ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ "සිහින ගමනාන්තය" ජනතා වැඩසටහන යටතේ, පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය අද (04) දින යළි ජනතා අයිතියට පත් කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්ව සේවා සහ මූල්‍ය දායකත්වය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා අරලිය සමූහ ව්‍යාපාරය රුපියල් ලක්ෂ 350ක (මිලියන 35ක) මූල්‍ය දායකත්වයක් ලබා දී තිබේ.
මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකම සුරකිමින් මගී විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, කාර්යාල පක්ෂය මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහාම නවීන සනීපාරක්ෂක පහසුකම් ද අලුතින් ස්ථාපිත කර ඇත.
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය මගී ජනතාවගේ පරිහරණය සඳහා නිල වශයෙන් පවරා දෙන ලදී.
පෞද්ගලික අංශය සහ රජය ඒකාබද්ධව සිදුකරන මෙවැනි ව්‍යාපෘති හරහා පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව මෙහිදී අවධාරණය කෙරිණි.
Polonnaruwa Railway Station Reopens After Major Renovation
Renovation efforts in Sri Lanka's railway sector culminated today with the reopening of the fully refurbished Polonnaruwa Railway Station. This landmark event is part of the "Dream Destination" public initiative to upgrade 100 railway stations across the nation.
Under the aegis of the Ministry of Transport, Highways, and Urban Development, the project was propelled by the collaboration of private sector entrepreneurs who provided essential services and financial contributions.
The Araliya Group was a significant financial partner in this ambitious undertaking, offering a remarkable Rs. 35 million (approximately $350,000) to facilitate the station's rejuvenation.
Retaining the historic value of the original structure, the renovated station now features modern passenger lounges, a spacious goods storage area, and updated restroom facilities catering to everyone, irrespective of gender.
During a ceremony led by business leader Dudley Sirisena, the station was officially handed over for public use, marking a critical step toward enhancing the travel experience for the local population.
Officials emphasized that such collaborations between the government and private sectors are vital for uplifting the quality of public transportation services in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.








ධනපති බංග වේවා. කියපු අය. ලැජ්ජයි.
ReplyDeleteනෑ..ජෙප්පෝ තමා වැඩ්ඩෝ
Deleteඩඩ්ලිගේ වියදමෙන්ම මේවා කරව ගන්නවා කියන්නෙ..
ඩඩ්ලි වක්‍රාකාරව බදු ගෙවන්නේ මේ..
සුපිරි ආන්ඩුවක්.. සතුරන්ගෙන්මයි වැඩ ගන්නේ..
Hamoma ubala wage parana dewal wala elligena inne na.loketh ekka issarahata yanawa. wenas wenawa. poddak aluth weyan lidema inne nathuwa
Deleteඑක පෑන් පාරෙන් හාල් මාපියාවටකෙලවනව කිව්ව නේද?
ReplyDeleteඩඩ්ලිගේ ධනය -> රජයට
Deleteindirect tax
මහපොළව ඉරිතලාගිය තඩි බොරැවක්,අන්තයටම බාළ ප්‍රමිතියෙන් තොර ගොඩ නැගිල්ලක් බව අවධානයට,.!
ReplyDelete"නවීකරණය කිරීමේ" does not mean New building bro...
DeleteNPP has different plan for the railway stations and bus stands + food transportation
සියලු ප්රමුඛ වියාපාරිකයෝ එක්සත්ව එක්සිත්ව එක පෙලට එක මිටට රජය සමඟ රට ගොඩනැගිමේ කර්තව්‍යයට මහඟු දායකත්වයක් දෙමින් සිටී. අපි පැතූ සිරි ලංකාව ගොඩනැගෙමින් පවතී. රටට සුබයි. යමු පෙරටම.
ReplyDeleteget ready to pay diesel mafia -Businessmen
Deletewith no coal for coalpower plant
වසර දෙකයි. රටට සුබයි.
Deleteප්‍රමුකම වියාපාරිකයන් රජය සමඟ පෙරට. එයයි මහපොළොවේ යථාර්තය
ලැජ්ජයි බිමල් ලැජ්ජයි. බීඩි සරතයා නම් හිගන්නා කොහොමටත් ධනපතියාගේ පුප ලෙවකනවා. බිමල් ධනපතියා ඉදිරියේ නැට්ට පුපේ ඔබාගෙන අත්පුඩි ගහනවා
ReplyDeleteහිහ්.. ලඟදිම ලොක්කා මේසෙට තව පාරක් හයියෙන් ගහයි.
ReplyDeleteජනතාව කන බත් පතට කෙලවපු ඩඩ්ලි මෙහෙම දෙයක්වත් කරන එක හොදයි එහෙම කලේ කොහොමද කියන එක ලොකු කතාවක් ගොවි ජනතාව කබලෙන් ලිපට කැසිනෝ සුදු කෙළියට බිලියන ගණන් වියදම් කරන මේ වියාපරිකයෝ මේ වගේ දේවල් කරන්නේ පවු හොදා ගන්නනේ
ReplyDeleteඋඹල ඔක්කොටම අමතක උනා , මොකා කලත් අපේ රටට තව හොද train station එකක් ලැබුණ කියන්න. ඒක නේද වෙන්න ඕනෙ ?
ReplyDelete