This revelation has sparked concern regarding potential corruption and mismanagement linked to the allocation of the official residence.

In a recent development, the Bribery Commission conducted a thorough five-hour questioning session with Athukorala at the former Speaker's residence on allegations surrounding misappropriation and corruption. The inquiry commenced after the commission had been formally notified about these issues.

Athukorala conveyed that the inventory logs, which were supposed to be transferred from the Speaker’s office, could not be located, as informed by a member of the former Speaker's personal staff.

The commission has previously alerted Chinthana Kulansinghe, the Deputy Director (Administration) of Parliament, to prepare all relevant documentation, including worker records associated with the official residence, as well as paperwork concerning utilities and other payments for submission to the commission’s special investigations unit.

This investigation, initiated under the Anti-Corruption Act No. 9 of 2023, follows a complaint lodged by former Deputy Secretary General and Chief of Staff, Attorney-at-Law Chaminda Kulaaratne. The Bribery Commission had also summoned several high-ranking officials, including Kulansinghe, to clarify the privileges allotted to the former Speaker.

Additionally, statements have been recorded from the complainant, who provided the commission with a substantial volume of documents pertinent to the alleged incidents of corruption and mismanagement.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. කොහොමද හීරළුවා දීලා තියෙන ගේම.

    මුං ඇහුවොත් දෙයියෝ බුදුන් අදහල ඉන්නේ.

    මෙදා පොටේ නම් පුතා දෙයියෝ තමයි සාක්කි.

    පේනවනේ අපේ වැලිකඩ නියත ජනපතිට වෙච්ච දේ? සෙට් එකක් ගිහිල්ල දෙයියොන්ට කිව්වා පහුවදා හැරෙන තැපෑලෙන් දෙයියෝ දුන්නා තව නඩුවක්. 🤣

    වහල් බයියනේ තවත් දෙයියෝ එක්ක සෙල්ලම් කරපල්ලා. මෙදා පොටේ දෙයියෝ උඹලගේ පුකවල්වල ඇබ ගහලා බඩ යන්න බෙහෙත් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ බං කුහක වෙනවා කියලා ඔහොම වෙන්නත් 3පා. කුනුහරුප කියනවා කියල ඔහොම කියන්නත් එපා. ජෙපි මස් ගද එනවා

      Delete
    2. මුලින්ම හරි පින්තූරෙ දාගෙන වරෙන් බල්ලෝ.

      Delete
    3. මහින්ද යාපා කරපු හොරකමකට අපේ දොස්තර මහත්තයාගේ පින්තූරේ දාලා තියෙන්නේ මොකටද? පඩංගුව තහනම් කරගන්න වගේ ආස

      Delete
  2. ලංකට් චී කැලෑ පත්තරේ එකාට පින්තූර වැරදිලා. ඌ ඉන්නේ උදේ පාන්දරම බයියෝ චූන් කරන මෝඩ් එකේ. එකත් එකටම පණික්කියා මූට පස්සේ පලු අරිනවා ඇති, ගෑනි දෙන්නෙත් නෑනේ.

    ReplyDelete
Previous Post Next Post