උඩරට දුම්රිය ලබන මාසයේ සිට පේරාදෙණි එනවා...


 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වූ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි කටු පාලම ආශ්‍රිත ප්‍රදේශය සුළි කුණාටුවෙන් පසු ඇති වූ ජල ගැලීම් හේතුවෙන් යටවීම නිසා ඉදිකිරීම් කටයුතුවලට යම් බාධාවක් එල්ල වූ බවත්, ඒ හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, පවතින බාධක මඟහරවා ගනිමින් කඩිනමින් වැඩ අවසන් කර ලබන මාසය වන විට පේරාදෙණිය සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.





Final Repairs Underway on Railway Line Damaged by 'Ditva' Storm

The railway segment between Rambukkana and Peradeniya, heavily impacted by the 'Ditva' tropical storm, is currently in the final phase of renovation, according to Dr. Prasanna Gunasekara, the Deputy Minister of Transport and Highways.

Speaking to the media following a district coordination committee meeting at the Kandy District Secretariat, the Deputy Minister highlighted that construction activities faced some setbacks due to flooding in areas around the Katukithula bridge after the storm.

Despite these challenges, he expressed confidence that disruptions would be swiftly addressed, enabling the resumption of train services from Peradeniya to Colombo by next month.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිSeptember 3, 2026 at 7:59 PM

    මචන්, ගඟ උඩින් යන්ඩ ඕන් නෑ, ගඟ පතුල දිගේ යන්ඩ හදපන් වතුර අඩු කාලෙටවත් යන්ඩ පුළුවන්, මේක මුළු අවුරුද්දෙම යන්ඩ බෑ නේ පාලම අටව ගන්ඩ දන් නෑ නේ. පේරාදෙණියට එනකම් ඇවිත් ඵලක් නෑ. එතනින් එහාට යන්ඩ එපැයි නුවරට, මාතලේට, බදුල්ලට යන්ඩ.

    ReplyDelete
    Replies
    1. කමිටුවේ කිව්වේ එහෙමය් .

      ඉතින් කියල දැම්ම . පාලම් තියෙනවද දන්නේ නැහැ

      Delete
  2. කවද හරි එන්න එපායැ..

    ReplyDelete
Previous Post Next Post